සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ  රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.වින්ඩි අගස්තිගේ සහ ඇයගේ මතකයන් සිහි කරමින් කාමරයට වී හඬා වලෙපෙමින් සිටින තැනට පැමිණෙන මනීෂා ප්‍රශ්නයක් ඇති වුවා කියා මෙලෙස හඬාවැලපි විසඳුම් සොයන්නට බැරි බවත්, ඔවුන් තමවත් ඇත්ත කුමක්ද කියා දන්නේ නැති හෙයින් මෙලෙස කලබල වෙන්නට එපා කියාත් පැවසුවත් වින්ඩි ඒ කිසිවක් නොඅසා ඇයට තව නැති වෙන්නට කිසි දෙයක් නැති බව කියමින් ඇය දිගින් දිගටම ඒ දේවල් මතක් කරමින් හඬනවා. ඔය අතරේ උඳුල් සහ ඔහුගේ ආච්චි රෝහලට පැමිණ සිටි අවස්ථාවේ ඔවුන්ව දකින විපුල ඔවුන් රෝහලට පැමිණියේ ඇයිද කියා විමසනවා. ඒ අවස්ථාවේ ඇයට බෙහෙත් ගන්නට ඔවුන් පැමිණි බවත් ඔහු මෙලෙස රෝහලට පැමිණියේ ඇයිද කියාත් අසද්දී ඔහුගේ යහළුවෙක් රෝහලේ සිටින බවත් ඔහු බලනන්ට පැමිණ බවත් පවසන අතරේදී එ අසළට පැමිණෙන ශානිකා ඈත සිට ඔවුන් කතා කරනා දේ සේ බලා හිඳ උඳුල් සහ විපුල ගිය පසු ඒ ගැන විස්තර දැනගන්නට උඳුල්ගේ අම්මා ළඟට පැමිණෙන ශානිකා කපටිකමෙන් ඇගෙන් විස්තර දැන ගනිමින් විපුල කියන්නේ ඔවුන්ගේ කවුරුන්ද කියා ඇත්ත දැනගන්නවා.

ඉතිං ඉන්පසු විපුලගේ අම්මා යන ත්‍රීවිලර්ය පසුපස පන්නාගෙන යන ශානිකා ඔවුන්ගේ නිවසම අසළට වී විපුල එම නිවසට පැමිණෙනවාද කියා බලා සිටිනවා.ඉන්පසු විපුල පැමිණ ඔහුගේ අම්මාත් සමඟින් එළියට වී කතා කරමින් සිටිනවා බලා සිටින ශානිකා ඔවුන් කතා කරන සියළු දේ ගැන අසාගෙන සිටිමින් තවදුරුටත් ඉවසාගත නොහැකිව කේන්තියෙන් ඔවුන් දෙදෙනා ළඟට කෑසාගෙන පැමිණ ඔහු නුවරඑළියේ වැඩ තිබෙන බව පවසමින් එලෙස බොරු කියා පැමිණි තිබෙන්නේ අනිත් පවුල බලන්නද කියා අසමින් ඔහු සමඟින් රණ්ඩු වනවා. ඒ වේලාවේ කිසිවක් නොදැන සිටි විපුලගේ අම්මා ඇය කවුරුන්ද කියා විමසද්දී ඇය විපුලගේ කසාද ගෑනි බව කෝපයෙන් යුතුව පවසමින් විපුල ඇයට කියා තිබෙන්නේ ඔහුගේ අම්මා මැරුණ බව බවත් පවසනවා. ඔය අවස්ථාවේ විපුල සිදු වු දේවල මුල සිට තේරුම් කර දෙන්නට උත්සහා කලත් ඇය ඒ කිසිවක් නොඅසාම නිවස ඇතුළට ගොස් ඔහු අනිත් පවුල කොහේද කියා සොයන්නට වුවා. ඉන්පසු විපුලට පහරදෙමින් ඔහු ළඟට පැමිණෙන ශානිකා යළිත් කිසිදින ඇයගේ නිවසට පැමිණෙන්නට එපා කියා තර්ජනය කරමින් යන්නට යනවා.ඉතිං ඉන්පසු විපුලගේ අම්මා ඒ ගැන කතා කරමින් හඬමින් සිටින අවස්ථාවේ එතැනට පැමිණෙන උඳුල් ඇය හඬන්නේ ඇයි ද කියා විමසනවා.ඒත් එකක්ම ඔහුව දැක කෝපයට පත්වුන විපුල ඔහු නිසා සියළු දේ සිදු වුන බව පවසමින් ඔහුට පහර දෙන්නට උත්සහා කරද්දී ඔහුගේ පව් වලට උඳුල් පලි නැති බව කියමින් විපුලට බැන වදිනවා.

පෙරදින ඔහු නිසා සියළු දේ සිදු බව කියා චෝදනා කල හෙයින් ඔහු ඔහුගේ බෑගයත් රැගෙන නිවසින් පිට වෙන්නට සූදානම් වෙද්දී එතැනට පැමිණෙන ඔහුගේ ආච්චි, ඔහු කොහේ යන්නද හදන්නේ කියා අසද්දී ඔහුව ඔවුන්ට අයිති නැති බවත් එහයෙින් ඔහු තවදුරටත් එම නිවසේ ඉන්නේ නැති බවත් පවසනවා. ඉන්පසු උඳුල් ගැන දුක හිතුන ආච්චි අම්මා ඔහු හොඳ දරුවකු බවත් ඔහුට යන්නට එපා කියාත් ඔහු ගෙදරින් ගියහොත් ඇය තනි වන බවත් ඔහු නැති ඇයට ජිවත් වන්නට බැරි බවත් කියනා විට උඳුල්ගේ හිතට දුක සිතෙනවා. ඉන්පසු නිවසින් යන්නට ගිය උඳුල් නැවතත් ආච්චි අම්මා ගැන දුක සිති හැරි පැමිණි අවස්ථාවේ උඳුල්ගේ ඔළුව අතගාමින් සියළු ප්‍රශ්න කලබල නොවී විසඳාගමු කියා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *