සතියේ දින වල රාත්‍රි 9.00ට හිරු නාලිකාවේ විකාශය වන රුමා ටෙලිනාට්‍ය මෙසේ පසුගිය දින වල මෙසේ ගලා ගියා.කෝපයෙන් නිවසට පැමිණෙන සේරා සමඟ රුමා කතා කිරීමට උත්සහ කරනවා.නමුත් රුමාගේ අම්මා තමා කරන බොරුව ගැන මතක් කරමින් ඇයට බැන වදිනවා.මේ අතර එතැනින් රුමා පිටවීමට හදන විට සේරා ඇයට හන්ඩේගෙන් පරිස්සම් වී සිටින ලෙස පවසනවා. විරාත්ගේ මවට ඇති පිළිකාව ගැන විරාත්ගේ පියා වන උනාල් දැනගන්නවා.ඉන්පසු ඇයව පිටරටට ගෙන ගොස් ප්‍රතිකාර කිරීමට උවමනා බව ඔහු ඇයට පවසනවා.නමුත් ඇය එයට අකමැති බවත් ප්‍රතිකාර ඇය දැනටමත් ගන්නා බවත් පවසනවා.රුමා හා විරාත් ආපනශාලාවකට ගොස් සිදුවු දේ ගැන කතා කරමින් සිටිනවා.නැවත ඒ ගැන මතක තබා ගැනීමට රුමා හට උවමනා නැති බව පවසනවා.මේ අතර ඔවුන් සිටන තැනට තරුණියක් පැමිණෙනවා.ඇය ඔවුන් දෙදෙනා ඉදිරිපිට පසුගිය වතාවේ විරාත් සමඟ ඇය පැමිණි බවත් ඒ අන්තිම වතාව බවත් නැවත ඔහු කිසි දිනක ඇය මුණගැසීමට නොපැමිණි බවත් පවසා රුමාද හමුවන්නේ අන්තිම දිනටද කියා රුමාගෙන් විමසනවා.නමුත් මේ එදින නොවෙයි කියා රුමා හට ඇය පැවසු විට රුමා කෝපයෙන් නැගිට එතැනින් පිටව යනවා.ඇය පසුපසින් විරාත් පැමිණෙනවා.රුමා වෙත පැමිණෙන ඇය තමා ඇයට කිසි දිනක බොරුවක් කර නැති බව පවසා සියලු දේ රුමා හට පවසනවා.ඉන්පසු රුමා කිසිවක් නොකියා එය අසා සිටිනවා.

මේ අතර පසුදින සනම්ගේ යහළුවෙක් වන ලෙවෙට්ගේ බොට්ටුව පිරිසිදු කිරීමට එක්කගෙන යනවා.ඇයට ඇත්තේ බොට්ටුව පිරිසිදු කිරීමට බව පවසනවා.මේ අතර රිසා හා ඔහුගේ යහළුවෙක් එකතු වී කඩයක් ආරම්භ කරනවා.එහි පළමු දිනයේ දි හලිල් හා දෙමාපියන්ද එයට පැමිණෙනවා.එතැනදි සේරා හා රුමා හිනාවෙමින් කතා කරමින් සිටිනවා.හලිල්ගේ මව එය දැක තමාට ඔවුන් හිනා වු බව පවසා රණ්ඩුවක් ඇති කරගන්නවා.මේ අතර ලාරා හා හන්ඩේ එකතු වී විලාසිතා ප්‍රදර්ෂනයක් පැවැත්වීමට සුදානම් වනවා.එයට කුරායි හා විරාත් හටද එන ලෙස පවසනවා.ඉන්පසු විරාත් ව එයට කැමතිකරවා ගැනීමට කුරායි හට ඔවුන් භාර දෙනවා.ඉන්පසු එය ගොස් කුරායි විරාත් හට පවසනවා.හන්ඩේ එය කරන නිසා විරාත් එයට ඒමට අකමැති වනවා.නමුත් එය කරන්නේ අනාථදරුවන් වෙනුවෙන් බව කුරායි පවසනවා.අනාථදරුවන් නිසා ඔහු පැමිණෙන බව පවසනවා.පසුදින කැම්පස් එකට යන විරාත් රුමාටද එය බැලීමට එන ලෙස පවසනවා.නමුත් ඇය නොපැමිණෙන බව විරාත් හට පවසනවා.සෙනාම්ද ප්‍රදර්ශණය බැලීමට යනවා.ඇය කෙතරම් ජාන්සු හට කතා කලද ඇය නොපැමිණෙන බව පවසනවා.සනාම් නිවසින් පිටව ගිය විට ජාන්සුද සුදානම් වී එයට පිටත් වනවා.මේ අතර එය බැලීමට රුමා පැමිණෙනවා.

රුමා ඇවිත් සිටින බව විරාත් දකිනවා.මේ අතර සෙනාම් මාඩම් දකින හන්ඩේ දුව පැමිණියේ නැතිද කියා විමසනවා.තමා දුව සමඟ ආ බවත් ඇය තමා අසල නැති බවත් පවසනවා.මේ අතර විරාත් රුමාගේ පසුපසින් යනවා.විරාත් තමා අසලින් යන අයුරු දකින ජාන්සු විරාත් පසු පසින් යනවා.විරාත් රුමාගේ පසුපසින් යනවා.රුමා අසල නවතින විරාත් රුමාව සිපගන්වා.එතැනට පැමිණෙන ජාන්සු එය දකිනවා.ජාන්සු හඩමින් එතැනින් පිටව යනවා.ජාන්සු තමා දුටු දේ සෙනාම් සමඟ පවසනවා.මේ අතර රුමාද ඇවිත් සිටි බව පවසනවා.රාත්‍රියේදි ලාරා හමුවීමට යන ජාන්සු තමා දුටු දේ පවසනවා.එය තමාට වැඩක් නැති බව ලාරා පවසනවා.ගුම්සේ කුරායි හමුවී තමා විරාත් සමඟ හන්ඩේ සිටින අයුරු දුටු බව පවසනවා.ඉන්පසු හන්ඩේගෙන එය කුරායි විමසනවා.ඉන්පසු තමාගේ කපටිකමින් තමා විරාත් සමඟ සම්බන්ධයක් ඇති බව කුරායි හට හඟවනවා.මේ අතර ජාන්සු රුමා හට තමා හමුවීමට පැමිණෙන බව පවසනවා.තමා එදින දුටු දේ රුමා හට පවසනවා.විරාත්ගේ පෙම්වතිය රුමා දන්නවාද කියා විමසනවා.ඉන්පසු තමා විරාත්ගේ පෙම්වතිය බව පවසනවාඑය අසා සිටින ජාන්සු ඇයට හිනා වනවා.ඉන්පසු කෝප වන රුමා තමා පෙම්වතිය බව පවසනවා.කෝප වන ජාන්සු රුමා හට බැන වදිනවා.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *