සතියේ දින පහේම රාත්‍රි 9.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය මේ දින වල මෙසේ ගලාගෙන යනවා.සරා තමා සමඟ කතා නොකරනදේට හේතුව දැනගැනීමට පාඨලී වාඩියට වී බලා සිටිනවා.ඔවුන් සිටින තැනට කිරිපුතා හා සුද්දා පැමිණෙනවා.සරා කොහේද කියා පාඨලි ඔවුන්ගෙන් විමසනවා. සරා කඩයේ නැවතුන බව කිරිපුතා පවසනවා.පාඨලි එහි පැමිණියේ කුමක් සඳහාද කියා විමසනවා.සරා මුණ ගැසීමට ආ බවත් තමා සමඟ සරා කතා නොකරන බවත් ඔහු එසේ කිරීමට හේතුව කුමක්ද කියා ඇය විමසනවා.එයට හේතුව ඔවුන් නොදන්නා බව පවසනවා.ඉන්පසු කෝප වන ගිතීකා මෙයින් යන ලෙස පවසා පාඨලිවද රැගෙන එතැනින් පිටව යනවා.සරා පාරේ එමින් සිටින විට මාලන්ද එම පාරෙන් පැමිණෙනවා.කාර් එක අසලට එන සරා තමාගේ නිවසට ගියේ ඇයිදැයි විමසනවා.ජයන්ත හමුඋන බව ඔහුගෙන් විමසනවා.අක්කා ගැන නොසිතා ජානු සමඟ සිටින ලෙස පවසනවා.ඉතාමත් දුකින් මාලන් එතැනින් පිටව යනවා.පාඨලි එනතුරු ඇගේ අම්මා හා නංගි බලා සිටිනවා.කෝපයෙන් නිවසට එන පාඨලි දකින නංගි එය අම්මා සමඟ පවසනවා.තමා ප්‍රමාද වී පැමිණියේ ඇයි දැයි පාඨලිගෙන් අම්මා විමසනවා.ඉන්පසු කෝපයෙන් තමාට මහන්සි බව පවසන පාඨලි එතැනින් පිටව යනවා.මේ අතර සිදුවු දේ අමතක කර ජයන්ත සමඟ නැවත පවුල් කන ලෙස තාත්තා පවසනවා.

 

ඔවුන් දෙදෙනා කතා කරමින් සිටින තැනට ජයන්ත බීමතින් නිවසට පැමිණෙනවා.දවල් පාඨලි සරා හමුවීමට ආ බව කිරි පුතා හා සුද්දා පවසනවා.තමාට කිසිවක් පාඨලි සමඟ කතාවක් නොමැති බව සරා පවසනවා.පසුදින උදෑසන රසිකා කඩයට යනවා.ඉන්පසු මුදලාලි ජයන්ත නිවසට පැමිණියාද කියා විමසනවා.මාලන් ගමින් යනවාද කියා කිව්වාදැයි මුදලාලිගෙන් රසිකා විමසනවා.උදෑසන මාලන් ඉතාම සතුටින් තමා විවාහ වන බව පවසා සිටි බවත් දවල් ඔහු දුකින් සිටි බවත් පවසනවා.එය අසා රසිකා ඉතාමත් දුක් වනවා.කඩයට ගොස් පැමිණෙන රසිකා මාලන්ගේ කාර් එක ඉදිරියට පැමිණෙනවා.ඉන්පසු කාර් එකට නගින රසිකා තමාව රැගෙන යන බවත් දරුවා පසුව රැගෙන යමු කියාත් පවසනවා.මාලන්ද පසුව සරාගේ පොල්ලෙලි මඩුවට පැමිණ ඔවුන් හට උදව් කරනවා.සරා හට කතා කරන මාලන් සිදුව ඇතිදේ පවසා ජයන්ත නිවසට ආ බවත් පවසනවා.නැවත රසිකා හමුවීමට ඔහු නොයන ලෙස පවසනවා.මේ අතර පාඨලිද සරා සොයා පැමිණෙනවා.තමාව මෙසේ මඟ අරින්නේ ඇයිදැයි කියා විමසා ඩොස්තරගේ කසාදය නොවෙන බව පවසනවා.ඒ දේවල් තමාට කියන්නේ ඇයිදැයි සරා විමසා ඔවුන්ගේ තැන් වලට නොයන ලෙස පවසනවා.සියලු දේ පැහැදිලි කිරීමට පාඨලි හැදුවද සරා දේ පිළිගැනීමට සුදානම් වන්නේ නැහැ.මාස්ටර්ගේ වචනයට සරා ගරු කරන බව පවසා සරා එතැනින් පිටව යනවා.සරා හා මාලන් නිවසට පැමිණෙනවා.ජයන්තව කෙසේ හෝ නිවසින් පිටකර දෙන ලෙස රසිකා සරා හට පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *