සතියේ දින වල හිරු නාලිකාවේ විකාශය වන තුර්කි කතාවක් වන රූමා ටෙලිනාට්‍ය මේ දින වල රාත්‍රි 9.00ට විකාශය වනවා.මෙය ඉතාමක් ප්‍රේක්ෂකයන් වැළඳගත් ටෙලිනාට්‍යකි.හන්ඩේ කුරායිගේ නිවසින් තබා ගිය CD තැටිය විරාත් බලනවා.ඉන්පසු කෝපයෙන් විරාත් හන්ඩේ සොයා යනවා.රූමා හට මත්බෙහෙත් දුන්නේ හන්ඩේ බව ඔහු දන්නා බව ඇයට පවසනවා.සිදු වූ දේ විරාත් පවසනවා.කෝපයෙන් විරාත් හන්ඩේ හට බැන එතැනින් යාමට හදන විට හන්ඩේ ඔහුගෙන් සමාව ගන්නවා.නමුත් ඔහු ඇයට සමාව නොදෙන බව පවසනවා.ඉන්පසු කුරායිද හන්ඩේගේ නිවසට පැමිණෙනවා.ඔහු එන විටද හන්ඩේ හා විරාත් රණ්ඩු වෙමින් සිටිනවා.කුරායි එය නැවත්වීමට හැදුවද කුරායි නිසා එය සිදුව ඇතැයි කියා හන්ඩේ කුරායි හට බැන වදිනවා.එතැනින් පිටව ගිය විරාත් සොයා කුරායි පැමිණෙනවා.කුරායිද මේ දේ දැන තමා හට නොකියු බව පවසා විරාත් ඔහුටද බැනඑතැනින් පිටව යනවා.රුමා හා හලිල්ගේ විවාහයට සියලු දෙනා පැමිණ සිටිනවා.විවාහය සිදුව පසුව සියලු දෙනා නිවසට පැමිණෙනවා.පසුදින රූමා ඇගේ නැන්දාට හා සහෝදරියට ඔවුන්ගේ නගරය පෙන්වීමට යනවා.

පසුදින කැම්පස් එකට යන රුමා මුද්ද ගලවා සාක්කුවට දාගන්නවා.ඇය කැම්පස් එකට යන විට ඇය ඉදිරියටඑන අයෙක් ඇයට නාට්‍යයක් පෙන්වීමට කියා ඇය රැගෙන යනවා.ඉන්පසු වේදිකාව උඩ සිටින විරාත් ඇයට සැවොම ඉදිරියේ ආදරේ බවත් සිදුවූ දේවල් වලට ඔහු ඇගෙන් සමාව ඉල්ලා සිටිනවා.ඉන්පසු දෙදෙනාම කතා කිරීමට එතැනින් පිටව යනවා.පසුදින හන්ඩේ තමාගේ ඇඳුම්ද රැගෙන නිවසින් පිටව යනවා.රුමා අතින් ඇගේ මුද්ද නැති වනවා.ඇය එය සැම තැනම හෙව්වද එය ඇයට ලැබෙන්නේ නැහැ.එතැනට පැමිණෙන විරාත් අත එය තිබෙනවා.ඉන්පසු එය රුමා ඉල්ලා ගන්නවා.කැම්පස් එකේ සිටින සියලු ළමුන් හට දෙදෙනෙකු එකතු වී ව්‍යාපෘතියක් කරන ලෙස පවසනාව.රුමා සමඟ නම ඇති පුද්ගලයා සමඟ විරාත් ඔහුගේ නම මාරු කරගන්නවා.පසු දින කැම්පස් එකට එන විරාත් රුමාව පාඩම් කාමරයේදි නවත්වාගෙන නැවතත් ඔවුන්ගේ ආදර කතාව පටන්ගැනීමට හැකිද කියා විමසනවා.නමුත් රුමා එයට අකමැති වී එතැනින් පිටව යනවා.විරාත් නැවත ඇයට කරදර නොකරන බව පවසනවා.සනම් සමුවීමට ඇගේ යහළුවෙක් පැමිනෙනවා.

ඉන්පසු සනම්ගේ යහළුවෙකු වන ලෙවන් හමුවු බව පවසනවා.පසුදින විරාත් ජිම් එකට යනවා.ඒ සමඟම ජාන්සුද එහි යනවා.විරාත් ඇවිත් දැයි ලාරා ඇය අසලට පැමිණ අසනවා.තමාව පාලනය කරගැනීමට නොහැකි තැන ජාන්සු ඇඳ වැටෙනවා.ඉන්පසු ඇයව විරාත් අල්ලා ගන්නවා.මේ අතර සනම් ලෙවෙන් හමුවීමට යනවා.හන්ඩේගේ මව හන්ඩේ නිවසේ නැති බව පවසනවා.එය අසා හන්ඩේ හා කුරායි කලබල වනවා.විරාත් හමුවීමට එන රුමා ඔහුට තමා සමඟ ව්‍යාපෘතියෙන් ඉවත්වීමට කියනවා.නමුත් එයට අකමැති වන විරාත් ඔහු සමඟ එය කිරීමට උවමනානම් පැමිණෙන පව පවසනවා.ඉන්පසු රූමා එයට කැමති වී ඔහු සමඟ එය කිරීමට යනවා.විරාත් සමඟ කතා කරමින් සිටින අයුරු දකින හලිල් රුමාගෙන් විරාත් සමඟ කතා කලේ කුමක් ද කියා විමසනවා.ව්‍යාපෘතියක් කල බව රුමා පැවසුවත් එයට ඔහු එකමැති බව කියනවා.කෝප වන රුමා වාහනයෙන් බැස නිවසට යනවා.මේ අතර හන්ඩේ විරාත් හට කතා කර තමා සිටින තැන පවසනවා.ඉන්පසු විරාත් ඇයව නිවසට රැගෙන ඒමට ඇය සිටින තැනට පැමිණෙනවා.ඉන්පසු දෙදෙනාම පිටත් වනවා.ඉන්පසු හන්ඩේ සිදුකල සියලු දේ විරාත් හට පවසනවා.කෝප වන විරාත් හට කාර් එක පාලනය කර ගැනීමට නොහැකිව ඔවුන් අනතුරකට පත් වනවා.

නිවසට වී ප්‍රවෘත්ති බලන රුමා ගේ නිවසේ සියලු දෙනා මෙය දකිනවා.එය දකින රුමා හට කලන්තය දමා බිම ඇඳ වැටෙනවා.කුරායි හටද ඇමතුමක් ගෙන සිදුව ඇතිදේ යහළුවන් පවසනවා.සියලු දෙනා රෝහලට පැමිණෙනවා.රාත්‍රියේදි රූමාද නිවසින් පිටව යනවා.එය නැවැත්වීමට අම්මා හටද නොහැකි වනවා.රුමාද විරාත් බැලීමට එනවා.එය අසා සිටින ජාන්සු ද අසනීප වනවා.පසුදින අවදි වී සියලු දෙනා රුමාව සොයනවා ඇය කාමරයේ නැති බව මල්ලි සියලු දෙනා හටම දැනුම් දෙනවා.පසුදිනද විරාත් ළඟ ඇය සිටිය යුතු යැයි පවසා රුමා රෝහලට යනවා.විරාත් හා හන්ඩේව සියලු දෙනාටම බැලීමට හැකි බව දැනුම් දෙනවා.මේ අතර ජාන්සුද විරාත් බැලීමට පැමිණෙනවා.රුමා විරාත් වෙත පැමිණ කතා කරනවා.නමුත් විරාත් සිහියක් නොමැතිව සිටිනවා.ඉන්පසු රුමා විරාත්ගේ අතින් අල්ලා ගන්නවා.ඔහු බලා පිටතට පැමිණෙන විට ජාන්සු හා සේරා විරාත් බැලීමට පැමිණ සිටිනවා.එය දකින රුමා එතැනින් දිව යනවා.ජාන්සු එතැනට ගොස් ඇති බව දැනගත් හල්දුල් ඇයව රෝහලට ගොස් රැගෙන එනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *