සෑම සතියේ දින පහේම සිරස ටීවී තුලින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය හැමොගේම හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ ඇගේ දේපළ ඇයට නොකීයා අසනීපෙන් සිටි කාලයේ ජූජා විසින් විකුණා දමා ඇති බව දැනගත් සුභද්‍රා ඇය සොයා කෝපයෙන් ඇගේ නිවසට පැමිණෙනවා.ඒ වේලාවේ ජනනාතව දකින ඇය පූජා සමඟින් ඇයට බේරා ගන්නට ප්‍රශ්නයක් තිබෙන බව පවසමින් ඇයට සුභද්‍රාව හමුවන්නට පැමිණෙන ලෙස දැනුම් දෙනවාත් සමඟම ජනනාත පූජාට කතා කර මේ බව පවසා ඇයට එන්න කියා පවසනවා. ඒ අවස්ථාවේ ඇය ජනනාත සමඟින් ඇය ළගට එනවාත් සමඟම කෝපයෙන් ඇය ළඟට පැමිණෙන සුභද්‍රා කිසිවක් නොකියාම අයට කම්මුල් පහරක් එල්ල කරමින් ඇය පහුගිය කාලයේ අසනීපයෙන් සිටි කාලයේදී ඇයව රවටා ගනිමින් ඇගේ දේපළ විකුණා දැමුවේ කුමන හේතුවකට කියා පූජාගෙන් විමසනවා. ඉන්පසු ඇයත් සමගින් කේන්ති ගිය පූජා ඇය එම සල්ලි විකුණා දුන්නේ කුරුළු විවාහ වෙන්න සිටින අභිමන්ට කියන වග රේෂ්මා කියුවේ නැතිද අසමින් බැන වදිනවා. ඉන්පසු ඔවුන්ගේ ප්‍රශ්නයට මැදිහත් වෙන ජනනාත කුවුරුත් මැරුණා කියා සිතාගෙන සිටි කුරුළුව අභිමන්ට සොයා දුන්නේ පූජා බව පවසද්දී ඇය එලෙස කලෙත් කුමක් හෝ සැලසුමකට අනුව කියා මේ වෙද්දී ඇයට සිතෙන බව සුභද්‍රා පවසමින් ඇය කල දේ ලෙහෙසියෙන් අත්හරින්නෙ නැති බවත් ඇයට නැති වු දේවල් කෙසේ හෝ ඇය ලබා ගන්නා බවත් පවසමින් ඇය පිටව යනවා.

මේ වේලාවේ පූජාව හමුවී යළිත් නිවසට පැමිණෙන සුභද්‍රා අනුලා නිවසින් තවමත් ගියේ නැතිද අසමින් ඇයම ගොස් ඇයව නිවසින් එළියට ඇඳ දමන්නම් කියා අනුලා සිටි තැනට ගොස් ඇය තවමත් ඔවුන්ගේ නිවසේ සිටින්නේ ඇයිද අසද්දී කිසිවක් කර කියා ගනන්ට බැරිව සිටින අනුලා ඇය කලේ වරදක් කියා පිළිගන්නා බවත් ඇයට ඊට සමාව දෙන් ලෙසත් ඉල්ලමින් හඬා වැලපෙනවා. ඉන්පසු ඇය කලේ සමාව දිය හැකි වරදක් නොවන බවත් මෙලෙස හඬා ඇගෙන් අනුකම්පාව බලපොරොත්තු වන්නට එපා කියාත් කියමින් රෙදි ටිකත් රැගෙන නිවසින් එළියට බහින ලෙස සුභද්‍රා පවසමින් ඇය ගියේ නැතිනම් ඇයව ගෙදරින් ඇදලා දන්න කියා රේෂ්මාට කියමින් සුභද්‍රා එතනින් යනවා. ඉන්පසු ඇයව රේෂ්මා එළියට ඇඳ දමනවාත් සමඟම කෝප වුන අනුලා ඔවුන් කරපු දේ අමතක කරන්නේ නැති බවත් ඔවුන්ට හොඳින් ඉන්නට ඉඩ තියන්නේ නැති බවත් කියමින් ඔවුන්ගෙන් ඇය පළිගන්නා බවත් පවසා යන්නට යනවා. මේ වේලාවේ සුභද්‍රා ළඟට පැමිණෙන කුරුළු අනුලාට ඒ වතාවේදී පමණක් සමාව දෙන්නට තිබුණු බව පවසද්දී ඇයට හැමදාම සමාව දුන් බවත් මේ වෙද්දී ඇය එයින් උපරිම ප්‍රයෝජන ගෙන ඔවුන්ව විනාශ කර හෙයින් යළිත් ඇයට සමාව දීමට නොහැකි බව පැහැදිලි කර දෙනවා.

පසුදා උදෑසන අභිමන්ව සොයා පැමිණෙන පූජා ඇයට ප්‍රශ්නයක් බව පවසමින් පෙරදින සුභද්‍රා ඇගේ නිවසට පැමිණ ඔහුගේ තාත්තා ඉදිරියේ ඇය දේපළ විකිණිම ගැන දොස් කියු බවත් ඇයට කම්මුල් පහරක්ද එල්ල කල බවත් පූජා පවසනවා. ඒ අවස්ථාවේ ඇය එම දේපළ විකුණා විනාශ කරේ නැති බවත් , ඔවුන්ගේ කම්පැනිය බේරා ගැනීමට ඇය ඒ දේවල් කලේ බවත් ඇයටත් ඒ දේපළ ගැන අයිතියක් තිබෙන බවත් පූජා පවසද්දී ඇය එම තීරණය ගන්නට පෙර අඩුමතරමින් ඔහුටවත් කිවේ නැති බවත් එසේ කලා නම් සුභද්‍රා මෙලෙස ඇයට දොස් කියන්නේ නැති බවත් අභිමන් පවසනවා. ඒ වේලාවේ අභිමන්ගේ මතය වුයෙත් පූජා කලේ වරදක් යන්නයි. ඉන්පසු අභිමනුත් ඇය ගැන වැරදියට සිතු හෙයින් ඇය අවාසනාවන්ත කෙනෙකු බවත් ඇය කරනා කිසි දෙයක් හොඳ දෙයක් විදියට කවුරුන්වත් දකින්නේ නැතකි බවත් පවසමින් ඇය එතැනින් පිට වෙනවා.

සුභද්‍රා ඇයව ගෙදරින් පන්නා දැමිමෙන් පසු යන්නට තැනක් නැතිව කල්පනා කරමින් සිටින අනුලා පූජාව සොයා ඇැගෙන් උදව් බලාපොරොත්තුවෙන් පූජාගේ නිවසට පැමිණෙනවා. මේ වේලාවේ පූජාවත් , ජනනාත වත් නිවසේ සිටියේ නැහැ.ඉතිං ඒ වේලාවේ ඔවුන්ගේ නිවසේ වැඩට සිටි කෙනා ළගට ගොස් ඇයට පූජාව හමුවිය යුතු බවත් ඇය නිවසේ නැති නම් ඇයට කතා කර අනුලා ඇයව සොයා පැමිණි සිටින බව කියන්න කියාත් ඇය ඉල්ලා සිටිනවා. ඉන්පසු පූජාට දුරකථන ඇමතුමක් ගෙන මේ බව ඇයට පැවසීමෙන් පසු පූජා අනුලාගෙන් කතා කර ඇය මෙලෙස පැමිණියේ ඇයි කියා විමසද්දී ඇයට ලොකු ප්‍රශ්නයක් වු බව කියමින් සුභද්‍රා ඇයව ගෙදරින් පන්නා දැමු බවත් ඉන්පසු ඇයට එනන්ට තැනක් නැතිව ඇයගේ නිවසට මෙලෙස පැමිණි බවත් පවසනවා. ඉතිං ඉන්පසු මේ වේලාවේ ඇය අසරණ වී සිටින බව පවසමින් ඇයට ටික කාලටකට නැවතී සිටින්නට ඇයගේ නිවසේ කාමරයක් දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඉන්පසු යළිත් වැඩ කරන කෙනාට කතා කරන පූජා ඇය එනතුරු ඇයගේ කාමරයේ අනුලාව තියා ගන්න කියාත් ඇය ආ පසු කුමක්ද කරන්න අවශ්‍ය කියා බලන්නම් කියාත් පවසමින් දුරකථනය තියනවා.

ඔය අතරේ සුදු මැණිකෙව බලන්නට ඉස්කෝල මහත්තයා සහ මැණිකේ කුරුළුගේ නිවස සොයා පැමිණෙනවා. මෙලෙස ඔවුන් පැමිණි අවස්ථාවේ කුරුළු නිවසේ සිටියේ නැති අතර රේෂ්මා ඔවුන් දැක පැමිණ කවුරුන්ද කියා විමසද්දී මෙතරම් කාලයක් කුරුළු සිටියේ ඔවුන්ගේ නිවසේ සිටිය බව පවසනවාත් සමඟම ඔවුන් කොත්මලේ සිට පැමිණි ඇය බව රේෂ්මා හදුනා ගන්නවා. ඉන්පසු නිවස ඇතුළට කතා කරන රේෂ්මා සුභද්‍රා ළඟට ගොස් ඒ ගැන කියා ඇයටත් කතා කල ඔවුන්ව හඳුන්වා දෙනවා. ඉන්පසු ඔවුන් මෙලෙස ආවේ කුරුළු එන්න කියු නිසාද නැතිනම් ඔවුන්ම අවාද කියා සුභද්‍රා අමුතුවට විමසද්දී මැණිකේට කුරුළුව නොබලා සංකාව මෙන් සිටි නිසා මෙලෙස ඇයව බලන්නට රැගෙන ආ බව ඉස්කෝල මහත්තයා පවසනවා. මේ අතරේ ඔවුන් මෙලෙස පහුගිය කාලේ සිදු වු දේවල් ගැන කතා කරමින් සිටියදී කුරුළුට දුරකථන ඇමතුමක් ලබා ගන්නා රේෂ්මා , ඇයව හමුවන්නට කොත්මලේ කට්ටිය ඇවිත් තිබෙන බව පවසනවාත් සමගම ඒ සතුට දරාගනන්ට බැරි වුන කුරුළු ඇය ඉක්මනින්ම එන බවත් ඇය එනතෙක් ඔවුන්ව හොඳින් බලා ගන්නත් කියමින් දුරකතනය තියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *