සෑම සතියේ දින පහේම සිරස ටීවී තුලින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය හැමොගේම හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා..මේ වේලාවේ කොත්මලේට සිට අභිමන් සමඟින් ඔහුගේ නිවසේ සිටින විශාකාව සහ ලොයිඩ්ව මුණ ගැසෙන්නට කුරුළු පැමිණි අවස්ථාවේ කුරුළුව සොයා ගන්නට පූජා උදව් කල බව ඇයට විශ්වාස කරන්නට බැරි වුන බව පවසද්දී පූජා කියන්නේ කොයි වගේ කෙනෙකුද යන්න ඔහුටත් තවම තේරුම් ගැනීමට අපහසු දෙයක් බවත් කොත්මලේට ඔහුත් සමඟින් යනතෙක්ම කුරුළු ජිවත්ව සිටිනා බව ඔහුට නොකියු බවත් අභිමන් පවසනවා. එත් එකක්ම කුරුළුට සිදු වුන අනතුර ගැන තොරතුරු ඇයට මතක නැද්ද කියා විශාකා විමසද්දී අනතුරු සිදු වුවා මතක තිබෙන බවත් නමුත් ඉන්පසු සිදු වු කිසිදු දෙයක් ඇයට මතක නැති බවත් කුරුළු පවසනවා. ඉතිං මෙලෙස ඔවුන් ආ ගිය තොරතුරු ගැන කතා කරමින් සිටියදී එතැනට පැමිණෙන පූජාට කුරුළුව කවුරුන් හෝ කෙනෙකු විසින් මරනන්ට උත්සහා කල නමුත් එය ආසර්ථක වු බවත් විශාකා අමුතුවට පවසනවා.මේ වේලාවේ සියළුදෙනා ඉදිරියේ පූජා , අභිමන් කුරුළු සමඟින් විවාහ වෙනවාට ඇයට ඉතා සතුටු බව ප්‍රකාශ කරනවා.ඒ අවස්ථාවේ ඇය සිටිනා තැන ගැන අභිමන්ට කීවාට ඇයට ස්තුති කරමින් නැතහොත් තවමත් ඇයට ඔවුන් ළඟට එන්නට වෙන්නෙ නැති බව කුරුළු පවසනවා.

මේ අතරේ කුරුළු ලොයිඩ්ගේ නිවසට පැමිණ ඇති බව නොදැන ඔහුගේ නිවසට පැමිණෙන ඩිලාන් ඇයව දැක මැරුණු කෙනා වලින් නැගිට ඇවිත්ද අසා විහිළු කරමින් ඔහු මේ කිසිවක් නොදැනයි ලොයිඩ්ව හමුවන්නට ආවේ කියා පවසනවා. ඒ වේලාවේ ඔහුට අනවශය ප්‍රශ්න ඇති නොකර එතැනින් යන ලෙස ලොයිඩ් ඉල්ලා සිටියත් ඔහු දිගින් දිගටම ඒවා ගානකට නොගෙන ඔහුගේ බිරිද වන රේෂිලාව මරා ඔවුන් මෙලෙස සතුටින් සිටින්නේ කෙසේද අසමින් ඔවුන්ට එලෙස සතුටින් ඉනන්ට ඉඩ නෙදෙන බව පවසද්දී තවදුරටත් ඉවසා ගනන්ට නොහැකි වුන අභිමන් ඩිලාන්ට පහර දෙන්නට උත්සහා කරනවා. මේ වෙලාවේ රෙෂිලා මිය ගියේ නාගයෙක් දෂ්ඨ කිරීමෙන් බවත් එයට ඔවුන් සම්බන්ධ නැති බවත් විශාකා පවසද්දී එයත් අසන්නේ නැතිව දිගින් දිගටම ඔවුන් සමඟින් වාද කරන්නට යන ඩිලාන්ගේ බෙල්ලෙන් අල්ලා ඔහුට තර්ජනය කරමින් එතැනින් පිටවෙන ලෙස අභිමන් පවසනවා.ඉන්පසු ඔවුන් කිසිකෙනකුට ඔහු සතුටින් හොඳින් ඉන්නට ඉඩ නොතබන බව පවසමින් ඩිලාන් එතැනින් පිට වෙනවා.

එදින රාත්‍රියේ කුරුළු බැල්කනියට වී කල්පනා කරමින් සිටින තැනට පැමිණෙන රෙෂ්මා ඇය මොනවාද කල්පනා කරන්නේ අසමින් කුමක් හෝ ප්‍රශ්නයක්ද කියා කුරුළුගෙන් විමසනවා. ඒ වේලාවේ පූජා කියන්නේ ඇත්තටම ඇගේම සහෝදරියද කියා අසමින් එය ඇසු පසු ඇයට කිසිම දෙයක් හිතාගන්නට බැරි බව කුරුළු පවසනවා. ඉන්පසු පූජා කියන්නේ ඇගේ අක්කා බවත් ඇයට තිබෙන්නේ චන්ද්‍රාදිත්‍ය ගේම ගතිගුණ බවත් පවසනවා. ඉතිං මෙලෙස පහුගිය කාලයේ සිදු වු දේවල් ගැන කතා කරමින් සිටියදී සුභාද්‍රා අසනිපයෙන් සිටියදී පූජා විසින් ඇයට අයිති වලව්ව ඇයව රවටා ගනිමින් අනුලාත් සමඟින් එකතු වී ලියාගත් බවත් රෙෂ්මා පවසනවා. එත් එක්කම මේ සියළු දේවල් අසාගෙන සිටි සුභද්‍රා ඔවුන් ළඟට පැමිණ පූජා එලෙස ඇයව රවටා ඇගේ දෙපළ ලියා ගත්තා නම් එය බරපතළ වරදක් බව පවසමින් කුරුළුගේ දෙපළ සියල්ල පූජා විසින් විකුණන තෙක් ඇය බලා සිටියාද අසමින් හඬද්දී ඇයට එයට කසිදෙයක් කරනන්ට පුළුවන්කමක් නොතිබුන බව රේෂ්මා පවසනවා. එත් එක්කම පූජාට මේ සියළු දේ කරන්නට උදව් කර ඇත්තේ අනුලා බව දැනගත් සුභද්‍රා වේදනාවෙන් කේන්තියෙන් ඇය ළඟට පැමිණ ඇයට පහර දෙමින් ඇය එලෙස ඇගේම සහෝදරියට කලේ කෙසේද අසමින් ඇයට කම්මුල් පහරක් ගසනවා. ඉන්පසු ඇයට තවදුරටත් ඔවුන් සමඟින් ඔවුන්ගේ නිවසේ සිටීමට නොහැකි බවත් පසුදා උදෑසනින්ම ඇය ගෙදරින් යායුතු බවත් පවසමින් කේන්තියෙන් සුභද්‍රා එතැනින් යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *