සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.. පසුගිය දා සිදුවුණ ප්‍රශ්නය ගැන කතා කරන්නට අනුහස් අවන්තගේ නිවසට පැමිණ ඔහු එදින පැමිණි කෙනාව කොහේ හෝ තැනකදී දැක තිබෙවාද කියා විමසද්දී ඔහු ජිවිතේට ඇයව දැක නැති බව පවසනවා.ඉතිං ඒ අවස්ථාවේ අමීෂාට ඔහු කතා කර මේ දේවල් ගැන තේරුම් කර දෙන්නම් කියා අනුහස් පවසද්දී එලෙස කර වැඩක් නැති බවත් ඇය ඒ දේවල් පිළිගනන්ට අකමැති බවත් අවන්ත පවසනවා. මේ වේලාවේ ආනන්ද දේව්මිට හොඳට බැන අවන්ත සමඟින් කතා කරන්නට එපා කියාත් ඔවුන්ගේ විවාහය සිදු වන්නේ නැති බවත් පවසා තිබෙන බවත් අවන්ත පවසනවා.ඒ වේලාවේ කවුරු කෙසේ කීවත් ඇත්ත කුමක්ද කියා ඔහුත් දෙව්මිත් දන්නා බවත් එහෙයින් අවන්තට බය නැතුව ඉන්න කියාත් ඔහු එම ප්‍රශ්නය ඉක්මනින් විසඳා දෙන්නම් කියාත් පවසනවා. ඉන්පසු එතැනට පැමිණෙන අමීෂාට මෙය සුදු කරේ කවුරුන් විසින්ද කුමන හේතුවකට කියා සොයා බලනවා හැරෙන්නට ආනන්ද සමඟින් පැටලෙන්නට යන එක නොව කරන්නට ඕනේ කියා අනුහස් ඇයට පැහැදිලි කර දුන්නත් සැකයක් තිබෙනවා නම් ඒ ගැන සොයා බැලිය යුත්තේ ඔවුන් නොවන බවත් ආනන්ද බවත් අමීෂා පවසනවා. එත් එක්කම ඔවුන්ට නොගැලපෙන කෙනෙකු සොයා ගැනීම හේතුවෙන් මෙවැනි ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වන බව ඇයට කල්තියාම තේරුණ බවත් කියමින් අමීෂා එතැනින් නැගිට යනවා.

පසුදා දෙව්මි සමඟින් ඇගේ අයියාත් අම්මාත් සිදු වු ප්‍රශ්නය ගැන කතා කරමින් එය විසදීමට ක්‍රමයක් ගැන කතා කරමෙින් සිටියදී ඉවසීමෙන් ඇයට ඉන්නට කියාත් ආනන්ද සමඟින් ප්‍රශ්න විසඳිය හැක්කේ එලෙසයි කියාත් දෙව්මිගේ අයියා පවසනවාත් සමඟම අවන්ත එකසැරෙටම එතැනට කඩා වැදෙමින් ඔහුට මේ ගැන ආනන්ද සමඟින් හරියට කතා කිරීමට අවශ්‍ය බව පවසනවා. ඉන්පසු එතැනට පැමිණෙන ආනන්දට අවන්ත කතා කරන්නට අවශ්‍ය බව පැවසුවත් ආනන්ද ඊට කැමති වුයේ නැහැ. ඒ අවස්ථාවේ ප්‍රශ්න විසඳාගෙන පැමිණෙන්න කියාත් නැතිව මේවා සිදු කරන්නට බැරි බවත් ආනන්ද පවසනවා.අත් එකක්ම අමීෂා එදින ඔහුට කතා කල විදියත් , දේව්මිට එවැනි කෙනෙකු සමඟින් එකට ඉන්නත් බැරි බව ආනන්ද පවසමින් ඔහුගේ සහ දෙව්මිගේ විවාහය සිදු වන්නේ නැති බවත් ඔහු පවසමින් අවන්තව නිවසින් එළවා ගන්නවා. ඉතිං ඉන්පසු දෙව්මිගේ සහ අවන්තගේ විවාහය සිදුවන්නෙ නැති බව දැනගත් දෙව්මිගේ නැන්දා වන උදේනි නිවසට පැමිණ එලෙස ඔවුන්ගේ විවාහය නොවන බව තීරණය කරන්නේ ආනන්ද කෙස්ද අසමින් ඇය ඒ ගැන ආනන්ද සමඟින් කතා කරන්නම් කියා දෙව්මිට පොරොන්දු වනවා.

මේ වේලාවේ ගෙදර අයට හොරාට අවන්තව මුණ ගැසෙන්නට පැමිණෙන දෙව්මි ඔහු කිසිදින අමීෂා මෙවැනි කෙනෙක් කියා සිතුවේ නැති බව පවසද්දී අවන්තත් දෙව්මිගේ තාත්තා මෙවැනි කෙනෙක් කියා සිතුවේ නැති බව පවසනවා. ඒ වේලාවේ අමීෂා අසනීප වු අවස්ථාවේ ආනන්ද ඔවුන්ට උදව් කල හැටිත් ඇයට පිහිට වූ හැටි ගැනත් කියමින් ඒ කිසි දෙයක් ඇයට මතක නැති බව දෙව්මි පවසනවා. එත් එක්කම ඇයගේ තාත්තා දුප්පත් වුවත් කිසිදු කෙනෙකුගෙන් කතා අහපු කෙනෙක් නොවන බවත් දෙව්මි පවසනවා. ඔවුන් ආදරේ වෙනුවෙන් දුක් විඳපු හැටිත් ඉවසුව හැටිත් මතක් කරමින් කෙසේ හෝ සියළුදෙනා කැමති කරවාගෙන අන්තිම මොහොතේ විවාහයත් තීන්දු කල පසු මෙලෙස සිදුවුයේ ඇයිද කියා දෙව්මි අවන්තගෙන් හඬමින් විමසනවා. ඉතිං අවන්තව හමුවී පසුව නිවසට පැමිණෙන දෙව්මිට ඇගේ අම්මා , ඇයව සහ අවන්තව ආනන්ද පරේදී දැක ඇති බව පවසනවාත් සමඟම එතැතට එකපාරටම කඩා පනින ආනන්ද ඇය අවන්තව හමුවන්නට ගියාද කියා දෙව්මිගෙන් විමසමින් ඔහු එපා කියා තිබෙද්දීත් ඇය මෙලෙස ඔහුව හමුවන්නේට ගියේ ඇයි දැයි අසමින් පහර දෙන්නට හදනවා.

පසුදා ආනන්දව හමුවන්නට පැමිණෙන ඩිලාන් ආනන්ද ඔහුත් සමඟින් තරහා වුවත් ඔහුට ආනන්ද සමඟන් තරහක් නැති බව ඩිලාන් පවසනවාත් සමඟම ඔහුටත් ඩිලාන් සමඟින් තරහක් නැති බව පවසමින් නමුත් එදින ඇති වුනු ප්‍රශ්නයේදී ඔහු හැසිරුණ විදියේ වරදක් නැති බව ඩිලාන් වුනත් පිළිගන්නවා නේද කියා විමසද්දී එය සාධරණ බවත් එය ඔහු පිළිගන්නා බවත් ඒ කෙසේ වෙතත් සිදු වු දේ ගැන සොයා බලා එයට විසඳුමක් සොයා ගත යුතුයි කියා ඔහුට සිතෙන්නේ නැතිද කියා ඩිලාන් විමසනවා. ඒ වේලාවේ සිදු වු වැරදි ආපසු හදන්නට බැරි බවත් එහෙයින් අමීෂා එතැනදී හැසිරුණ විදිය ඔහුට අනුමත කරන්නට බැරි බවත් ආනන්ද පවසනවා. එත් එකක්ම හිත් බිඳුණු පවුල් එකතු කරනන්ට අමාරු බව පවසමින් දෙව්මිගේ සහ අවන්තගේ විවාහය සිදු නොවන බව ඩිලාන්ට පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *