සතියේ දින පහේම සිරස ටීවී නාලිකාව ඔස්සේ රාත්‍රී හතයි තිහට විකාශනය කෙරෙන කිසා ටෙලි නාට්‍යය කාගේත් ආදරයක් සමඟින් හොඳ ප්‍රතිචාර ලබමින් ඉදිරියට ගලාගෙන යනවා.කිස්මේට් එන තෙක් මග බලා සිටින යුසුෆ් , ඇය එනවා දැක ඇය ළඟට ගොස් කතා කර ඇය ඔහුගේ දුව නේද කියා විමසමින් එල්මස් කියන්නේ ඇයගේ මව නේද කියා අසනවා. ඒ වේලාවේ ඇය විසින් ඔහුත් සමඟන් කතා කරන්නට දෙයක් නැති බව පවසමින් ඇය ආවේ ඔහු සොයා නොව ඇයගේ අයියා වන අරිෆ්ව සොයා බව කිස්මෙට් පවසා මෙතරම් කාලයක් තිස්සේ නොහිටපු තාත්තා කෙනෙකු යළිත් ඇයට අවශ්‍ය වෙන්නේ නැති බව පවසනවා. ඒ වේලාවේ අරිෆ් පුංචි කාලේ සිට ඔහුත් සමඟින් සිටියත් ඔහුගේ සිතේවත් යුසුෆ් ගැන ආදරයක් නැති බව ඇය පවසනවා. ඉතිං මේ විදියට යුසුෆ්ට ඇය බැන වැද එතනින් පිට වෙලා යනවා. ඇය කියු දේවල් ගැන සිතමින් සිටන යුසුෆ් ඔහුගේ දරුවන් ඔහුට ආදරය කරන්නේ නැත්තේ ඇයි ද කියා සිතින් සිතනවා. ඉතිං ඉන්පසු ඒ ගැන සිතමින් කලකිරිමෙන් අරිෆ් ළඟට පැමිණෙන යුසුෆ් අරිෆ්ගේ ඔහුට ආදරය කරන්නේ නැද්ද කියා විමසද්දී කිසිදින නොඅසපු දේවල් ඒවේලාවේ අහන්නේ ඇයිදැයි අසමින් ඔහුව ගනන් නොගෙන සිටිනවා.

මේ වේලාවේ සිරිනුත්, ආනිස් සහ එන්වර් දොරුක්ගේ උත්සවය සඳහා සියළුදේ සූදානම් කරමින් සිටිනවා. අරිෆුත් ඉතා සතුටින් යුතුව දොරුක්ගේ උත්සවයට යාමට සූදානම් වෙනවා. ඔය අතරදී දොරුක්වත් ලෑස්ති කරගෙන මිසන් සමඟින් සාප් එන්වර්ගේ නිවසට යන්නට සූදාම් වෙමින් සිටියදී සාප්ව සොයමින් පොලිසිය පැමිණෙනවා. එලස පොලිසිය සාප්ව සොයමින් යනවා දකින අරිෆ් ඔවුන් ළඟට පැමිණ ඔවුන් මෙලෙස සොයන්නේ කවුරුන්ද කියා විමසද්දී එයට පිලිතුරක් නොදීම පොලිසිය ඔහු සිටින නිවසට ගොස් ඔහුට පොලිසියට එන ලෙස දැනුම් දුන්නත්  ඔහුගේ පුතාගේ එදින උත්සවය තිබෙන බැවින් එම වැඩකටයුතු අවසන් කොට පැමිණෙන්නම් කියා පැවසුවත් පොලිසිය ඒ කිසිවක් නොඅසා සාප්ව ඔවුන් රැගෙන යද්දී මිසන් සහ දොරුක් හඬා වැලපෙනවා. මේ වේලාවේ සාප් විසින් අරිෆ්ට දරුවන් දෙදෙනාව බාර කරමින් ඉක්මනින්ම එන බවට පොරොන්දුවක් ලබා දෙමින් පොලිසිය වෙත යනවා. ඉතිං ඉන්පසු අරිෆ් දරුවන් දෙදෙනාගේ හිත හදමින් එන්වර්ගේ නිවසට රැගෙන යනවා.

ඔය අතරේ සිරින්ට දුරකථන ඇමතුමක් ලබා ගන්නා එම්රේ ඇයගේ සැපදුක් විමසමින් හවසට ඔහුව හමුවන්නට එන්නට හැකිද කියා අසනවා. ඒ අවස්ථාවේ එදින දොරුක්ගේ සුන්නත් චරිත්‍රය එදින පැවැත්වෙන බැවින් එය ඔවුන්ගේ නිවසේ පැවැත්වෙන හෙයින් එදින ඔහු හමුවන්නට බැරි බව පවසනවා. මේ වේලාවේදී සිරින් සහ එම්රේ කතා කරමින් සිටනවා දකින සෙයිඩා එය ගනන් නොගෙන එතනින් යනන්ට යනවා.මේ වේලාවේ අර්ඩාගේ චරිත්‍ර ඔවුන් සිදු කරලාද තිබෙන්නේ කියා සිරින් විමසද්දී ඒ ගැන ඔහු නොදන්න බව එම්රේ පවසනවා. ඒ වේලාවේ සෙයිඩා අර්ඩාව මතක් කරගනිමින් එදින් ඔහුත් සිටියා නම් එම චරිත්‍ර කරන්නට තිබුණු බව කියමින් හැඬු බවත් සෙයිඩා පවසනවා.ඉතිං මේ විදියට එම්රේගේ හිතට විවිධ දේවල් දමමින් ඇය වැඩ තිබෙන බව පවසා දුරකථනය විසන්ධි කරනවා. ඉතිං එම්රේ ආර්ඩාව රැගෙන සෙයිඩාගේ නිවසට පැමිණෙයිද?

මේ වේලාවේ අරිෆ් සමඟින් එන්වර්ගේ නිවසට පැමිණෙන මිසන් සහ දොරුක් බහාර්ව දැක ඇයව වැළඳගෙන සාප්ව පොලිසිය විසින් රැගෙන ගිය බව පවසනවා.එය අසා කලබල වුන බහාර් එලෙස ඔහුව රැගෙන ගියේ ඇයිද කියා අරිෆ්ගෙන් අසනවා. ඒ වේලාවේ ඔහුත් කිසිදු හේතුවක් දන්නේ නැති බවත් පොලිසිය එකපාරට ඔහු සොයා පැමිණ ඔහුව රැගෙන ගිය බව පවසනවා. ඉන්පසු සාප්ව බේරා ගන්නට ක්‍රමයක් ගැන සිතන අරිෆ් කිස්මෙට්ට දුරකථන ඇමතුමක් ලබා ගන්නවාත් සමඟම ඇය විසින් සාප්ව රැගෙන ගියා නේද කියා අසද්දී ඒ ගැන ඇය දන්නේ කෙසේද කියාත් එදින මෙවැනි දෙයක් සිදු වනවා කියා අය කල් සිටම දැනගෙන සිටියාද කියාත් පුදුමයෙන් වාගේ අරිෆ් අසනවා.ඒ මොහොතේ ඔහුගේ සතුට වෙනුවෙන් ඇයට කරන්නට තිබෙන එකම දේ එය නිසා ඇය එය කල බව කිස්මෙට් සතුටින් පවසද්දී එය අසා කලබල වුන අරිෆ් ඔහු කිසදින ඇය මේ අකාරයේ බාල වැඩක් කරයි කියා සිතුවේ නැති බව කේන්තියෙන් කෑගසා පවසනවා.

සිරින් කියු දේ අසා හිත කලබල කරගත් එම්රේ ආර්ඩා සිටින සෙයිඩාගේ අම්මාගේ නිවසට පැමිණ ඇයත් සමඟින් කතා කරන්නට යමක් තිබෙන බව පවසමින් ඔහු මෙලෙස පැමිණියේ ආර්ඩාව බලන්නට බව කියනවා. ඒ වේලාවේ ඔහු දන්නා නිවසක සුන්නත් චරිත්‍රය කරන බැවින් සෙයිඩා විසින් ආර්ඩාත් එදින එතැන සිටියා නම් හොඳ බව කියු නිසා ඇය කැමති නම් ආර්ඩාව එතැනට රැගෙන යන්නට ඉඩ දෙන්න කියා එම්රේ ඉල්ලා සිටිනවා. ඒ වේලාවේ මේ කිසිවක් සෙයිඩා නොදන්නා බවත් ඔහු ආර්ඩාගේ තාත්තා බවත් පවසනවාත් සමඟම එය අදහාගත නොහැකි වුණ සෙයිඩාගේ අම්මා මද වේලාවක් ඔහු දෙස බලා සිට නියම තාත්තා කෙනෙක් බව පවසමින් ඔහුට බැන වදිමින් එළියේ සිටි ආර්ඩාවත් නිවස ඇතුළට ගොස් දොර වසා දමනවා. එම්රේ සිදුවු දේ ගැන තේරුම් කර දෙන්නට උත්සහා කලත් එය අසන්නට ඇය කැමති වුයේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *