සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.දෙව්මිගේ සහ අවන්තගේ විවාහයේ නැකත් පත්‍රය රැගෙන යන්නට පැමිණි ආනන්ද ළගට දරුවකු වඩාගෙන ගැහැණු කෙනෙකු පැමිණ ඔහුගෙන් අවන්තගේ නිවස එයද කියා අසනවා. මේ වේලාවේ මේනකත් එතැන සිටිනවා.ඉන්පසු එය අවන්තගේ නිවස බව ඔහු පවසනවාත් සමඟම අවන්ත නිවසේ සිටිනවාද කියා ඇය අසද්දී අමීෂාට කතා කරන ආනන්ද අවන්තව හමුවන්නට කෙනෙකු ඇවිත් සිටින බව පවසනවාත් සමඟම අමීෂා එතැනට පැමිණ ඇයගෙන් ඇය කවුරුන්ද කියා විමසමින් ඔහු නිවසේ නැති බවත් ඔහුගේ විවාහය සඳහා අවශ්‍ය කරන බඩු ගැනීමට ඔහු ගිය බවත් අමීෂා පවසා සිටිනවා. මේ වේලාවේ අවන්ත විවාහ වෙන්නට යන බව දැනගත් ඇය සියළුදෙනා ඉදිරියේ බොරුවට හඬමින් රඟපාමින් අවන්ත විවාහ වෙනන්ට යනවා නම් ඇයට සහ ඇගේ දරුවාට සිදු වන්නේ කුමක්ද කියා සියලන්නම පුදුම කරවමින් අසද්දී එය අසා ආනන්ද කලබල වී ඒ වෙලාවේ ඔහුට ඔහුගේ නැගණිය වන උදේනිට සිදු වු දේ සිහි වන්නට පටන් ගන්නවා.මේ වේලාවේ ඔහු සිතන්නේ රවී කරපු දේම අවන්තත් දේව්මිට සිදු කරයි කියාය. ඉතිං ඉන්පසු සිටි තැනින් මේනක නැගිටිමින් අමීෂාට ඔහු යන බව කියමින් දරුවා අතේ තියාගෙන සිටින ගැහැණු කෙනා ළගින් සිනසෙමින් යනවා.ඉතිං මේ වේලාවේ ආනන්දටවත් අමීෂාටවත් තේරුණෙ නැහැ අවන්තගේ සහ දේව්මිගේ විවාහය කඩකප්පල් කරන්නට මෙය කරනු ඇත්තේ මේනක කියන වග.

මේ වේලාවේ එම ගැහැණු කෙනා විසින් ඇය අවන්ත සහ දේව්මිගේ සම්බන්ධය ගැන දන්නා බවත් , නමුත් අවන්ත විසින් එය නවත්වන බවත් ඇය සහ දරුවා බාර ගන්නා බවත් පැවසු බව ඇය හඬමින් පවසනවා. ඒ වේලාවේ එය අසා යළි කලබල වුන ආනන්ද ඇය කොහේ කෙනෙක්ද කියා අසමින් ඇය මෙලෙස කියන්නේ ඇත්තක්ද කියා විමසා සිටිනවා. මේ වේලාවේ එලෙස බොරු කියනවා ඉවසා ගත නොහැකිව කෝපයට පත් වුන අමීෂා බොරු කියන්නට එපා කියා සැර කරමින් පවසනවා. මේ වේලාවේ ඇය කියනා දේ ගැන විශ්වාසයක් ඇති වුන ආනන්ද බොරුවක් කරනවා නම් මෙලෙස ඇය පැමිණ කතා කරන්නේ නැති බව පවසනවාත් සමඟම දේව්මි සහ අවන්ත සිනාසෙමින් නිවස ඇතුළට පැමිණෙනවාත් එකක්ම එම ගැහැණු කෙනා විසින් අවන්ත ඇයට මෙලෙස කරන්නේ ඇයිද කියා අසමින් හඬන්නට පටන් ගන්නවා. ඒ වේලාවේ කිසිවක් නොදන්න අවන්ත අමීෂාගෙන් ඒ සිටින්නෙ කුවුද අසනවා. ඉතිං ඉන්පසු අවන්ත ඇයව නොදන්නා බව පවසනවාත් සමඟම ඇය යළිත් බොරුවට හඬමින් එය ඉවසාගත නෙහැකි වු බව පෙන්වමින් එතැනින් දරුවත් රැගෙන පිට වෙනවා. ඉතිං ඉන්පසු අවන්ත ගැන කොපයට පත් වුන ආනන්ද එම ගැහැණු කෙනා විසින් පැවසුවේ බොරුවක් බව ඔප්පු වෙන තෙක් ඔවුන්ගේ විවාහය සිදුවන්නේ නැති බව පවසමින් දේව්මිවත් රැගෙන කිසිවක්ම නොකියා යන්නට යනවා. ඒ වේලාවේ අවන්තටත් දේව්මිටත් ඔහුට එය තේරුම් කර දෙන්නට හැදුවත් ඔහු ඒ කිසිවක් පිළිගනන්ට කැමති වුයේ නැහැ.

අක්ෂා උදේනි සමඟින් ආ ගිය තොරුතුරු ගැන කතා කරමින් සිටියදී එකපාරට කාමරයේ සිට එළියට පැමිණෙන අනුහස් දුරකථනයෙන් අවන්ත සමඟින් කතා කරමින් සිදු වුයේ කුමක්ද කියාත් එය වනතුරු ඔහු සිටියේ කොහේද කියාත් කලබලයෙන් මෙන් අසනවා. මේ වේලාවේ ඔහු කලබල වී සිටිනවා දකින් උදේනිත් අක්ෂාත් ඔහු දෙස බලා සිටිනවා. ඉන්පසු අනුහස් ආනන්ද කෙහේද අසමින් වැඩහටියන් වුවාම මෙසේ කලබල වී තීරණ ගැනීම සුදුසු නැති බවත් ඔහු ඉක්මනින් අවන්තව හමුවන්න්ට පැමිණෙන බවත් කියමින් දුරකථනය තියනවා. එත් එක්කම ඔහු ළඟට පැමිණෙන උදේනිත් අක්ෂාත් අවන්තට සිදුවී ඇත්තේ කුමක්ද කියා අසද්දී ආනන්ද අමීෂාගේ නිවසට ගිය අතරේදී නොහඳුනන ගැහැණු කෙනෙකු දරුවකුත් රැගෙන පැමිණ එම දරුවා අවන්තගේ බව කියමින් අවන්ත ඇයව විවාහා කරගන්නා බවට පොරොන්දු වි ඇති බව සියළුදෙනා ඉදිරියේ පවසා තිබෙන බවත්, ඉන්පසු එය විසඳෙන තුරු විවාහය සිදු නොවන බව කියමින් ආනන්ද දේව්මිවත් රැගෙන පිටව ගොස් ඇති බව පවසනවා.ඉතිං ඉන්පසු දෙව්මිවත් රැගෙන නිවසට පැමිණෙන ආනන්ද අවන්තත් ඔහුගේ තාත්තා වන රවී වගේම බව කියමින් ඔවුන්ගේ විවාහය සිදු නොවන බව සියළුදෙනා ඉදිරියේ ආනන්ද කෑගස පවසමින් එතැනින් පිට වනවා. ඉන්පසු හඬ වැලෙපෙමින් සිටින දෙව්මි ළඟට පැමිණෙන ඇගේ අම්මා සහ අයියා ඇගේ හිත හදමින් ඇයට ඉවසිමෙන් සිටින්න කියාත් කෙසේ හෝ ආනන්දට සිදු වුදේ ගැන තේරුම් කර දෙන්නම් කියාත් ඇගේ අයියා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *