සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.සිය දුරකථනය ආනන්ද ගත් පසු අවන්තට කතා කරන්නට නොහැකිව දුකින් සිටි අවස්ථාවේ අරුණි ඇයට ලබාදුන් දුරකථනයෙන් අවන්තට දුරකථන ඇමතුමක් ලබාදෙමින් අරුණි ගැන හොඳ කතා කරමින් සිටියදී , දෙව්මිගේ අම්මා වන අනු ඇයට දුරකථනයක් අරුණි ගෙනත් දුන් බව දන්නේ නැද්ද කියා අවන්ත විමසනවා. එ අවස්ථාවේ අම්මා දන්නා බවත් නමුත් ඇය ප්‍රශ්නයක් නැති බවත් ඇය එය ආනන්දට නොපෙනෙන්නට තබා ගන්න කියු බවත් දෙව්මි පවසනවා.මෙලෙස කතා කරමින් සිටින අතරේ ඔවුන් මඟ තොටේදී හමුවීමට නොහැකි හෙයින් ජූස් බාර් එකේ හමුවන්න කියා මයික් ඇයට කියු බව දෙව්මි පවසනවා.

ඔය අතරේ උදේනි වත්තට වී වත්ත අස් කරමින් සිටියදී ඇයට එකපාරටම අනුහස් සහ අක්ෂා මතක් වී ඔවුන් දෙදෙනා ගැන කල්පනා කරමින් සිටියදී එතැනට අක්ෂා පැමිණෙනවා.ඒ වේලාවේ අක්ෂා අනුහස් කොහේද කියා අසමින් ඇය එදින උදෑසන කෑම පිළියෙළ කලාද කියා උදේනිගෙන් සිනාසෙමින් විමසන අවස්ථාවේ ඇය කෑම හදපු බව අවුලින් මෙන් පවසනවා. ඒ වේලාවේ ඇයටත් එසේ නම් අනුහස් සමඟින් කෑම අරගෙන යාමට හැකි බව කියද්දී එයටත් උදේනි අමුතුවට පුළුවන් කියා පවසනවාත් එක්කම උදේනි කතා කරන විදියේ වෙනසක් දැනුන අක්ෂා ඇය සිටින්නේ කුමක් හෝ ප්‍රශ්නයකද කියා විමසනවා.ඒ වේලාවෙ ප්‍රශ්නයක් නැති බව ඇය කියද්දී එය බොරුවක් කියා දැනුන අක්ෂා දිගින් දිගටම ඒ ගැනම අසමින් අනුහස් ඇයට මොනවා හෝ දෙයක් කිවාද කියා ඇය විමසනවා. ඒ වේලාවේ අනුහස් මොනවා කියන්නද කියාත් ඔහු ඇයට මොනවත් නොකියා සිටින එක වැරැද්ද බවත් උදේනි මඳ සිනහාවක් පාමින් අක්ෂාට පවසමින් ඇය සහ අනුහස් විවාහ වෙන්නට යනවා නේද කියා විමසනවා.ඒ අවස්ථාවේ එය ඇයට කීවේ අක්ෂාගේ අම්මා බවත් කියද්දී ඇය අම්මාට ඒ ගැන උදේනි සමගින් කතා කරන්නට කියු බව අක්ෂා පවසනවා.ඒ අවස්ථාවේ වෙනදාට අනුහස් පොඩි දෙයක් ගැන වුවත් ඇයට කියනා බවත් නමුත් දැන් අනුහස් එලෙස කිසිදෙයක් ඇයට නොකියන බවත් වේදනාත්මකව උදේනි පවසනවා.

දේව්මිගේ ගෙදරට පැමිණෙන උදේනි, ඇයට දෙව්මිගේ වේදනාව තේරේන බවත් නමුත් ඇයට වඩා ලොකු වේදනාවක් උදේනි විඳින්නට ඇති බවත් කියමින් දේව්මිට තනිව ගෙදර ඉන්නට බැරි නම් ඇගේ ගෙදර යමු කියාත් උදේනි ඉල්ලමින් එලෙස ගියහොත් අඩුමතරමින් උදේනිට ඇගේ හිත හෝ හදන්නට පුළුවන බවත් උදේනි පවසා සිටිනවා. ඒ අවස්ථාවේ තවත් ඇගේ හිද රිදෙන්නට දෙයක් නැති බවත් වෙන්න තිබෙන සියළු දේ ඇති බවත් දෙව්මි දුකින් පවසද්දී ඒවැනි අසුභ කතා කියන්නට ඒපා කියාත් තවම මුකුත් වෙලා නැති බවත් උදේනි පවසනවා. එත් එකක්ම අවන්ත සහ අනුහස් එම ගැහැනු කෙනා ගැන සොයනවා නේද අසමින් ඇය ගැන තවම තොරතුරුක් ලැබී නැද්ද කියා ඇය අසනවා. ඒ වේලාවේ තවම තොරතුරක් නැති බවත් ඇයත් මේ ගැන සෙවිය යුතු බවත් එසේ ඇයත් ඔවුන්ට උදව් කලහොත් එම ගැහැනු කෙනාව ඉක්මනින් සොයා ගෙන අවන්තගේ නිර්දෝශි බව ආනන්දට ඔප්පු කල හැකි බවත් දේව්මි පවසනවා.ඉතිං මේ වේලාවේ උදේනි ඇගේ ජිවිතේ සිදු වු දේවල් ගැනත් මතක් කරමින් ඇය ඉවසු හැටිත් සියළු දේ දරා ගත් හැටිත් දෙව්මිට කියලා දෙනවා.

ඔය අතරෙ දෙව්මිව හමුවන්නට පැමිණෙන ඩිලාන්, සිදුවන දේවල් සමඟිම පරණ දේවලුත් පටලව ගනිමින් අමීෂා හැසිරෙන ආකාරට දුටු විට ආනන්ද වුවත් මෙලෙස තීරණ ගන්න එකේ වරදක් නැති බව ඩිලාන් පවසනවා. ඒ වේලාවේ ඒ මොන දේ සිදුවුවත් ඔවුන් මෙයට ඉක්මනින්ම විසඳුමත් සොයා ගත් යුතු බවත් එදින දරුවාත් රැගෙන පැමිණි ගැහැණු කෙනා ගැන ඔවුන් හැමතැනින්ම තොරතුරු සොයන බවත් නමුත් තවමත් ඔවුන් ඒ ගැන කිසිදෙයක් දැනගන්නට නොලැබුන බව ඩිලාන් කණගාටුවෙන් පවසනවා. ඉන්පසු අවන්ත ඇයට කතා කරනවාද කියාත් ඔවුන් අතරේ ප්‍රශ්නයක් නැ නේද කියාත් ඩිලාන් විමසද්දී එලෙස ප්‍රශ්නයක් නැති බවත් ඔවුන් කතබහා කර මේ ප්‍රශ්නය විසඳා ගැනීමට හැකි ක්‍රමයක් ගැන සිතනා බවත් දෙව්මි පවසනවා. ඉතිං මේ අතරේදී නිවසට පැමිණෙන ආනන්ද ඩිලාන්ව දැක ඔහුත් සමඟින් කතා කරමින් සිටින අවස්ථාවේ අවන්තගේ ප්‍රශ්නයේ තත්ත්වය ගැන අසමින් එය විසදා ගත්තාද කියා ඩිලාන්ගෙන් විමසනවා. ඒ වෙලාවේ සමහර දේවල් ඇත්ත නම් එය ඉක්මනින් සොයා ගන්නට ලෙහෙසි බවත් ,නමුත් එය සැලසුම් කල බොරුවක් නම් එහි ඇත්ත සොයා ගන්නට කාලයක් යන බවත් ඩිලාන් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *