සතියේ දින පහේම රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනියේ විකාශය වන පාර දිගේ ටෙලිනාට්‍ය මේ දින වල කාගේත් ආදරය දිනා ගනිමින් මෙසේ ගලා යනවා.ආණ්‍යාව වෑන් රථයකට දාගත් මැරයන් ඇයව නානායක්කාර හමුවීමට ගෙන යනවා.ඉන්පසු එතැනදි තමා අරවින්දි නොවන බවත් ඔවුන්ට වැරැද්දක් වී ඇති බවත් පවසා සියලු දේ පැහැදිලි කර දෙනවා.ඉන්පසු අරවින්දි හට ඇමතුමක් ගන්නා නානායක්කාර මේ සිටින්නේ අරවින්දි නොවන බව වටහා ගන්නවා.මේ අතර බානුක අභි හා භාතිය සිංදුව රෙකෝඩ් කරමින් සිටිනවා.ඔවුන් ආණ්‍යාව සම්බන්ධකර ගැනීමට නොහැකි වනවා.ඇය හට ඇමතුමක් ගන්නා ඔවුන් දුරකථනය ක්‍රියාවිරහිත කර ඇති බව පවසනවා.සරනිගෙන් පහර කන වත්සලා නිවසට පැමිණෙනවා.ඉතාම අමාරුවෙන් ඇය නිවස තුල සිටින විට රුක්ෂාණා ද පැමිණෙනවා.බේත් දැමීමට ඇයව එක්කගෙන යාමට හැදුවද ඇය අකමැති වනවා.නැවතත් ආණ්‍යාව මැරයන් ගත් තැනින් දමා යනවා.ඉන්පසු ඇය ජේරාඩ් හට ඇමතුමක් ගත්තද ඔහු ඇමතුම ගන්නේ නැහැ.ඉන්පසු ආණ්‍යා නැවතත් භානුක හට කතා කර ඇය සිටින තැනට එන ලෙස පවසනවා.බණ්ඩාද සරනිව හමුවීමට පැමිණ ඇයට සියලු දේ කියාදෙනවා.කෝප වන සරනි අළුවිහාරේ හට කේන්තියෙන් කතා කරනවා.අළුවිහාරේ හට ඇමතුමක් ගන්නා ආණ්‍යාගේ පියා ඇයට සිදුව ඇති දේ පවසනවා.භානු හමුවීමට එන ආණ්‍යා සියලු විස්තර ඔවුන් හට පවසනවා.රාත්‍රියේදි ආණ්‍යා නිවසට එන බවත් ඇය සමඟ කතා කර සිටින ලෙස රෙහාන් සරනි හට පවසනවා.ඉන්පසු තමා හට ආණ්‍යා සමඟ කතා කිරීමට නම් මුදල් උවමනා බව සරනි පවසනවා.රාත්‍රියේදි ආණ්‍යා නිවසට පැමිණෙනවා.ඇයට සිදුව ඇති දේ පවසනවා.පසුදින වැඩට යාමට රෙහාන් සුදානම් වී සිටින විට සරනි කේන්තියෙන් සිටිනවා.

ඉන්පසු ආණ්‍යා හට පේන්නවත් ඔහු සමඟ සිටින ලෙස පවසා රෙහාන් එතැනින් පිටව යනවා.පසුව ආණ්‍යා හා සරනි කතා කරමින් සිටින විට ජේරාඩ් ආණ්‍යා හට ඇමතුමක් ගන්නවා.ඉන්පසු තමා සිටින තැනට පැමිණෙන ලෙස ජේරාඩ් හට කතා කර පවසනවා.අරවින්දි හා උදාරි රෙහාන්ගේ නිවසට කෑමකට එන බව රෙහාන් සරනි හට ඇමතුමක් ගෙන පවසනවා.මේ අතර බණ්ඩා වත්සලා හමුවීමට පැමිණෙනවා.ඉන්පසු තමා හට සිදුව ඇති දේ බණ්ඩා හට පවසනවා.ඉන්පසු ඔවුන් හට සරනිට කුමක් හෝ කිරීමට උදව් කරන ලෙස බණ්ඩා හට වත්සලා කියනවා.පසුදින ජේරාඩ් ආණ්‍යා බැලීටම රෙහාන්ගේ නිවසට පැමිණෙනවා.මේ අතර සිකුරාද රෙහාන්ගේ නිවස අසල සිටිනවා.ඉන්පසු ඔහු ජේරාඩ්ගෙන් රෙහාන්ගේ නිවසදි කියා විමසුවද ඔහු දන්නේ නැති බව පවසනවා.ගේට්ටුව විවෘත කරන ආණ්‍යා සිකුරා දැක ඔහු සමඟ කතා කරනවා.ඉන්පසු රෙහාන් ගැන විමසු පසු ආණ්‍යා නිවස තුලට පැමිණ සරනි හට අයෙක් ඇති බව පවසා දෙදෙනාම ඔහු හමුවීමට පැමිණෙනවා.නිවසින් එළියට එන සරනි ඒ සිටින්නේ සිකුරා බව දැනගත් පසු ඔහුට මේ ගෙදර රෙහාන් නැති බවත් නිවස විකුණා ඇති බවත් පවසා පිටත් කර යවනවා.මේ අතර ජේරාඩ් පැමිණ ආණ්‍යා සමඟ කතා කරනවා.මේ අතර බානු හා යහළුවන් සිටින නිවසට නානායක්කාරගේ මැරයන් පැමිණ තුවක්කු පෙන්වා බිය ගන්නා භානුකව පැහැරගැනීමට සුදානම් වනවා.ඉන්පසු සියලු දෙනා එකතු වී ඔවුන් හට පහර දෙනවා.

මේ අතර බණ්ඩා මානවි හට ඇමතුමක්ගෙන ආණ්‍යාව පැහැරගත් බව පවසනවා.ඉන්පසු නානායක්කාර හමුවන මානවි ඔහුට බැන වදිනවා.ඩේමියන් හමුවන නානායක්කාර භානුක පැහැරගන්නා එක නතර කරන ලෙස පවසනවා.රාත්‍රියේදි අරවින්දි හා උදාරි රෙහාන්ගේ නිවසට පැමිණෙනවා.ඔවුන් සියලු දෙනා කතා කරමින් සිටින විට ආණ්‍යා ජේරාඩ් කොහේද කියා විමසනවා.එය අසා සිටින අරවින්දි ජේරාඩ් ආවාද කියා විමසා ජේරාඩ් හට ඇමතුමක්ගෙන සිටින්නේ කොහේද කියා විමසනවා.තමා මීටින් එකක සිටින බවත් ඇයට පසුව කතා කරන්නම් කිය දුරකථනය විසන්ධි කරනවා.මේ අතර බණ්ඩා හා යහළුවන් ඩේමියන්ගේ මැරයන් ගැටගසා තබනවා.ඉන්පසු ඔහුන් ට පවසා ඩේමියන් හට ඇමතුමක් ගෙන භානුක තැනක ගැටගසා සිටින බවත් ඔවුන් භානුක තියාගන්නා තැන තව ටික වේලාවකින් කියන්නම් කියා දුරකථනය විසන්ධි කරනවා.ඉන්පසු ඩේමියන්ගේ ස්ටුඩියෝ එකට පැමිණෙන පොලිසිය ඩේමියන්ව පොලිසියට රැගෙන යනවා.ඉන්පසු බණ්ඩා සිර කර සිටි මැරයන් දෙදෙනා නිදහස් කර යවනවා.මේ අතර රෙහාන් හට ඇමතුමක් ගන්නා රෙහාන්ගේ නංගි අම්මා හට අසනීප බවත් නැවත ලංකාවට පැමිණෙන බව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *