සතියේ දින වල රාත්‍රි 9.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය මේ දින වල ගලා යන්නේ මෙසේයි.සරා හා යහළුවන් හට පොල්ලෙලි ව්‍යාපාරයට පොල්ලෙලි ගත් බඩා සරා හට තමන්ගේ ළඟ තිබු ත්‍රිවිල් එකක් ගෙනැවිත් දෙනවා.මුදල් තියෙන වේලාවක දෙන ලෙසත් නැතිනම් ත්‍රිවිල් එක නැවත දෙන ලෙස පවසනවා.එයින් ගමේ රවුමක් යාමට සුදානම් වන විට සිරිසේන හමුවන සරාගෙන් ත්‍රිවිල් එක ගැන විමසනවා.විස්තර පවසන සරා එය යහළුවන් හට පෙන්වීමට යනවා.මේ අතර කිරිපුතා සුද්දා හා කවඩියා බත් කමින් සිටිනවා.ත්‍රිවිල් එක රැගෙන එන සරාව ඔවුන් දකිනවා.එතැනට එන ඔවුන් ත්‍රිවිල් එක ගැන විමසුවද සරා ඔවුන් හට විස්තරය කීමට අකමැති වනවා.මේ අතර ජානුගේ වෙළඳ දැන්වීම රූපවාහිනියේ යන තුරු රත්නේ සමඟ බලා සිටිනවා.රාත්‍රියේදි සරා හට උදව් කළ බඩා සමඟ සිංදු කියමින් විනෝද වනවා.රාත්‍රියේදි බිංදු මේ අතර බීමතින් නිවසට පැමිණෙනවා.ජානු හා ඇගේ අම්මා හට බීමතින් එන බිංදු සිරි බැන වදිනවා.
.
පසුදින සරා හා යහළුවන් ත්‍රිවිල් එක පුරුදු වනවා.මාලන් ගමට යමින් සිටින අතරතුර ඔහු පසු පසින් බිංදු සිරිගේ ගෝලයන් පැමිණෙනවා.ඔවුන් දකින මාලන් ඔවුන්ව මඟහැර යනවා.බිංදුසිරිගේ ගෝලයන් යන පාරේ මාලන් තනිව සැඟවෙමින් ඔවුන් පසුපස යනවා.ඔවුන් පසු පසු ගොස් අවසානයේ ඔවුන් කරනදේ බලා මාලන් නැවත කාර් එකට නැග පිටත් වනවා.මේ අතර රසිකා හා ජයන්ත බහින් බස් වීමක් සිදු වනවා.ඔවුන්ගේ නිවසට පන්සලේ පොඩි හාමුදුරුවන් වඩිනවා.උන්වහන්සේ ගුණදාස මාමාගේ බෙහෙත් ගෙනා බව පවසනා.ඉන්පසු ජයන්ත ආ දේට රසිකාගෙන් සතුටින් සිටිනවාද කියා උන්වහන්සේ විමසනවා.ඉන්පසු අකමැත්තෙන් රසිකා ඒවාට උත්තර දෙනවා.මේ අතර ජානුගේ අම්මා ජානු හා රත්නේ බිංදුසිරි නිවසින් පන්නා ගැනීමට කුමක් හෝ කලයුතු බව පවසනවා.පොලිසියට ඔත්තුවක් දෙන ලෙස රත්නේ ඇයට පවසනවා.ගීතිතානි මිස් පැමිණ සරා හට ඔවුන්ගේ ණය මුදල වැටී ඇති බව පවසා ඉක්මින් වැඩ පටන්ගන්නා කියා පවසනවා.නිවසට පැමිණෙන බිංදුසිරි හට නිවසින් පිටව යන ලෙස පවසනවා.කෝප වන බිංදුසිරි කුසුම්සිරි තමාගේ අයියා බවත් ඇයට නිවසේ අයිතියක් නැති බව පවසනවා.කෝප වන ඇය බිංදුසිරි හට බැන වදිනවා.ඔවුන් රණ්ඩුවෙමින් සිටින විට පන්සලේ ලොකුහාමුදුරවන් පැමිණෙනවා.

ඉන්පසු උන්වහන්සේ බිංදුසිරි කරන ව්‍යාපාරය නවතන ලෙස පවසනවා.නමුත් ඔහු ඔවුන් කියන දේ පිළිගැනීමට අකමැති වනවා.මාස්ටර් පාඨලී හා නිවසේ අය සරාගේ ව්‍යාපාරයට නමක් සොයමින් සිටිනවා.තමාද නම් දැමු බව පවසා පාඨලිද පවසනවා.රාත්‍රියේදි ජයන්ත බීමතින් නිවසට පැමිණෙනවා.ඉන්පසු ඔහු මේ නිවසින් නොයන ලෙසත් පවසනවා.සරා හා කවඩියා කුරුණෑගල යාමට සුදානම් වනවා.ඉන්පසු ඔවුන් හමුවන මාලන් ඔවුන් දෙදෙනාව ද කුරුණෑගල එක්කගෙන යාමට පැමිණෙනවා.ඉන්පසු ඔවුන් තිදෙනා පැමිණෙන විට මාස්ටර් හා දරුවන් පැමිණෙනවා.එහිදි ඔවුන් හට කතා කරන මාස්ටර් හා පාඨලි තමා සරුසාර කියා නමක් දැමු බව පවසනවා.ඉන්පසු එයට සරා කැමති බවත් ඒ නම ගීතානි මිස්ගෙන් අසා නම දාන ලෙස පවසනවා.බිංදු මුදලාලි කසිප්පු සාදන තැනට ගොස් ගෝලයන් සමඟ සිටිනවා.මේ අතර පොලිසිය ගමට පැමිනෙනවා.පොලිසිය දකින බිංදුසිරිගේ ගෝලයන් පැන දුවනවා.ඉන්පසු පොලිසිය ඔවුන් පසුපස දුවනවා.බිංදු මුදලාලි හා ගෝලයන් පසුපස හඹා යන පොලිසිය බිංදුසිරි අත්අඩංගුවට පැමිනෙනවා.බිංදුසිරි අත්අඩංගුවට ගන්නා සැටි කිරිපුතා හා සුද්දා දකිනවා.කවඩියා හා සරා අළුතින් පොල්ලෙලි කපන මැෂිමක්ද රැගෙන පැමිණෙනවා.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *