සතියේ දින වල රාත්‍රි 8.30ට සියත නාලිකාවේ විකාශය වන රේස් ටෙලිනාට්‍ය පසුගිය දිනවල මෙසේ ගලාගෙන ගියා.ෂෙරිල් හා සුසිල් රාදික ලීසා හට විවාහ කර දීමට සුදානම් වනවා.එය ඔවුන් කතා කරමින් සිටින තැනට රාදික හා ලිසා පැමිණෙනවා.දෙදෙනා හමුවූයේ හා ගියේ කොහේද කියා ෂෙරිල් විමසනවා.ඉන්පසු සුසිල් ළඟදී විවාහ වීමට සිටින දෙදෙනෙකුට කතා කරගැනීමට දේවල් ඇති බව පවසනවා.එය අසා සිටින ෂෙරිල් ඇය මේ බව නොදන්නා බවත් ලිසා හට සුභ පතනවා.උවිඳුගේ නිවසේ සියලු දෙනා රාත්‍රියේදි කතා කරමින් සිටිනවා.එතැනදි උවිඳුගේ මාමා උවිඳු කාර් එකේ කෙල්ලෙක් සමඟ ගිය බව පවසනවා.ඔෆිස් එකේ වැඩ කරන අයෙක් බව උවිඳු පවසනවා.විවාහයක් සිදු කර ගැනීමට කාලය හොඳ බව තාත්තා උවිඳුගෙන් විමසනවා.කාර් එකේ දමා ගිය කෙල්ලගේ නම උවිඳුගේ මව අසනවා.ඇය දේවානි බව උවිඳු පවසනවා.එය අසා සිටින මිනිදුලි ඇය තමාගේ රස්සාව නැති කිරීමට ආ අයෙක් බව ඔහු කියු බව පවසනවා.ගිම්හානි හා සිදුව ඇති දේ දේවානි ආරණ්‍යා සමඟ පවසනවා.මෙතරම් කාලයක් සිදුව ඇති දේ ගැන ආරණ්‍යා හට දේවානි නොකියු කතාව ගැන ආරණ්‍යා ඇයට විහිළු කරනවා.

ඔවුන්ගේ කතාව අතරතුර හෙට ඉරෝෂ්ගේ ගෙදර යන බව ආරණ්‍යා පවසනවා.තනිව ඇයට නොයන ලෙස දේවානි පවසනවා. ඉරෝෂ් නිවසින් පිටව යාමට සුදානම් වනවිට අම්මා හා තාත්තා අතර නතර වී කතා කරනවා.එදින ආරණ්‍යා පැමිණෙන බවත් ඔහු පවසනවා.එය අසා සිටන ඉරෝෂ්ගේ මව ගෙවල් අස් කිරීමට සුදානම් වනවා.කෝප වන ඉරෝෂ් තාත්තාගේ චන්ඩි වැඩ නිසා කිසිඳු වැදගත් පවුලකින් ගැහැණු ළමයෙක් පැමිණෙන්නේ නැති බව පවසනවා.ඉරෝෂ් වෙත එන තාත්තා තමා ඒ දේවල් නතර කල බව පවසනවා.එය අසා සතුටු වන ඉරෝෂ් සතුටින් එතැනින් පිට වනවා.පසුදිනත් උවිඳු දේවානිව කාර් එකට දාගන්නවා.ඊයේ සිදුවු දේ ගැනද කියා ඔහු විමසනවා.තමා ගැන ගෙදරට කියුවාද කියා විමසනවා.ඉන්පසු දේවානි ඔහු ගැන කියු බව පවසනවා.දේශිත නසිරා හමුවීමට පැමිණෙනවා.ඉරෝෂ් ආරණ්‍යාව එක්කගෙන නිවසට පැමිණෙනවා.ඉන්පසු ඉතාම ආදරයෙන් ආරණ්‍යාව පිළිගන්නවා.සිදුවු දේට ඇය ආරණ්‍යාගෙන් සමාව ගන්නවා.පසුදින දේවානි මහේන්ද්‍ර හා ගිම්හානි දේවානි හට සිදුව ඇති දේ කතා කරමින් සිටිනවා.ඉන්පසු උවිඳු හට කතා කර මහේන්ද්‍ර ඔහුට ස්තූති කරනවා.නිවසට පැමිණෙන ආරණ්‍යා සිදුවූ දේ දේවානි හට පවසනවා.දෙදෙනාටම මහවත්තේ කොල්ලෝ දෙදෙනෙක් හමුවු බව ආරණ්‍යා පවසනවා.රාදික ලිසා සමඟ චාමරි ඔවුන් හට බොරුවක් කරන බව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *