සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.උදේනිව හමුවන්නට පැමිණෙන අක්ෂාගේ අම්මා, දෙව්මි තවමත් නැවතී සිටින්නේ උදේනිගේ නිවසේද කියා විමසමින් ඇයගේ ප්‍රශ්නය තවමත් විසඳුනේ නැතිද කියා උදේනිගෙන් අසද්දී දෙව්මි තව ටික කාලයක් ඇය ළඟ සිටිනවා බවත් නිවසේ සිටියාම ආනන්ද ඕනවාට වඩා දෙව්මිව සිරකරගෙන සිටින්නට උත්සහා කරනා බවත් එලෙස හිරකරගෙන කෑගහගෙන ඉන්නවාට ළමයි කැමති නැති බවත් උදේනි පවසනවා.ඉන්පසු පිට මිනිසුන් කරනා වැරදි වලට දෙව්මිට කෑගසා වැඩක් නැති බවත් ඇයට අක්ෂා කියු විදියට මෙය මේනකගේ කුමන්ත්‍රණයක් බවත් ඒ කාලේ අමිත් සිටි කාලයේදීත් මේනක බොහෝ සේ ඔවුන්ට කරදර සිදු කල බවත් අක්ෂාගේ අම්මා පවසනවා.ඒ වේලාවේ අක්ෂා සහ අනුහසුත් ඒ ගැනම කතා කරනා බවත් ඔවුන් මේනකගේ හොර වැඩ අල්ලා ගැනීමට මේ වෙද්දී කුමක් හෝ සැලසුමක් කරමින් සිටින බවත් උදේනි පවසනවා.ඉන්පසු එය පහසු දෙයක් නොවන බවත් ඔවුන් ඉතා භායනක මිනිසුන් බවත් අක්ෂාගේ අම්මා පවසමින් අනුහස්ට මේනකත කියන්නේ කවුරුන්ද යන්න තේරුම් කර දෙන්න කියා අක්ෂාගේ අම්මා ඉල්ලා සිටිනවා.

මේ වේලාවේ මේනකව හමුවන්නට පැමිණෙන නීශා පොඩි ප්‍රශ්නයක් ඇති වුන බව පවසමින් අවන්ත ඇයව සොයාගෙන ආ බවත් ඔහුව ඇයට පාරේදී මුණ ගැසුන බවත් පවසනවාත් සමගම එය අසා කලබල වුන මේනක එසෙ වුයේ කෙසේද අසමින් ඒ අවස්ථාවේ දරුවා සිටියේ කොහේද කියා ඇගෙන් විමසනවා. ඒ අවස්ථාවේ දරුවා ඇය ළඟ නොසිටි බවත් දරුවා නැන්දා ළඟ තබා ඇය ගිය බවත් පවසනවා. ඉන්පසු අවන්ත මොනවාද ඇසුවේ කියා ඇගෙන් විමසද්දී ඇය වැඩ කරන්නේ කාගේ යටතේද කියා ඇසු බවත් නමුත් ඇය ඔහුව මඟහැරිය බවත් නමුත් අවන්ත නතර නොවි ඇගේ පසුපසින්ම එළවාගෙන පැමිණි බවත් ඉන්පසු ඇයව අල්ලාගෙන තප්පයකට තදර කරමින් ඇය එලෙස කලේ ඇයිද කියා විමසමින් ඇයව මරා දමන බවට තර්ජනය කල බවත් නිශා පවසනවා.ඉන්පසු ඇගේ කතාව අසා සිටි මේනක යළිත් වතාවක් අවන්ත ඇයව සොයා පැමිණියහොත් කල යුත්තේ කුමක් කියන වග ඔහු රාත්‍රියේදී දුරකථන ඇමතුමක් ලබා දී කියන්නම් කියමින් ඇයට ගෙදර යන ලෙස පවසනවා. ඉතිං ඉන්පසු ඇය යනවාත සමඟම ඒ ගැන අශෝන සමඟින් කතා කරන මේනක ඇය මෙලෙස පැමිණ පැවසුවේ බොරුවක් විය හැකි බවත් ඇය මෙලෙස ඔවුන්ව බය කරමින් මුදල් ලබා ගන්නට උත්සහා කරන බවත් මේනක පවසනවා.

රූපවාහිනිය නරඹමින් සිටින රදීෂ් ළඟට පැමිණෙන ඩිලාන් ඔහුට කියන්නට පුදුම හිතෙන කාරණයක් තිබෙන බව පවසමින් ඔහු ළඟට පැමිණෙනවාත් සමඟම ඒ කුමක්ද අසමින් අවන්තට පසුදිගයක නිවසට පැමිණි ගැහුණු කෙනාව හමු වී ඇතිද කියා රදීෂ් විමසනවා. ඒ වේලාවේ එලෙස දෙයක් සිදු වි නැති බවත් එසේ වුව නම් ඔහු මෙලෙස කිය කිය සිටින්නේ නැති බවත් ඩිලාන් පවසමින් ඔහු කියන්නටය යන පුවත ඔහුට හොඳ ආරංචියක් වන්නට පුළුවන් බවත් පවසමින් ලබන සතියේ රදීෂ්ගේ අම්මා සහ අක්කා ලංකාවට පැමිණෙන බව ඩිලාන් සිනාසෙමින් පවසනවා. එය අසා කලබල වී පුදුම වන රදීෂ් ඔවුන් එලෙස හදිසියේ පැමිණෙන්නේ කුමක් හෝ ප්‍රශ්නයක්ද කියා ඩිලාන්ගෙන් විමසද්දී එලෙස ඔවුන් හිටිහැටියේම ලංකාවට එනන්ට ගත් තීරණය ගැන ඔහුටත් සිතා ගන්නට බැරි බව ඩිලාන් පවසනවා.එත් එකක්ම ඔවුන් ලංකාවට ආ පසු ඔහු සහ ලිහිණි අතර තිබෙන සම්බන්ධය ගැන සඟවාගෙන සිටිමට නොහැකි වන බව ඩිලාන් පවසනවා.ඒ වේලාවේ ඒ ගැන ඔවුන්ට හංගන්නට දෙයක් නැති බවත් ලිහිණි හොඳ කෙනෙකු බවත් ඔවුන්ගේ ගෙදරින් ඔහුට කැමති ඇති බවත් රදීෂ් පවසනවා.

සමරනායකට ඔහුත් සමඟින් කතා කරන්නට කාරණාවක් තිබෙන බව කියමින් රදීෂ්ව හමුවන්නට ඔහුට පැමිණෙන ලෙස දැනුම් දෙනවා. ඒ අවස්ථාවේ ඔහුව හමුවන්නට පැමිණෙන සමරනායකට ඔහුගෙන් දැනගන්නට කාරණා කිහිපයක් තිබෙන බව පවසමින් කන්ටේනරය ගිනි තැබු අවස්ථාවේ ඒ ගැන දිගින් දිගටම සොයා බලන්නේ නැතිව එය නතර කර දැමුවේ ඇයිද කියා අසමින් පොලිසියත් සමඟනි එකතු වී මේ ගැන සොයා බලා එයට සම්බන්ධ පුද්ගලයන්ට නඩු දැම්මේ නැත්තේ ඇයිද කියා රදීෂ් සැරෙන් ඔහුගෙන් විමසනවා.ඒ වේලාවේ මෙයට සම්බන්ධ අය කවුරුන්ද කියා සොයා ගෙන නැතිව තිබියදී නඩු දන්නේ කෙසේද කියා විමසද්දී එය ඔහුටත් ප්‍රශ්නයක් බවත් එහෙයින් ඒ පිළිබද දිගින් දිගටම සොයා බලන්නේ නැතිව එය අතරමැි නතර කලේ ඇයිද කියා රදීෂ් ඔහුගෙන් විමසනවා.ඒ අවස්ථාවේ කම්පැනියේ සිටි සියළුදෙනා පොලිසි යනවාට අකමැති වු බවත් එහෙයින් පොලිසියට මේ බව දැනුම් දෙන්නට අවශ්‍ය නැති බව කී බවත් සමරනායක පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *