සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා. යළි වතාවක් ආනන්දට හොරෙන් ජූස් බාර් එකේදී අවන්තව හමුවන්නට පැමිණෙන දෙව්මි අවන්ත සමඟින් පහුගිය කාලයේ ඔවුන් විවාහයට සූදානම් වු හැටිත් ඔවුන් සතුටින් කාලය ගත කරපු හැටිත් මතක් කරමින් සිටිනවා.ඒ වේලාවේ ඇයගේ දුක ඔහුට තේරෙන බවත් ඒ දෙවල් ඔවුන් බලාපොරොත්තු වු දේවල් නොවන බවත් ජිවිතේ හැටි එලස බවත් අවන්ත දෙව්මිට පැහැදිලි කර දෙනවා.ඉන්පසු මේ සියළු ප්‍රශ්න ඇති වුනේ මේනක නිසා බව පවසන අවන්ත මේනක ගැන හොඳටම දැන දැනත් අමීෂා එලෙස මේනකව ගෙදරට ගෙන්වාගෙන කලේ වරදක් බව පවසනවා. ඔය අවස්ථාවේ ඔවුන් කතා කරමින් සිටින තැනට අහම්බනයෙන් වාගේ පැමිණෙන ආනන්ද ඔවුන් දෙදෙනා එතැන සිටිනවා දැක දෙව්මිට ඔහු ළඟට අඩගසද්දී දෙව්මි ඉදිරියට පැමිණෙන අවන්ත ඇයව නවත්වා ගත්තේ ඔහු බවත් එහෙයින් ඇයට ගහන්නට එපා කියාත් ඉල්ලා සිටිනවා. ඉන්පසු අවන්ත ළඟට යන ආනන්ද ඔහු ඉතාම ඉවසීමෙන් හොදින් ඔහුට දෙව්මිගෙන් ඈත් වී සිටින්නට කියා පවසන්නේ කියමින් දෙව්මිවත් රැගෙන එතැනින් පිට වෙනවා. ඉන්පසු නිවසට පැමිණ ඇයගේ දුරකථනය ඔහු ඉල්ලා ගනිමින් යළිත් අවන්තත් සමඟින් කතා කරන්නට බැරි බව පවසා යන්නට යනවා.

පසුදා උදෑසන ගෙදරට වී හඬමින් සිටින දෙව්මි ළඟට පැමිණෙන අනුහස්, සිදු වෙන්නට යන්නේ කුමක්ද කියා ඔහුටත් සිතාගන්නට බැරි බවත් ඇය හඬන්නේ නැතිව ඉවසා ඉන්න කියාත් ඔහු මෙයට කුමක් හෝ විසඳුමක් හොයාගන්නම් කියාත් පවසනවා. එත් එකක්ම කවුරු කෙසේ කිවත් අවන්ත කියන්නෙ කවුද කියාත් ඔහු ඇයට වරදක් කරන්නේ නැති බව දන්නා බවත් අනුහස් පවසනවා. ඒ වේලාවේ එය ඇයත් දන්නා බවත් නමුත් ගෙදර මිනිස්සු එය පිළිගන්නට කැමති නැති බවත් දෙව්මි පවසනවා. එත් එක්කම ඔහු ආනන්දට ඔහුගේ තාත්තා වන රවීටත් වඩා ආදරය කරන බවත් නමුත් ඔහු ප්‍රශ්නයක් වුවාම හැසිරෙන ආකාරයට ඔහු ඇකමැති බවත් පවසනවා. ඉන්පසු දෙව්මි ඉතා බෑගැපත්ව ඇයට අවන්තව හමුවන්නට අවශ්‍ය බව පවසා සිටියදී මේ අවස්ථාවේ එසේ හමුවන එක අවදානම් බැවින් දුරකථනයෙන් කතා කර ප්‍රශ්නය ටිකක් හෝ විසඳා ගන්නා තෙක් දෙදෙනාම ඉවසීමෙන් ඉන්න කියා අනුහස් ඇයට අවවාද කරනවා.ඉන්පසු ඔහු පුළුවන් ඉක්මනින් එම ගැහැණු කෙනාව සොයා ගන්නා බවත් මේ සැලසුම වෙන කාගෙවත් නොව මේනකගේ සැලසුමක් බවත් අනුහස් කෙන්තියෙන් පවසනවා.ඔහුට අවශ්‍ය වන්නේ ඔවුන් අතර ප්‍රශ්න ඇති කර ඔවුන්ව වට්ටා කම්පැනිය ඔහු අතට ගැනීම බවත් අනුහස් පවසනවා.

දෙව්මි කල්පනා කරමින් සිටින තැනට පැමිණෙන අක්කා ඇයට අලුතින් ගත් දුරකථනයක් අතට ලබා දෙමින් එය ගන්න කියාත් එහි සිම්පතක්ද තිබෙන බවත් ඇය හෙට දිනයේ කාර්යාලයට ගියා පසු අවන්තට ඇගේ දුරකථන අංකය ලබා දෙන්නම් කියාත් පවසනවා. ඒ අවස්ථාවේ එය පරිස්සමින් තබා ගන්න කියාත් ආනන්දට අහු වෙන්නට අවන්තට කතා කරන්නට එපා කියාත් ඇය දෙව්මිගෙන් ඉල්ලා සිටිනවා. මේ වේලාවේ ඇය දුරකථන දෙස බලමින් ඉන්නවාත් සමඟිම දෙව්මිගේ එතැනට පැමිණෙනවා ඒ වේලාවේ ඇය දකිනවා දෙව්මි කුමක් හෝ දෙයක් ඇයට නොපෙනෙන්ට සඟවා ගන්නවා. ඉන්පසු අනු දිගින් දිගටම ඒ ගැන ඇසු හෙයින් ඇයට දුරකථනයක් අක්කා ගෙනත් දුන් බවත් ඒ ගැන ආනන්දට දැනගන්නට ඉඩ තියන්න එපා කියාත් පවසනවා.ඒ වේලාවේ ඇය කිසිදෙයක් ගැන දන්නේ නැති ගානට ඉන්න කියා දෙව්මි අම්මාගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *