සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ  රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා. මේ වේලාවේ මනීෂා කෙසේ හෝ වින්ඩිව අගස්තිට මුණ ගස්වන්නට දුන පොරොන්දුව අනුව ඇය වින්ඩි සමඟින් එළියට පැමිණ එම ප්‍රශ්නය ගැන කතා බහා කරමින් සිටිනවා.ඒ වේලාවේ ඇය දිගටම අගස්තිත් සමඟින් කතා නොකර ඔහුගේ ඈත් වී සිටින්නටද බලාපොරොත්තු වෙන්නේ කියා මනිෂා විමසද්දී ඇයට ඔහු ගැන කලකිරි ඇති බවත් ඇය ඔහු වෙනුවෙනු කෙතරම් දේ කලත් අගස්ති ඇයව මෙලෙස රැවට්ටුවා නම් ඇය තවදුරටත් ඔහු පසුපස යෑමට අවශ්‍ය නැති බවත් වින්ඩි පවසනවා. එත් එක්කම ඇයට මේ වෙද්දී අගස්ති නැතිව තනිව ගමනක් යෑමට හැකියාව තිබෙන බව වින්ඩි පවසනවා. ඉතිං මේ විදියට ඒ ගැන කතා කරමින් ඉන්න අතරතුරේ මනීෂා එතැනින් නැගිට ඇයට කොල් එකක් එන බව පවසමින් එතැනින් යනවාත් සමඟම අගස්ති වින්ඩි පිපුපසින් පැමිණ ඇයව පුදුම කරවමින් ඔහුට ඇයත් සමඟින් කතා කරන්නට අවශ්‍ය බව පවසනවා.

ඉතිං ඉන්පසු ඇය ඉදිරියෙන් අසුන් ගන්නා අගස්ති එම පින්තර බොරුවක් බවත් එය ගොසිප්කාරයින් විසින් ගනු ලැබ ඇති එකක් බවත් කියමින් ඔහුට එලෙස කිසිදු සම්බන්ධයක් ඇය සමඟින් නවැති බව පවසද්දී ඇයට එ කිසිදෙයකින් වැඩක් නැති බවත් ඇයට ඔහුත් සමඟින් තිබු සම්බන්ධය ඉවර බවත් වින්ඩි පවසද්දී ඇය ඔහුගේ යහළුවකු පමණක් බවත් එම රටේ අතින් අල්ලාගෙන යන එක සමාන්‍ය දෙයක් බවත් අගස්ති පවසා සිටිනවා. ඒ අවස්ථාවේ ඔහුට ඇගේ ආදරය විහිළුවක්ද කියා වින්ඩි හඬමින් පවසමින් ඔහුට යළිත් ඇයට කතා කරන්නට එපා කියාත් ඇය රයිසින් ස්ටාර්ස් වැඩසටහිනින් අයින් වන බවත් පවසමින් ඇය එතැනින් නැගිට යන්නට හදනවාත් සමඟම ඇගේ අත ඇඳ අල්ලා ගන්නවාත් සමඟ වින්ඩි ඇගේ අත අතහරින්න කියා කෑසද්දී ඔහු ඇගේ අත අල්ලා ගත්තේ අත් හරින්නට නොවන බව පවසමින් ඔහු ඇයට ආදර කරන බව පවසනවාත් සමගම වින්ඩිගේ හිත උණු වී යළිත් ඇය අගස්තිට ලං වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *