සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ  රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා. උඳුල් ගීටාරය වාදනය කරමින් සිංදු කියමින් සිටින තැනට පැමිණෙන ඔහුගේ ආච්චි අම්මා, රෝහල් ගත කර සිටි විශාල්ගේ තත්ත්වය කෙසේද කියා විමසනවා. ඒ වේලාවේ මේ වෙද්දී නම් විශාල්ගේ තත්ත්වය හොඳ අතට හැරෙමින් තිබෙන බව ඔහු පවසනවාත් සමඟම එදින විපුලත් රෝහලට පැමිණියේ කවුරුන් හෝ කෙනෙකු බලන්න නේද කියා ඇය අසද්දී ඒ ඔහුගේ ව්‍යාපෘතියේ සිටි කෙනෙකු අසනීප වි සිටිය බව ඔහුට පැවසු බව උඳුල් පවසනවා. ඒ අවස්ථාවේ ඇති වුන ප්‍රශ්නය හේතුවෙන් මේ වෙද්දී විපුල කොහේ ඉන්නවාද කියා දන්නේ නැති බව වේදනාවෙන් ආච්චි අම්මා පවසද්දී ඔහුව වෙනදා නැවතී සිටි නිවසින් බාරගෙන නැතිද කියා අමුතුවට උඳුල් විමසනවා.මේ අවස්ථාවේ ආච්චි හිමින් සැරේ උඳුල්ට විපුල ඔවුන්ගේ නිවසේ ටික දිනකට ව්‍යාපෘතියේ වැඩ වගයකට නැවතී සිටින බව පවසනවා. සමගම එය අසා කලබල වුන උඳුල් ඔහු එනවාට අකමැති වී ඔහු ඒ දින කිහිපය අලී ගේ නිවසේ නැවතී සිටින බව පවසනවා.ඉන්පසු ඔහුට එලෙස යන්නට එපා කියාත් විපුල කියන්නේ මොනවා වුවත් ඔහුගේ තාත්තා බවත් ඔහුට කරදරයක් වු අවස්ථාවේ ඔවුන් පිහිට විය යුතු බවත් ආච්චි අම්මා පවසනවා.

මේ වේලාවේ සීයා තාත්තා සමගින් වත්තට වී වැඩ කරමින් සිටින තැනට පැමිණෙන පොලිසිය දකින ඊෂා කලබලයෙන් බය වී සීයා තාත්තා ළඟට ගොස් ඔහුව වැළඳගන්නවාත් එකක්ම ඇයට බය වෙන්නට එපා කියාත් ඇය වැරැද්දක් කර නැති බවත් පවසනවා.ඉතිං ඒ වේලාවේ ඔවුන් ළඟට පැමිණෙන පොලසිය ඇයව පෙන්වමින් ඒ සිටින්නේ ඊෂා දුණුසිංහ නේද කියා විමසමින් ටවුමේ පසුගිය දින සිදුවුන සීදුවීම සම්බන්ධයෙන් අගෙන් කටඋත්තරයක් ලබා ගන්නට අවශ්‍ය බව පවසනවා. ඉන්පසු එ පළිබඳ කටඋත්තර ලබානෙ ඊෂා, ඇය සහ විශාල් පාරේ තරුපතිව හමුවන්නට අසපුවට යන අතරතුරේදි මෙම සිදුවීම අහම්බෙන් දැකපු බවත් තරුපති එතැන ඉන්නවා දුටු හෙයින් ඇය වාහනයෙන් බැස ඔහුව බේරා ගන්නට ගිය බවත් ඊෂා පවසනවා. ඒ අවස්ථාවේ ඇයගේ කතාව අතරට එකතුවුන සමාධි , ඊෂා අවුරුදු ගානක සිට තරුපතියේ පංතියට යන බවත් ඔහුත් ඊෂාට බොහෝ සේ ආදරේ බවත් සමාධි පවසද්දී ඇයගේ තාත්තා කොහේද කියා පොලිසිය විමසනවාත් සමඟම එයට කටඋත්තර නැති ඊෂා නිහඬව සිටියදී ඊෂා පුංචි කාලයේදීම ඇගේ තාත්තා පිටරටදී මියගිය බව දුණුසංහ පවසනවා.ඉන්පසු මේ ප්‍රශ්නයට මුල්වී සිටින තිදෙනාම සංගීතය සම්බන්ධ අය නේද කියා අසද්දී මේ ප්‍රහ්නයට සම්බන්ධ අය සංගීතයට සම්බන්ධ අය නොවන බවත් සංගීතය නිසා ඔවුන් සියළුදෙනාගේ සම්බන්ධතා ඇති වු ඒවා බවත් දුණුසිංහ පවසනවා.

පසුදින සමාධි මඟ යමින් සිටියදී ඇයව දැක වාහනය නතර කරන තරුපති ඇය ළඟට පැමිණ ඇය කොහේද යන්නේ කියා අසනවා. ඒ වේලාවේ ඇය තැපැල් කන්තෝරුවට ගිය බවත් ඔහු කොහේ යන ගමන්ද කියාත් සමාධි විමසද්දී ඔහු යහළුවකු හම්බවී ගෙදර යන ගමන් බවත් කියමින් ඊෂාට කොහෙමද කියා අසනවා. ඒ අවස්ථාවේ ඊෂා අසපුවට ගිය බවත් කියමින් පෙරදින ඔවුන්ගේ නිවසට ඊෂාගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට පොලිසිය නිවසට ආ බව සමාධි පවසනවා. ඒ වේලාවේ එම ප්‍රශ්නයට පොලිසිය ඔවුන්ගේ නිවසට පැමිණියේ ඇයිද කියා තරුපති අසද්දී එදා ඒ සිදුවීම සිදු වු අවස්ථාවේ සිදු වු දේවල් ගැන ප්‍රශ්න අසන්නට එලෙස පොලිසිය පැමිණි බව සමාධි පවසනවා.ඉන්පසු ඔහු සිතුවා සේම මෙම ප්‍රශ්නය වෙන පැත්තකට යන්නට හදන බවත් ඊෂාට කරදරයක් වෙන්නට ඔහු ඉඩ නොතියන බවත් එහෙයින් ඔවුන්ට බය නොවී ඉන්න කියාත් තරුපති පවසමින් යළිත් ඊෂාට කිසිදෙයක් වෙන්නට ඉඩ නොතියන බව කියමින් එලෙස කරන්න නම් ඔවුන්ට ඔහුව මරනන්ට වෙන බව තරුපති පවසනවාත් සමඟම සමාධිට තරුපති ඊෂාට කෙතරම් ආදරය කරනවාද කියනා දේ දැනෙනවා.

හදිසියේම අගස්ව මුණගැසෙන්නට කොළඹට පැමිණෙන නිලූ, ඔවුන් දෙදෙනා කිසිවක් නොසගවා ඇත්තම කතා කරමු කියමින් අවුරුදු විසස්කට උඩදී ඔවුන් සිටි විදිය සිදුවුන සියළුදෙම ඔවුන් දෙදෙනාම හොඳටම දන්නා බවත් පවසද්දී ඔහු ඒ දේවල් දන්නා බවත් නමුත් ඔහු ඒවා අමතක කර දමා තිබෙන හෙයින් ඒවා ගැන නැවත කතා කල යුතු නැති බවත් අගස්ති පවසනවා. ඒ වේලාවේ මේ පිළිබඳ කතා කරන්නට නිලූව එව්වේ සමාධිද කියා අගස්ති අසද්දී එය අසා සිනාසෙන නිලු , සමාධි දන්නවා නම් ඇය ඔහුව හම්බ වෙන්නට පැමිණෙන බව කිසිදින ඇය එයට ඉඩ නොදෙන බව නිලු පවසමින් ඇය මෙලෙස පැමිණියේ ඔවුන් ඒ කාලයේ ළඟින්ම සිටි යාළුවන් නිසා බව පවසනවා.ඉතිං ඉන්පසු ඔහු අතීතයේ සිදුවු සියළු දේ ඔහු අමතක කර ඇති බවත් නමුත් සමාධි ඒ අතීතයේ සිදුවු පරණ දේවල් අරගෙන ඔහු ඉදිරියට පැමිණියේ නැති බවත් ඇය සියළුදේ තනියම දරාගත් බවත් නිලු පවසමින් එලෙස තිබියදීත් ඔහු පෙර දින සමාධිට කතා කල විදිය වැරදි බව පැහැදිලි කර දෙන්න මෙලෙස ඇය පැමිණි බව නිලු පවසනවා.. ඉන්පසු එලෙස ඇයට ඔහුගේ කිසිවක් අවශ්‍ය නැති නම් ඊෂාව ඉදිරියට දගෙන ඔහු ඉස්සරහ පැමිණෙන්නේ ඇයිද කියා අගස්ති අසද්දී ඇයට එසේ උවමනවාක් නැති බවත් ඔහු නුවරඑළියෙන් ආ දින පටන් ඇය බොහෝ සේ දුක් විඳපු බවත් නිලු පවසනවා.එත් එකක්ම සමාධි සහ ඔහු අතරේ ඒ කාලේ සම්බන්ධයක් තිබු නමුත් එය එ කාලයේදීම ඉවර වුණ බව අගස්ති පවසනවා. ඉන්පසු ඔහු එලෙස කියද්දී සමාධි යළි විවාහ නොවුන බවත් ඊෂා අගස්ති ඇගේ තාත්තා බව දැන සිටියේ නැති බවත් නිලු පවසද්දී එය අසා අගස්ති පුදුම වී සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *