සතියේ දින වල රාත්‍රි 9.00ට හිරු නාලිකාවේ විකාශය වන රුමා ටෙලි නාට්‍ය තුර්කි කතාවක් උවද ප්‍රේක්ෂක ජනතාව ඉතා ආදරයෙන් වැළඳගත් ටෙලි නාට්‍යකි.උදෑසන රුමා කැම්පස් යනවාද කියා හලිල් නිවසට ඇමතුක් දී කරුණු විමසනවා.රෝහලට ගොස් එවෙලේ රුමා නිවසට පැමිණෙනවා.රුමා දකින ඇගේ අම්මා ඇයට බැන වදිනවා.මෙහෙමට් ඔහු කැමැත්තෙන් ඇති ගැහැණු ළමයා හට මාලයක් දෙනවා.පසුදින රාත්‍රියේදි රුමා විරාත් බැලීමට රෝහලට යනවා.මේ අතර හලිල් රුමා කැම්පස් එකට එක්කගෙන යාමට නිවසට අසලට වී බලා සිටිනවා.නිවසින් පිටතට එන රිසා වෙත හලිල් ගොස් රුමා කැම්පස් යනවාද කියාත් ඇයගේ අසනීප තත්වය හොඳන්ද කියාත් විමසනවා.ඇය අද නිවසේ සිටින බවත් දැන් ඇයට සනීප බවත් පවසනවා.හලිල් ඉන්පසු එතැනින් පිටව යනවා.ඔහු පාරේ පැමිණෙන විට රුමා බස් රථයෙන් බැස එන අයුරු දැක ඔහු රුමාට ඇමතුමක් ගන්නවා.නමුත් ඇය එයට උත්තර නොදෙනවා. මේ අතර සනම් ඇයගේ යහළුවෙක් වන ලෙවෙන් හමුවීමට යනවා.රුමා රෝහලට පැමිණි පසු විරාත්ගේ අම්මා ඇයට කතා කරනවා.විරාත් හිනා වෙමින් සතුටින් සිටියේ ඇය නිසා බවත් කිසිදු දිනක ඔහුව තනි නොකරන ලෙස විරාත්ගේ අම්මා රුමා හට පවසනවා.රුමා විරාත් අසල සිටින විට විරාත් හට සිහිය එනවා.

විරාත් රුමා හට කතා කරනවා.රුමා ඉතාම සතුටින් විරාත් සමඟ කතා කරනවා.කිසි දිනක තමා දමා නොයන ලෙස විරාත් රුමාගෙන් ඉල්ලනවා.යලිත් කිසි දිනක ඔහු දමා නොයන ලෙස ඇය පවසනවා.මේ අතර ඇයට කිරීමට දෙයක් ඇති බව පවසා රුමා එතැනින් පිටව යනවා.ඉන්පසු හලිල් හට කතා කර ඇය හමුවන ලෙස පවසනවා.තමා හලිල් හට අකමැති බවත් විවාහය නතර කරන ලෙසත් පවසනවා.ඉන්පසු එයට හේතුව හලිල් රුමාගෙන් විමසනවා.දෙදෙනා නොගැළපෙන බව රුමා කියනවා.අකමැත්තෙන් උවද හලිල් එයට කැමති වනවා.නිවසට අසලට ගොස් දමනලෙස පවසා හලිල් රුමාව වාහනයට දමා ගෙන වේගයෙන් පැද යනවා.ඇයව බලෙන්ම ඔහු කිසියම් තැනකට ගෙන යනවා.එය ඔවුන්ගේ ගේ බවත් අනාගතය ගැන ඔහු හීන දැක ඇති බවත් පවසනවා.ඉන්පසු රුමා ඔහුට පහර දෙනවා.දෙදෙනාම එතැනින් පිටවී නිවසට පැමිණෙනවා.දෙදෙනා කතා වී කසාදය නැවැත්වු බව පවසනවා.ඔහුට පැමිණ කතා කිරීම යැයි රුමා ගේ පියා පවසනවා.නමුත් හලිල් එයට අකමැති වී එතැනින් පිටවයනවා.පසුදින විවාහයෙන් හමුවූ සියලුදේ රැගෙන හලිල්ගේ මව පැමිණෙනවා.එය රුමාගේ අතට දෙන ඇය බැන වදිනවා.මේ අතර මෙහෙමට් හලිල්ගේ කඩයෙන් අයින් වන පවසනවා.රුමා එයට ඔහුට ස්තුතිවන්ත වනවා.ජාන්සු රෝහලට කතා කර තමා විරාත්ගේ නෑදෑයෙක් බවත් ඔහුට කෙසේද කියාත් විමසනවා.නමුත් ඇයට කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකි වනවා.එතැනට පැමිණෙන සනම් මැඩම් ජාන්සු හට බැන වදිනවා.විරාත් සනීප වී නැවතත් නිවසට පැමිණෙනවා.හන්ඩේද නිවසට පැමිණෙනවා.විරාත් හා රුමා හන්ඩේ බැලීමට ඇගේ නිවසට පැමිණෙනවා.ඒ වන විටත් සේරා එහි වැඩ කරමින් සිටිනවා.මේ අතර රුමා හට තේ ගෙනැවිත් දෙන විට සේරා රුමා ව දකිනවාරුමාද ඇයව දැක කලබල වනවා.ටික වේලාවකින් විරාත් සමඟ රුමා එතැනින් පිටව යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *