සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ  රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.. රැ වනතරු ඇයව සොයමින් කලබලවී සිටි සමාධි ඇය උඳුල් සමගින් ආ පසු ඇයට බැන වදින අවස්ථාවේ ඇය එකසැරේටම හිස අල්ල ගන්නා විට එය දැක බය වුන සමාධි ඇයට කුමක් හෝ කරදරයක් වුවාද කියා කලබලයෙන් වාගේ බය වී අසනවා. ඒ වේලාවේ විශාල් නුවරඑළියේ පැමිණි අවස්ථාවේ ඊෂා ඔහුව හමුවන්නට ගිය අවස්ථාවේ තරුපිතිට කිසියම් පිරිසක් විසින් පහර දෙනවා දැක ඊෂා එ අතරට ගොස් ඔහුව බේරාගන්නට උත්සහා කල අවස්ථාවේ එතැන සිටි පුද්ගලයකු විසින් ඊෂාගේ හිසට පහරක් එල්ල කර ඇති බවත් ඉන්පසු ඇයව බේරාගන්නට පැමිණි උඳුල්ට තරුපතිට ගහන්නට ආ පිහි පහරක් වැදි ඇති බවත් පවසනවා.මේ වේලාවේ එය අසා කලබල වුණ සාමධි ඊෂාව වැළඳගෙන ඇයට අමාරුවක් නැ නේද කියා අසමින් හඬනවා.

ඔය අතරේ විශාල්ව රෝහල් ගත කර ඔහු සමඟින් සිටින තරුපති ළඟට පැමිණෙන වෛද්‍යවරයා විශාල්ව ඔවුන් රැගෙන ආ වේලාව හොඳ බවත් එසේ නැති වුවා නම් මෙය මීට වඩා දරුණු වෙන්නටත් ඔහුගේ ජිවිතේ නැති වෙන්නටත් ඉඩ තිබු බව වෛද්‍යවරයා පවසද්දී ඔහුව බේරා ගත්තාට ස්තුතියි කරමින් ඔහුගේ ජිවිතේ බේරාගන්නට ඕනෑම දෙයක් කරන්නම් කියාත් තරුපති පවසද්දී එය දැනට ප්‍රශ්නයක් නොවන බවත් විශාල් සමඟින් වැඩිය කතා කරන්නට යන්න එපා කියාත් ඔහු ඉල්ලා සිටිමින් එතැනින් පිටව යනවා. ඔහු එලස යනවාත් සමඟම විශාල්ට සිදු වු කරදරය ගැන දැනගත් විපුල කලබලයෙන් එතැන දිවවිත් විශාල් සමඟින් කතා කරන්නට උත්සහා කරද්දී ඔහුට තවම සිහිය නැති බව පවසමින් ඔහු තමයි මේ බව කියන්නට විපුලට දුරකථන ඇමතුමක් දුන්නේ කියාත් ඔහු තරුපති කියාත් පවසා සිටිනවා. ඒ වේලාවේ ඔහුට උදව් කරන්නට පැමිණි නිසයි විශාල්ට මෙලෙස සිදු වුයේ තියාත් ඒ වෙනුවෙන් සමාව දෙන්න කියාත් තරුපති පවසද්දී කෝපයට පත් විපුල ඒ බව වනැඩිය ඔහුට නොපෙන්වා විශාල්ගේ දැන් තත්ත්වය කෙතසේද කියා විමසනවා. ඒ වේලාවේ මෙවැනි අපරාධයක් කල අයට ඔහු යහතින් ඉන්නට ඉඩ නොතියන බව විපුල පවසා සිටිනවා.

මේ වේලාවේ වතත්ට වී පෙරදින සිදු වු දේවල් ගැන කල්පනා කරමින් සිටින ඊෂා ළගට පැමිණෙන සමාධි, විශාල්ගේ තත්ත්වය දැන කෙසේද අසමින් තරුපති ඔහුට සහ ඊෂාට ඔහු නිසා සිදු වු දේ ගැන ඉතා කණගාටුවෙන් සිටින බව සමාධි පවසනවා. ඒ වේලාවේ ඔහු එ ගැන දුක් වුවා කියා වැඩක් නැති බවත් එලෙස ඔහුට පහර දෙනවා දැක දැක නොදැක්ක සේ යාමට බැරි බව ඊෂා පවසනවා. මේ වේලාවේ ඔවුන්ට කරන්නට තිබුනේ එයට මැදිහත් නොවී පොලිසියට යනන්ට බව සමාධි පවසද්දී එ අවස්ථාවේ එවැනි දෙයක් සිතනන්ට කල්පනා නොවුන බව ඊෂා පවසනවා. එත් එකක්ම එදින තරුපතිට පිහි පහර එලල් කරන්නට උත්සහා කල අවස්ථාවේ විශාල් මැදිහත් නොවුවානම් ඔහුගේ ජිවිතය නැති වෙන්නට ඉඩ තිබුන බව පවසමින් ඊෂා හඬන්නට පටන් ගන්නවා. ඒ වේලාවේ ඇය එලෙස දුක් වෙනවා බලා සිටිමට නොහැකි වුන සමාධි ඇයව වැළඳ ගනිමින් ඇගේ හිත හදන්නට උත්සහා කරනවා. ඒ අවස්ථාවේ ඇය විශාල්ව බලන්නට රෝහලට යනන්ට අවශ්‍ය බව පවසද්දී ඇය මේ වේලාවේ එතැනට යන එක සුදුසු නැති බවත් ටික දිනක් යනතෙක් නිවසින් එළියට නොයන ලෙසත් සමාධි ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *