සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ  රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා..පැරිසීයට ප්‍රසංගයකට යන බව කියමින් ලංකාවෙන් ගිය අගස්ති නැවතත් දින කිහිපයකට පසු ඔහුගේ නිවසට පැමිණෙනවා.ඉතිං ඒ වේලාවේ නිවසට පැමිණි අගස්තිව දකින වින්ඩි ඔහු දෙස බලා හිඳිමින් කිසිවක් නොකියාම කාමරයට ගොස් ඇගේ ඇඳුම් බෑගය හදමින් ඇයට ඔහුත් සමඟින් කිසිදු සම්බන්ධතාවයක් නැති බව පවසනවා.ඉන්පසු ඔහුට කැමති කෙනෙකු සමඟින් කැමති අකාරයකට ඉන්නට පුළුවන් බව පවසමින් ඇය තවදුරටත් ඔහු සමඟින් ඉන්නේ නැති බවත් කියමින් ඇය ඇගේ බෑගයත් රැගෙන යනන්ට යනවා.ඒ අවස්ථාවේ අගස්තිත් වින්ඩි පසුපස යමින් ඇයව නතර කරගන්නට උත්සහා කලත් වින්ඩි ඔහු කියනා කිසිදෙයක් නොඅසා යන්නට යනවාත් සමඟම එතැනට පැමිණෙන මාධ්‍යකරුවන් , ඔහුව වට කරමින් ඔහුගෙන් ප්‍රංශයේ සිටිනා බව කියන ඔහුගේ පෙම්වතිය ගැන ප්‍රශ්න කරනවා.ඉන්පසු ඔවුන්ගේ ප්‍රශ්න කිරීම හිසරදයක් වුන අගස්ති ඔවුන්ට බැන වදිමින් ඔවුන්ව මඟ හැර යන්නට යනවා.

ඔය අතරේ ශානිකා ඇගේ නිවසට එන්න එපා කියා තිබියදීත් එය නොඅසා ඇගේ නිවසට පැමිණෙන විපුලව දකින ශානිකා, ඔහු ළඟට පැමිණ ඔහුට යළිත් මෙලෙස එනන්ට ලැජ්ජාවක් නැතිද අසමින් නිවසින් යන්න කියා පවසද්දී ඔහුට සිදු වු දේ ගැන ඇයට තේරුම් කර දෙන්නට අවශ්‍ය බව විපුල පවසනවා.ඉන්පසු ඔහු කියනා දේවල් නොඅසන ඇය කෑසමින් ඔහු මෙතරම් බොරුවක් කරමින් තවත් ඇයත් සමඟින් කතා කරන්නට තිබෙන්නේ මොනවාද කියා අසමින් ඔහු ඇයව කසාද බැඳ ඇත්තේ ඇගේ මුදල් සහ දේපළ නිසාවෙන් බව කියමින් ශානිකා ඔහුට දිගින් දිගටම බැන වදිනවා.ඉන්පසු එලෙස ඇය ඔහුට බැන වදිමින් ඇයට එලෙස කලේ ඇයිද කියා විපුලගෙන් විමසනවා.ඒ වේලාවේ විශාල්ට ඔවුන් දෙදෙනාව අවශ්‍ය වන කාලය එය වන බැවින් මේ සිදු වු ප්‍රශ්නය කතා කර විසඳගමු කියා විපුල පවසද්දී ඔහුට දරුවකු නැති බවත් ඔහුගේ දරුවා සිටින්නේ නුවරඑළියේ බවත් කියමින් හඬාවැලපෙමින් ඇයගේ දරුවා ඇය බලා ගන්නම් කියාත් යළිවතාවක් ඇය සොයා නිවසට පැමිණියහොත් ඇය කුමක් කරයිද කියාත් සිතා ගත නොහැකි බව කියමින් ඔහුව ගෙදරින් එලවා දමනවා.

අගස්තිත් සමඟින් රණ්ඩු වී නිවසින් පැමිණි වින්ඩි වජිරාගේ නිවසට ඇගේ ඇඳුම් බෑගයත් රැගෙන පැමිණ , අගස්ති පැරිසියේ සිට ආ බවත් ඇයට ඔහුත් සමඟින් ඉන්නට බැරි බවත් වින්ඩි පවසනවා.ඒ වේලාවේ අගස්ති මොනවද කියන්නේ කියා වජිරා අසද්දී ඔහු බොරු දේවල් කියමින් වැරද්ද වහන්න හදන බවත් නමුත් ඇය ඔහු කියනා ද්වල් වලට රැවටෙන්නේ නැති බවත් කියද්දී එය ඇත්තක් වන නමුත් ඇයට අගස්ති සමඟින් ඒ ගැන නිදහසේ කතා කරන්නට තිබුනු බව වජිරා පවසනවා.එලෙස ඇයට ඔහුත් සමඟින් නිදහසේ යළිත් කතා කරන්නට දෙයක් නැති බව කියන වින්ඩි හඬමින් යළිත් වජිරා ළඟට ගොස් ඇයව වැළඳ ගනිමින් ඇයට සියළු දේ නැති වුන බව පවසනවා.මේ වේලාවේ වින්ඩි ගැන සංවේදී වුන වජිරා ඇයට ඉවසීමෙන් ඉන්න කියාත් මේ ගැන අගස්තිත් සමඟින් කතා කරමු කියාත් වින්ඩිට පවසනවා. ඔය අතරේ අසපුව දෙසට වී කල්පනා කරමින් සිටින උඳුල් ළඟට පැමිණෙන උත්තරා ඔහු මෙලෙස තනිවී කල්පනා කරන්නේ මොනවාද කියා අසද්දී ඔහුට තනිව නිදහසේ ඉන්නට අවශ්‍ය වු බවත් එහෙයින් ඔහු මෙලෙස සිටිය බවත් පවසනවා.

ඉතිං ඒ අවස්ථාවේ උත්තරා උඳුල් සමඟින් ප්‍රසංගය ගැන කතා කරමින් සිටන අවස්ථාවේ ඇය එකපාරටම දකිනවා ඊෂා අසපුව දෙසට පැමිණෙනවා. ඒ අවස්ථාවේ ඇය බොරුවට ඇගේ ඇස් වලට කුමක් හෝ ගියා මෙන් හැසිරෙමින් උඳුල්ව ඇය ළඟට ගනිමින් ඊෂාට ඔවුන් දෙදෙනා ලං වී සිටිනවා පෙනෙන්නට හරිනවා. නමුත් ඒ වේලාවේ ඊෂා කිසිවක් කතා නොකරම එය නොදැක්කා මෙන් අසපුව ඇතුළට ගොස් තරුපති සමඟින් කතා කරමින් සිටිනවා.ඉතිං ඒ වේලාවේ ඔහු ළඟට පැමිණෙන ඊෂාගෙන් විශාල්ගේ තත්ත්වය දැන් කෙසේද අසමින් ඔහුට ඉක්මනින්ම සනීප වෙයි කියා පවසනවා.ඉනප්සු ඔවුන්ගේ ප්‍රසංගය පැවැත්වෙනවාද කියාත් ඇය ඉතා කැමැත්තෙන් එය බලන්නට ඉන්නේ කියාත් ඊෂා පවසද්දී ප්‍රසංගය පැවැත්වෙන්නේ පංතියෙන් හෙයින් ඇයට විශේෂයක් කරන්නට හැකියාවක් නැති බවත් එම නිසා ඒ ගැන වරදවා තේරුම් ගන්නට එපා කියාත් තරුපති ඇගෙන් ඉල්ලා සිටිනවා.ඔය අතරේ අච්චි අම්මා සමගින් කතා කරමින් සිටින උඳුල් ළඟට පැමිණෙන ඔහුගේ තාත්තා වන විපුල , ඔවුන්ගෙන් සමාව ගනිමින් එදින සිදු වු දේවල් කිසිවක් ඔහු සිතාමතා කල දේවල් නොවන බවත් ඔහු ඒ සියළු දේ කලේ ඔවුන් දෙදෙනාගෙන් ජිවිත වෙනුවෙන් බවත් ඉතාමත් සංවේදී ලෙස පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *