සතියේ දින පහේම සිරස ටීවී නාලිකාව ඔස්සේ රාත්‍රී හතයි තිහට විකාශනය කෙරෙන කිසා ටෙලි නාට්‍යය කාගේත් ආදරයක් සමඟින් හොඳ ප්‍රතිචාර ලබමින් ඉදිරියට ගලාගෙන යනවා.දොරුක්ගේ උත්සවයට පැමිණෙන මේසීර්ව දකින දොරුක් ඔහු ළඟට ගොස් සතුටින් වැළඳගෙන් සිටින අවසථාවේ එතැනට පැමිණෙන බහාර් ඔහුව දැක පුදුමයෙන් මෙන් බලා සිටිනවා.මන්ද ඇය දැනගෙන සිටියේ නැහැ මේසීර් දොරුක්ගේ උත්සවයට පැමිණෙන බව.ඉතිං මේ වේලාවේ පාර දෙස මඟ බලමින් සිටින දොරුක්ව දකින මෙසීර් ඔහු මෙලෙස කවුරුන් එනතෙක්ද බලා සිටින්නේ කියා විමසද්දි ඔහුව පොලිසිය රැගෙන ගොස් තිබෙන බවත් ඊට හේතුව ඇය නොදන්නා නමුත් ඔහුව දන්නවා ඇති කියාත් බහාර් පවසද්දී ඇය විශ්වාස කලත් නොකලත් ඔහුට ඊට කිසිදු සම්බන්ධතාවයක් නැති බව මේසීර් පවසනවා. ඉතිං මේ වේලාවේ ඔහු මෙලෙස ආරධනයක් නැතිව දොරුක්ගේ උත්සවය පැමිණියේ ඇයිද කියා බහාර් අසද්දී ඔවුන්ට ඔහුට අරාධනා පත්‍රයක් එවා තිබු බවත් ඔහු එලෙස ආරධනයක් නොමැතිව කිසිදු තැනකට නොයන බවත් පවසමින් එම කඩදාසි කොළය බහාර්ට පෙන්වනවාත් සමඟම එය අතට ගන්න බහාර් සිරින් දෙස කේන්තියෙන් බලා සිට ඇය ළඟට ගොස් සිරින්ගේ ඔළුව බිත්තියට තද කරමින් ඇය මේසීර්ට ආරධනා පත්‍රයක් ඔවුන්ට නොකියා යැව්වේ ඇයිද අසමින් පහර දෙනවා.

මේ වේලාවේ බහාර්  එල්ල කල කම්මුල් පහර ඉතාමත් වේදනාකරීව දැනුන සිරින් කේන්තියෙන් කෑගසාගෙන පැමිණි බහාර්ව බිමට පෙරළා ඇයට පහර දෙනවා.ඒ වේලාවේ උත්සවය පැමිණ සිටි සියළුදෙනා පුදුමයෙන් වාගේ ඒ දෙස බලා සිටියදී එතැනට පැමිණෙන සෙයිඩා දොරුක් නිවෙස් නැති බව පවසනවාත් සමඟම සියළුදෙනා එළියට ගොස් දොරුක්ට කතා කරමින් ඔහුව සොයගන්නට උත්සහා කලත් එය ලෙහෙසි වුයේ නැහැ. මේ වේලාවේ ගසක් අසළට වී හැංගී සිටිනවා දකින මේසීර් ඔහු ළඟට ගොස් මෙලෙස හැංගී සිටින්නේ ඇයිද කියා විමසද්දී ඔහු සාප් එනතුරු මඟ බලා සිටින බව පවසනවා. ඉන්පසු සාප්ව ඉක්මනින්ම ඔහු ළඟට ගෙන දෙන බවට මේසීර් පොරොන්දු වනවාත් සමඟම දොරුක් ඔහු සමඟින් නිවසට යන්නට කැමති වනවා. ඔය අතරේ මේසීර් සමඟින් අරිෆ් කතා කරමින් සිටින තැනට පැමිණෙන සෙයිඩා, ඔහුගේ නම කියමින් යෙලිස් ගැන කියමින් ඔහුව ඇයව මරා දැමු බව පවසමින් ඇයට ප්‍රාර්ථනාවක් තිබෙන බව කියමින් ඉතා ඉක්මනින්ම දෙවියන් ඔහුව අපායට යවයි කියාත් ඉතාමත් වේදනාත්මක හැඟීමෙන් යුතුව පවසමින් එතැනින් පිටව යනවා.  සියළුදෙනා පුදුම කරමින් කිස්මෙට් සමඟින් පැමිණෙන සාප්ව දකින දොරුක් සහ මිසන් ඔහු ළඟට දිව ගොස් වැළඳ ගන්නවා.

මේසීර් ඔවුන්ගේ නිවසට පැමිණ සිටිනවා දකින සාප් ඔහු එලෙස පැමිණියේ ඔහු ගැන සොයනන්ටද කියා විමසනවාත් සමඟම එතැනට කෙන්තියෙන් පැමිණෙන බහාර් ඔහුත් සමඟින් කතා කරන්නට යමක් තිබෙන බව පවසමින් නිවසේ පිටුපසට ගොස් කතා කරමින් සිටින අතරතුරේ ඇයට කතා කරන්නට තිබෙන්නේ පින්තුර කිහිපයක් ගැන කියා සාප්ට පවසනවා. ඉන්පසු ඒ සිරින්ගේ සහ ඔහුගේ පිංන්තු ගැන කියා දැනගත් සාප්ට එදා සිදු වු සියළු දේ මතකයට නැගෙනවා. ඉනපසු ඒ පිංතුර ගත්තේ ඇගේ න් බහාර්ට බොන්මැරෝ ගැනීමට අවශ්‍ය වු බවත් එය වැරදියට ගන්නට එපා කියා සාප් පැහැදිලි කර දෙන්නට උත්සහා කලත් බහාර් ඒ කිසිදෙයක් අසන්නට කැමති වුයේ නැහැ.ඒ අවස්ථාවේ එම ඡායරූප පෙන්වා ඇත්තේ පිරල් කියා සිතු සාප් ඔහුට බැනවදිනා අවස්ථාවේ පිරිල් ඒවා ඇයවට පෙන්වුයේ නැති බවත් සිරින් විසින් ඒවා ඇයට පෙන්වු බවත් බහාර් පවසනවාත් සමඟම සිරින්ව සොයා කේන්තියෙන් යන්නට හැදු සාප්ව බහාර් නතර කරගත් අවස්ථාවේ එම පිංතුර ඔහුට ගන්නට සිදුවුයේ බහාර්ගේ ජිවිතේ බේරා ගන්නට අවශ්‍ය වු නිසා බව ඔහු මහ හයියෙන් කෑගසා පවසනවා.  ඉන්පසු දෙදෙනාගේ රණ්ඩුව දුරදිග යාමත් සමඟ එතැනට පැමිණෙන එන්වර් ඔවුන් දෙදෙනාට බැන වදිමින් බහාර්ව එතැනින් රැගෙන යන අවස්ථාවේ ඇය සාප්ට හැමදාමත් වෛර කරන බව පවසමින් එතැනින් යන්නට යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *