සෑම සතියේ දින පහේම සිරස ටීවී තුලින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය හැමොගේම හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.අභිමන් කල්පනා කරමින් සිටින තැනට පැමිණෙන විශාකා, මෙම ප්‍රශ්නය බැනගෙන කෑගසාගෙන විසඳා ගන්නට පුළුවන් ප්‍රශ්න නොවන බවත් එසේ වුවහොත් මිට වඩා බරපතළ ප්‍රශ්න ඇති විය හැකි බවත් අභිමන්ට තේරුම් කර දෙනවා. ඒ කෙසේ වෙතත් පුජා එලෙස චෝදනා කලේ බැන වැඳුනේ ඔහුගේ අම්මාට බවත් එසේ වුවාම ඔහුට එය දරා ගැනිමට අපහසු බවත් අභිමන් පවසනවා. එ අවස්ථාවේ පූජා හැම අවස්ථාවකම හැමදේම තේරුම් ගන්නේ වැරදියට බවත් ඔවුන් ඇයට එය හරි විදියට තේරුම් කර දෙන්න උත්සහා කල යුතු බවත් විශාකා පවසමින් එක අතකින් පූජ කල දේ වැරදි කියන්නට බැරි බවත් මන්ද ඇය ආදරය කරන කෙනා කරදරයක වැටුනහොත් එය ඇයට ඉවසා ගනන්ට බැරි බවත් එම නිසා පූජා ඔහුව බේරා ගැනීමට අවශ්‍ය වු නිසා මෙවැනි දෙයක් කරන්නට ඇති කියා විශාකා පවසනවා.ඒ වේලාවේ ඇය එලෙස කරන්නට ඇත්තේ ඔහු වෙනුවෙන් වෙන්නට පුළුවන් බවත් නමුත් ඇය ඒ කල දේ සාධාරණ නැති බවත් අභිමන් පවසනවා.

තනිව කල්පනා කරමින් සිටින අභිමන්, රයන්ට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඔහුගේ විස්තර ගැන අසමින් හිඳ එකපාරටම ඔහුව අභිමන්ට හමුවන්නට අවශ්‍ය බව කියමින් ඔහුට රයන් සමඟින් වැදගත් දෙයක් කතා කරන්නට තිබෙන බව පවසනවා. ඉතිං ඉන්පසු එයට කැමති වන රයන් ඔහු කවදාටද පැමිණිය යුත්තේ කියා විමස්ද්දී ඔහු එ බව කියන්නම් කියාත් ඔහුට එන්න ඕනේ තැන ගැන කියන්නම් කියාත් කියමින් දුරකථනය තියනවා. ඉන්පසු අභිමන් කුමකට ඔහුට එන්න කියන්නට ඇතිද කියා කල්පනා කරන රයන්, පසුගිය දිනක කුරුළුව පාරේ මුණගැසී එතැනදී සිදුවු සිදුවිම ගැන ඔහු දැනගෙන ඒ ගැන අසන්නට කතා කරන්නට ඇතිද කියා කල්පනා කරනවා. ඉන්පසු අභිමන් කියු තැනට පැමිණෙන රයන් අභිමන් එනතෙක් බලා සිටිනවා.ඉතිං ඉන්පසු ඔහුව හමුවීමට පැමිණෙන අභිමන් , රයන් සහ ඩිලාන් චෝදනා කරන පරිදි රේෂිලාගේ මරණයට ඔවුන් වගකිවයුත්තේ ඇයි ද කියා ඔහුට දැනගත යුතු බවත් එය ඔහුට පැහැදිලි නැති බවත් අභිමන් පවසනවා.එත් එක්කම කුරුළුද ඔහු එලෙස තර්ජන කලේ බව කිවේ කියා රයන් අසද්දි ඇය එය කීවේ නැති බවත් නමුත් එලෙස කුරුළුට කලේ ඇයිද කියාත් අභිමන් විමසනවා.ඒ වේලාවේ කුරුළු නිසා ඔහුගේ අම්මා මැරණ බවත් නමුත් ඇය නිසා ඔහුගේ තාත්තා වන ඩිලානුත් මැරනෙවා බලා සිටිය නොහැකි බවත් රයන් පවසනවා. ඒ අවස්ථාවේ කුරුළු පරිස්සම් කරගන්න කියාත් ළඟදීම දිනයකදී ඇයවත් ඇයගේ තාත්තා ළගට යවන බවත් රයන් පවසනවාත් සමඟ එය අසා කෝපයට පත් වුන අභිමන් ඔහුගේ බෙල්ලෙන් අල්ලා ගනිමින් ඔහුට පහරදී එ අසළ තිබු පිහිනුම් තටාකයට තල්ලු කර දමා යනවා.

ඉතිං ඉන්පසු අභිමන්ගෙන් ගුටි කා පැමිණෙන රයන් සිදු වු සියළු දේ ගැන ඩිලාන්ට පවසමින් ඔහු කල දේට ඔහුගෙන් පළිගන්නා බව පවසනවා. ඉන්පසු රයන්ට අභිමන් කල දේ ගැන කෙන්තියෙන් සිටි ඩිලාන් ලොයිඩ්ට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඔවුන්ගේ මුළු පවුලම විනාශ කල බව පවසමින් කුරුළු නිසා ඔහුගේ බිරිඳ වන රේෂිලා මැරුණ බවත් දැන් වෙද්දී අභිමන් ඔහුගේ පුතාට ගහනන්ට එන බවත් කියමින් අභිමන් රයන්ට පාඩුවේ ඉන්න දෙන්නේ නැතිද කියා විමසනවා. එත් එකක්ම අභිමන්ට කුමක් හෝ අසනීපයක් තිබෙන් නම් දොස්තර කෙනෙක ළගට ගොස් බෙහෙත් අරන් දෙන්න කියමින් බැන වදිනවා. ඉන්පසු ඔහුගේ බැන වැදීම ඉවසා ගත නොහැකි වුන ලොයිඩ් අභිමන් කිසිදින එලෙස කරන්නේ නැති බවත් ඔහුට වැරදීමක් වී ඇති බවත් ලොයිඩ් පවසනවා. ඉන්පසු ඔහු අභිමන් ගැන දන්නා තරම කියමින් ඔහු මේ ගැන කිවේ මනුස්සකමට බවත් නමුත් යළිත් එවැනි දෙයක් සිදුවුවහොත් ඔවුන් බලා සිටින්නේ නැති බවට ලොයිඩ්ට තර්ජනය කරමින් දුරකථනය ඩිලාන් තියනවා.ඉතිං ඉන්පසු නිවසට පැමිණෙන අභිමන්ගේන් ලොයිඩ්, ඊයේ කුමක් හෝ ප්‍රශ්නයක් ඇති වුවද කියා විමසමින් ඔහු රයන් සඟින් කුමක් හෝ ප්‍රශ්නයක් ඇති කර ගත්තාද කියා විමසනවා. ඒ අවස්ථාවේ ඩිලාන් සහ රයන් ඔවුන්ට පාඩුවේ ඉන්න දෙන්නේ නැති බවත් රයන්ට කුරුළුව පාරේ හමු ව ඇති බවත් ඒ අවසථාවේ රයන් කුරුළුට පහරදී ඇති බවත් පවසනවා.ඒ අවස්ථාවේ එය අසා පුදුම වන ලොයිඩ් කුරුළුට කරදරයක් වි ඇත්තද කියා අභිමන්ගෙන් විමසද්දී එලෙස කරදරයක් වී නැති බවත් නමුත් යළි යළිත් රයන් කුරුළුට කරදර කරයි කියා ඔහුට බය බවත් අභිමන් පවසනවා.

කුරුළුව මතක් වී ඇයට දුරකථන ඇමතුමක් ලබා ගන්නා ඉස්කෝල මහත්තයා , කුරුළුගේ සැප දුක් ගැන විමසමින් ඇගෙ විස්තර අසද්දී ඇය හොඳින් ඉන්නා බවත් මැණිකේ කොහේද කියාත් ඉස්කෝල මහත්තයාගෙන් විමසනවාඒ වේලාවේ ඇය එළියට ගොස් ඇති බවත් ඔහුට කුරුළුව මතක් වී මෙලෙස කතා කල බවත් ඉස්කොල මහත්තයා පවසද්දී මේ වෙද්දී පොලිසියේ ප්‍රශ්නයේ තත්ත්වය කේසේද කියා ඔහුගෙන් විමසනවා. එය තවමත් විසඳුනේ නැති බවත් ඔවුන් තවමත් පරීක්ෂණ කරන බවත් ඉස්කෝල මහත්තයා පවසමින් ඔවුන් නීතිය ඉදිරියේ වැරදිකරුවන් බවට පත්වෙයි කියා දුකින් පවසද්දී ඔවුන් වරදක් කල නොමැති බවත් ඇය කිසිදින ඔවුන් දෙදෙනාට වැරදිකරුවන් වෙන්නට ඉඩ නොතබන බවත් කුරුළු පවසමින් ඇය මෙලෙස අද ජිවතුන් අතර සිටින්නේ ඔවුන් දෙදෙනා නිසා බව පවසමින් පොලිසියට සිදු වු සියළු ඇත්ත කියමු කියාත් පවසනවා. මේ වේලාවේ ඔහු සහ මැණිකේ පමණක් නොව දේවක සහ වලස්කල මහතාත් මේ ප්‍රශ්නයේදී වරදරකරුවන් වී ඇති බවත් ඔවුන්ගේ රැකියාවද අහිමි වි ගොස් ඇති බවත් කණගාටුයෙන් ඉස්කෝල මහත්තයා පවසනවා. එ අවස්ථාවේ ඇයට හැකි නම් වලස්ගලට රැකියාවක් සොයා දෙන්න කියා ඉල්ලීමක් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *