සතියේ දින වල රාත්‍රි 8.30ට සියත නාලිකාවේ විකාශය වන රේස් ටෙලි නාට්‍ය මේ දින වල තරුණ තරුණියන් හා සියලු දෙනා අතර ඉතාම ජනප්‍රිය ටෙලිකතාවකි.පසුගිය දිනකීපයේ සිදුවු සිදුවීම් කෙසේදැයි බලමු.රාදික හා රයන් කතා කරමින් සිටින තැනට චාමරි පැමිණෙනවා.ඉන්පසු එතැනදි වන කතා බහින් රාදික උවිඳු හට සවස්වරුවේ කිපදෙනෙක් හට පවසා පහර දෙන බව පවසනවා.ඉන්පසු රාදික හා රයන් එතැනින් පිටත්ව ගොස් සැඟවී බලා සිටිනවා.ඉන්පසු චාමරි දුරකථනය ගෙන කාට හෝ ඇමතුමක් ගන්නවා.එය බලා සිටින රයන් හා රාදික හට කේන්ති යනවා.මේ අතර ඉරෝෂ්ගේ අම්මා හා තාත්තා ආරණ්‍යා ගැන ඉරෝෂ්ගෙන් විමසනවා.පසුදින රාත්‍රියේදි නසිරාගේ නිවසට  පුද්ගලයෙකු පැමිණ ඔවුන්ගේ වැඩ වලට නසිරා බාධා කල බවත් ඇයව මැරීමට ආ බවත් පවසනවා.ඉන්පසු එයට මැදිහත් වන නසිරාගේ තාත්තා හට ඔහු පිහියෙන් ඇන එතැනින් පලා යනවා.ආරණ්‍යා  ගිම්හානි හමුවීමට පැමිණෙනවා.ඔවුන් කතා කරමින් සිටින තැනට දේවානි පැමිණෙනවා.ඔවුන් දෙදෙනා දේවානි හට හිනා වන්නේ ඇයි දැයි දේවානි ඔවුන්ගෙන් විමසනවා.

 

මේ අතර ආරණ්‍යා උවිඳු ගැන සෙවීමට උවමනා බව පවසනවා.එය අසා සිටින ගිම්හානි උවිඳු කියන්නේ හොඳ අයෙක් බව පවසනවා.එය අසා සිටින ආරණ්‍යා ගිම්හානිගෙන් තවමත් උවිඳු ගැන කැමැත්තෙන් සිටිනවාද කියා අහනවා.එසේ දැන් ආදරයක් නොමැති බවත් එවැනි දෙයක් ඇගේ හිතේ තිබුණා කියා උවිඳු දැන නොගන්නවානම් හොඳයි යැයි ඇය කියා සිටියා.උවිඳු එදින ආයතනයට නොපැමිණි බව දේවානි ගිම්හානි හට පවසනවා.ඉන්පසු ගිම්හානි උවිඳු හට ඇමතුමක් ගන්නවා.ඇමතුමක් ගන්නා උවිඳු තමා ගිම්හානි හට ඇමතුමක් ගැනීමට සිටි බවත් යහළුවෙකුගේ මළගෙයක් සිදුව ඇති බවත් පවසවනවා.උවිඳු අසලට පැමිණෙන තාත්තා හා අම්මා නසිරාගේ පියාගේ මරණය ගැන කතාබස් වනවා.මේ අතර දේශිත තම යහළුවෙකු සමඟ නසිරාගේ පියා ඝාතනය කළ සැකකරුවා සොයා මෙහෙයුමක් අරඹනවා.පසුදින ඉරෝෂ් හමුවීමට ආරණ්‍යා පැමිණෙනවා.ඉන්පසු ඇය අරුෂ් හට කැමති බව පවසනවා.රාත්‍රියේදි ආරණ්‍යා මේඝා හමුවීමට පැමිණෙනවා.උවිඳු මේඝා හට ඇත්තටම ආදරය කරනවාද කියා බැලිය යුතු බව පවසනවා. ඉන්පසු ආරණ්‍යා තමා හා ඉරෝෂ් අතර සිදුවූ දේ පවසනවා.එය අසා සිටින ආරණ්‍යාගේ අම්මා එතැනට පැමිණ තමාගේ වචනය අහක දැමු බව පවසනවා.නසිරා හමුවීමට පැමිණෙන දේශිත තමා අතින්ද වරදක් වු බව පවසා සමාව ඉල්ලා සිටිනවා.හැමදේම ඇයට එපා වී ඇති බවත් මේ දේවල් ඇය අත අරින බවත් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *