සතිය දින පහේම රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය මේ දින වල කා අතරත් ජනප්‍රිය ටෙලිකතාවකි.හිරේට යන වීරවර්ණ මහතා හට යහළුවෙකු හමුවෙනවා.සත්‍යා සීයා හමුවීමට යනවා.ඉන්පසු සිදුව ඇති දේ සීයා හට පවසනවා.යෙනුකි හමුවීමට යන සන්තුෂ්ගෙන් යෙනුකි තමා හට ආදරය කරන්නේ ඇත්තටමද කියා අසා ඔහුගෙන් පොරොන්දු කරගන්නාවා.තමා යෙනුකි හට ආදරේ බව පොරොන්දු වනවා.මේ අතර සත්‍යා බෝට්ටු නවත්වන තැනට ගොස් එතැන වෙන වැඩ ගැන සොයා බලනවා.බාබුගේ අම්මා අසලට පැමිණෙන කැතරින්ගෙන් ඇගෙන් කැමැත්ත අහන මැනේජර් ගැන විමසනවා.කෝප වන කැතරින් එය අම්මාගේ බොරුවක් බව පවසා එතැනින් පිටව යනවා.සත්‍යා පල්ලියට ගොස් යාඥා කරමින් සිටිනවා.එතැනට පැමිණෙන සිස්ටර් සිදුව ඇති කරදරය ගැන විමසනවා.එතැනදි ඇය සත්‍යාගේ හිත හදනවා.රාත්‍රියේදි ශිවාගේ පුංචි වන ශාන්තිනි බාබුගේ අම්මා සොයා පැමිණෙනවා.

ශිවාද ඇය දුටුවාද කියා විමසනවා.බාබුත් තවම නැති බව ඇග්නස් පවසනවා.දෙදෙනාම බීමතින් නිවසට පැමිණේවි කියා බාබුගේ අම්මා ශාන්තිනි හට පවසවා.එසේ කලොත් නැවත ඇය යාපනයට යන බව පවසනවා.පසුදින සත්‍යාව කැම්පසු රැගෙන යාමට තෝමස් පැමිණෙනවා.ඉන්පසු එතැනට පැමිණෙන ජේරාජ් සැම්සන්ව දැක්කාද කියා තෝමස්ගෙන් විමසනවා.ඔහුව නොදැක්ක බවත් දුටුවත් ජේරාජ් හට පවසන බවත් තෝමස් පවසනවා.ඉන්පසු සත්‍යාද කැටුව තොමස් කැම්පස් එකට යනවා.උදෑසන බෝට්ටු අසලට පැමිණෙන රයිසින් ස්ටාර් එකේ සිටින අයෙක් ජේරාජ් අසලට පැමිණ බොට්ටු වල රූගත කිරීමක් කලයුතු බව පවසනවා.ඉන්පසු සත්‍යා හට ඇමතුමක් අරන්දෙන ජේරාජ් ඔහුට සත්‍යා සමඟ කතා කරන ලෙස පවසනවා.සත්‍යා සමඟ කතා කරන ඔහුට තමා හට දිනය හා වේලාව පවසන ලෙස පවසනවා.කැම්පස් එකේදි යෙනුකි හට සත්‍යා හමු වනවා.යහළුවන් සමඟ එකතු වී යෙනුකි සත්‍යා හට විහිළු කරනවා.මේ අතර යෙනුකි හට ඇමතුමක් ගන්නා සන්තුෂ්ට සත්‍යා සමඟ සිදුවු දේ පවසනවා.ඔවුන්ගේ කතාව අසා සිටින සන්තුෂ්ගේ අම්මා යෙනුකි කවුරුන්ද කියා විමසනවා.

ඇයව ඔහු විවාහ කර නොග්නනා බව සන්තුෂ් පවසනවා.මේ අතර ඇනිටා මාකස් සොයා පැමිණෙනවා.නිවසේ සිටින ශාන්තිනි මාකස් සොයන්නේ ඇයි දැයි විමසනවා.මාකස් අයියා ධීවර සමීතයේ සභාපති නිසා ඔහුගෙන් උදව්වක් උවමනා බව පවසනවා.යෙනුකි එනතුරු සන්තුෂ් කැම්පස් එක අසලට වී බලා සිටිනවා.එතැනින් යන සත්‍යා හට සන්තුෂ් කතා කරනවා.ඔහුගේ කතාවට කෝප වන සත්‍යා ඔහුට බැන වදිනවා.ඉන්පසු එතැනට පැමිණෙන යෙනුකි සිදුවු දේ විමසනවා.හිරේ සිටිනා කෙනෙකුගේ දුරකථනයකින් සත්‍යා හට ඇමතුමක් ගන්නවා.ඉන්පසු කෙසේ හෝ තමාව නිදහස් කරගන්නා ලෙස සත්‍යා හට පවසනවා.ඔහුව බැලීමට හෙට එන ලෙස පවසනවා.බන්ටිගේ සැලෝන් එකට එන ශිවා ඔහු සොයාදුන් ලෝයර් හොඳ අයෙකු නොවෙන බව පවසා ශිවා බැන වදිනවා.සත්‍යාගේ නිවසට ජුඩ් පැමිණෙනවා.සත්‍යාගේ කාමරය අසල ඇති දොරෙන් සත්‍යාගේ කාමර තුල බලනවා.එතැනට පැමිණෙන සත්‍යා ජුඩ් හට බැන වදිනවා.රාත්‍රියේදි සත්‍යා තමා හට තාත්තා නැතිව පාළුයි බව පවසනවා.දුරකථනය තියන ශිවා ඉක්මනින් සත්‍යාගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු හොර රහසේම ශිවා සත්‍යාගේ කාමරය තුලට පැමිණෙනවා.දෙදෙනාම කතා කර ඉන්පසු ශිවා එතැනින් පිටව යනවා.නිවසින් එළියට යන ජේරාජ් ශිවාගේ බයිසිකලය දකිනවා.සත්‍යා හට ඇමතුමක් ගන්නා ශිවා ජේරාජ්ව ගන්නා ලෙස පවසනවා.ඉන්පසු ජේරාජ් එතැනින් ගිය විට ශිවා බයිසිකලය රැගෙන එතැනින් පිටව යනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *