සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ  රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා..වින්ඩි නැතිව තනිව නිවසේ සිටින අගස්ති , ඇයව මතක් වී ඔහුගේ දුරකථනයේ තිබු වින්ඩිගේ ඡායාරූප දෙස බලමින් කල්පනා කරමින් ඉන්නවාත් සමඟම ඔහුගේ නිවසට වින්ඩි පැමිණ බෙල් එක නාදර කරනවා. එ අවස්ථාවේ වින්ඩිව දකින අගස්ති පුදුම වී ඇය දෙස බලා සිනාසෙමින් ඇය කොයිවෙලේ හෝ ඔහුව සොයා යළි පැමිණෙන බව දැන සිටි බව පවසනවා.ඒ අවස්ථාවේ කිසිවක් නොකියාම කාමරය ඇතුළට යන වින්ඩි ඉන්පසු ඇයට ඔහුත් සමඟින් කිසිම සම්බන්ධකමක් නැති බව පවසනවාත් සමඟම යළිත් අගස්ති සිදු වු දේ ගැන පැහැදිලි කරමින් ඇය සිතන ආකරයේ කිසිම දෙයක් නැති බව පවසනවා.ඒත් එක්කම ඒ පින්තුරය ඇත්ත එකක් බවත් නමුත් ඇය ඔහුගේ යහළුවකු පමණක් බවත් අගස්ති පවසනවා. ඉනපසු යළිත් ඇයට සියළු දේ ඔහු නිසා නැති වුන බව පවසමින් ඒ සියල්ලටම ස්තුතියි කරමින් ඔහුට සතුටින් ඉන්න කියාත් පවසමින් ඇය යළිත් ඔහු ළඟට පැමිණෙන්නේ නැති බව පවසා ඇය යන්න යනවා.

ඉතිං මේ ප්‍රශ්නයෙන් පසු මනීෂාව මුණ ගැසෙන්නට යන අගස්ති, ඇති වි තිබෙන ප්‍රශ්නය කුමක්ද කියා ඇය දන්නවා නේද අසමින් ඔහුට එයට උත්තරයක් අවශ්‍ය බව පවසද්දී ඔහු එලෙස වින්ඩිට කලේ ඇයිද කියා මනීෂා විමසනවා.ඒ වේලාවේ ඔහු කල දේ වැරදි බවත් ඔහු නිසා වින්ඩි ජිවිතේ නැති කරගන්නට පවා ගිය බවත් මනීෂා පවසද්දී ඔහු කිසිදින වින්ඩිව රැවටුවේ නැති බව පවසනවා. ඒ අවස්ථාවේ එම ඡායාරූපයේ ඉන්නේ ඔහු කියා මනීෂා පවස්දදී එය ඇත්ත බවත් නමුත් ඔහු එලෙස සිටින්නේ ඔහුගේ යහළුවෙකු සමඟින් බවත් අගස්ති පවසනවා. ඉතිං එලෙස අගස්ති එය පැහැදිලි කර දෙමින් ඇයට පුළුවන් නම් එය වින්ඩිට තේරුම් කර දෙන්න කියා ඉල්ලා සිටිද්දී එය ඇයට කල නොහැකි බවත් ඇය දැනගත හොත් ඇය මෙලෙස අගස්තිව මුණ ගැසෙන්නට පැමිණි බව වින්ඩි ඇයට දොස් කියායි කියා මනීෂා පවසනවා. ඒ අවස්ථාවේ ඇයට පුළුවන් නම් වින්ඩිව එකම එක වතාවක් ඔහුට මුණගස්වන්න කියා අගස්ති මනීෂාගෙන් ඉල්ලා සිටිනවා. ඉන්පසු ඇය එය කරනන්ට උත්සහා කරන්නම් කියාත් නමුත් ඔහු බොරුවක් කර ඇති බව ඔප්පු වුවහොත් ඇය කිසිදින ඔහුත් සමඟින් කතා නොකරන බවත් මනීෂා පවසා සිටිනවා.

මේ වේලාවේ විපුලව මුණගැසෙන්නට පැමිණෙන ලියනගේ, ඔහු පසුපසින් තරුපති පන්නන බවත් ඔහුගෙන් ගැලවීමක් නැති බවත් ලියනගේ පවසනවා. ඒ වේලාවේ ඔහු එයට යෙදු පිරිස විසින් වැඩේ නාගත්ත බවත් එසේ වුයේ නැතිනම් තරපතිට මෙලෙස සැක සිතෙන්නේ නැති බවත් පවසනවා. ඉන්පසු සිදු වු දේ සිදු වී හමාර බවත් නමුත් මෙය වැරදුනහොත් ඔහුටත් විපුලටත් දෙදෙනාටම ඇතුළට යාමට සිදු වන බවත් ලියනගේ පවසනවාත් සමගම ඔහු කුමකටද ඇතුළට යන්නේ කියා විමසනවා. ඒ වේලාවේ ඔවුන් සියළුදෙනා එකතු වී එය කල හෙයින් ඔවුන් සියළුදෙනාම දඬුවම් විඳිය යුතු බව ලියනගේ පවසනවා. එත් එක්කම ඒ සියළුදේ තීරණය වන්නේ විපුලගේ පුතා වන විශාල්ගේ සාක්ෂිය මත බව ලියන්ගේ පවසා සිටිනවා.එ අවස්ථාවේ විශාල් ඔහුගේ පුතා හෙයින් ඔහු පවසන්නේ ඔහුට අවශ්‍ය දේ බව විපුල පවසනවා.

උඳුල් ළඟට පැමිණෙන උත්තරා, ඔහුට ඇයව කරදරයක් නේද අසමින් කෙල්ලෙක් කොල්ලෙකුගේ පස්සෙන් පැමිණ කතා කරනවා කියන්නේ ආදරය කරනවා කියන එක නොවන බවත් නමුත් ඔවුන් හිතන විදියේ කෙනෙකු නොවන බවත් ඇය ඇතුළේත් සිරියස් කෙල්ලෙක් සිටින බවත් උත්තරා පවසනවා. ඉතිං මේ විදියට දිගින් දිගටම උත්තරා උඳුල් පසු පසු ගොස් ඔහුට හඟවන්නට හදන්නේ ඇය ඔහුට ආදරය කරන බව වුවත් උඳුල් ඒ කිසිවිටකවත් ඇය ඒ කියනා දේ තේරුම් ගන්නට උත්සහා කලේ නැහැ. මන්ද ඔහු හදවතින්ම ආදරය කරන්නේ ඊෂාට නිසා. ඉතිං මේ වේලාවේ ඇගේ කතාව අසා සිටින උඳුල් , ඇයට කුමක් හෝ උදව්වක් අවශ්‍ය නම් ඔවුන්ට කියන්න කියාත් ඔවුන් ඕනෑම වේලාවක ඇය වෙනුවෙන් ඉන්නා බවත් පවසනවාත් සමඟම ඇයට එලෙස කිසි කෙනෙකුගේ උදව් අවශ්‍ය නැති බව උත්තරා පවසනවා. ඒ අවස්ථාවේ ඇයට ජිවිතේ අඩුවෙන් දැනෙන එකම දේ ආදරය බව උත්තරා පවසමින් ඔහු කාට හෝ ආදරය කරනාවද කියා උඳුල්ගෙන් විමසනවා. මේ වේලාවේ උදුල් ඔහුගේ සිතේ ඉන්න කෙනෙකුට ආදරය කරන බවත් ඒ ආදරේ කිසිදින ඔහුගේ සිතෙන් නැති වෙන්නේ නැති බවත් අඩු වෙන්නේ නැති බවත් උඳුල් පවසමින් මොන දේ සිදු වුවත් වෙන කෙනෙකුට ඔහුගේ හිතට ලං වෙන්න බැරි බවත් උඳුල් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *