සතියේ දින වල රාත්‍රි 9.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය මේ දින වල ගලා යන්නේ මෙසේයි.පාඨලි රාත්‍රියේදි අඩමින් සිටිනවා.එතැනට පැමිණෙන අංජලි ඇය එසේ සිටින්නේ ඇයි දැයි විමසනවා.පාඨලි සරාට කැමති බව ඇය දන්නා බව අංජලි පවසනවා.එය අසා සිටින පාඨලි තමා දොස්තර ඇය බැලීමට පැමිණිමට කලින් සිට ඇය සරාට කැමැත්තෙන් සිටි බවත් සරාද ඇයට කැමැත්තෙන් සිටි බවත් පාඨලි පවසනවා.ඉන්පසු එය අසා සිටින අංජලි ඔවුන් දෙදෙනා නොගැළපෙන බව පවසා එතැනින් පිටව යනවා.මාස්ටර් ගීතිකා පාඨලි හා අංජලි කලායතනයට පසුදින යමින් සිටිනවා.ඒ යන අතරතුර තමා සරාගේ පොල්ලෙලි මඩුව අසලට යන බව පවසා ඔවුන් හට කලායතනයට යන ලෙස පවසනවා.එය අසා සිටින ගීතිකා ඔවුන්ද මාස්ටර් සමඟ ඒමට අවසර ඉල්ලනවා.ඉන්පසු මාස්ටර් ඔවුන් සමඟ පිටත් වනවා.ඉන්පසු සරාගේ මඩුව අසලට පැමිණෙනවාඔවුන් පැමිණෙන විට කඩවියා සුද්දා හා කිරිපුතා එතැන සිටිනවා.සරා එතැන පෙනෙන්ට නොසිටි නිසා සරා කෝ යැයි මාස්ටර් විමසනවා.ඉන්පසු සරා සංවර්ධන මිස් ගීතානි සමඟ කොළවගයක් පුරවමින් සිට එතැනට පැමිණෙනවා.සරා ගීතානි මිස් සමඟ සිටින අයුරු දකින පාඨලි හට දුක හිතෙනවා.

 

මේ අතර පාඨලි ගීතානි සමඟ කතා කරමින් සිටිනවා.පාඨලි කෝපයෙන් ගීතානි මිස් සමඟ කතා කරනවා.ඔවුන් කතා කරමින් සිටින තැනට සරා හා මාස්ටර් පැමිණෙනවා.ඉන්පසු සියලු දෙනා සිටින තැන මාස්ටර් සරා හට නැවත කලායතනයට එන ලෙසපවසනවා.තමා හට ඒමට නොහැකි බව සරා පවසානවා.මාස්ටර් හා සියලු දෙනා කලායතනයට නැවතත් යනවා.මාලන් ජානුද කැටුව ඔඩිෂන් එකකට යමින් සිටිනවා.පාරේ එන රසිකා දැක මාලන් කාර් එක නවත්වනවා.රසිකා වෙත පැමිණෙන මාලන් රසිකා සමඟ කතා කරමින් සිටිනවා.කෝපයෙන් එතැනට පැමිණෙන ජානු මාලන් හට කෑ ගහනවා.රසිකා හට ලැඡ්ඡාවක් නැතිද කියාත් තමාව මාලන් විවාහ වීමට සිටින බවත් පවසනවා.එය බොරු බව පැවසුවත් එය රසිකා විශ්වාස නොකර මාලන් හට කනට ගසා එතැනින් පිටව යනවා.කෝප වන මාලන් ජානුවද පාරේ දමා එතැනින් පිටව යනවා.රසිකා හඩමින් නිවසටපැමිණෙනවා.ඇයගෙන් කුමක් සිදුවීද කියා විමසුවද ඇය වංචාකරුවන් සමඟ ජීවත් වෙලා සිටිය නොහැකි බව පවසනවා.මාලන්ද සරාගේ නිවසට පැමිණෙනවා.රසිකා හමුවීමට යන ඔහු අම්මාගෙන් රසිකා කෝ කියා විමසනවා.වතුර භාජනයක්ද සමඟ පැමිණෙන රසිකා මාලන් හට එයින් දමා ගසනවා.ඉන්පසු මාලන් කිසිවක් නොකියා එතැනින් පිටව යනවා.කවඩියා සුද්දා හා කිරිපුතා පොල්ලෙලි රැගෙන යමින් සිටිනවා.ඔවුන් අසලින් යන බිංදු මුදලාලි ඔවුන්ගේ ඇඟට වාහනය හරවනවා.

 

කවඩියාගේ අතේ වැදි ඔහු බිමට වැටෙනවා.ඉන්පසු තිදෙනාම පාරේ ඇවිදගෙන යනවා.ඒ යන අතරතුර කවඩියා ගීතිකා එන අයුරු දැක තමා හට අමාරු බව යහළුවන් හට පවසනවා.ඉන්පසු එතැනට පාඨලි ගීතිකා හා අංජලි පැමිණෙනවා.සිදුව ඇති දේ කුමක්දැයි ඔවුන් විමසනවා.කවඩියා රැගෙන මඩුවට එන යහළුවන් සරා හට සිදු වු දේ පවසනවා.සරා බිංදු සිරි හමුවීමට යාමට සුදානම් වූ විට මාස්ටර් එය නවත්වනවා.පසුදින බිංදුසිරි හා පිරිස පාරේ වාහනය නතරකර සිටිනවා.ඉන්පසු ඔවුන් අසලට ගීතානි මිස් පැමිණෙනවා.ඇයට කරදර කරමින් සිටින බිංදු සිරි දැක සරා එතැනට පැමිණෙනවා.ඉන්පසු දෙදෙනාම රණ්ඩු වනවා.ගීතිකා පාඨලි හා අංජලි කවඩියා බැලීමට යනවා.කවඩියා අසලට පැමිණෙන ඔවුන් කවඩියා දෙස බලනවා.ගීතිකා කවඩියාගේ අතගෙන අතගානවා.ඉන්පසු එතැනට සංවර්ධන මිස් හා සරා පැමිණෙනවා.මාලන් කඩයට වී සිටිනවා.ඉන්පසු එතැනට පැමිණෙන රසිකා ද මාලන් හට මුදලාලි සමඟ කතන්දර කියනවා.එය අසා සිටින මාලන් කිසිවක් නොකියා එතැනින් පිටව යනවා.නැවතත් පාරේ එමින් සිටින මාලන් රසිකා හට කතා කර ජානු කියන්නේ බොරු බවත් තමා ඇත්ත කියන බවත් පවසනවා.රසිකා කිය කෙනෙක් ඔහුට හමු නොවුනු බව මතක තියාගන්න කියා රසිකා එතැනින් පිටව යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *