සතියේ දින වල රාත්‍රි 8.30ට සියත නාලිකාවේ විකාශය වන රේස් ටෙලිනාට්‍ය පසුගිය සති කීපයේ ගලා ගියේ මෙසේයි.තමාගේ දුරකථනය රැගෙන හසන්ත හට ගිහින් දුන්නේ තමාගේ මාමා බව රන්දුලි තාත්තා හා අම්මා හට පවසනවා.ඉන්පසු කෝප වන රන්දුලිගේ පියා ඔහුට කම්බුල් පහරක් එල්ල කරනවා.ඉන්පසු කෝපයෙන් ඔහුට බැන වදිනවා.මේ අතර උවිඳු ගිම්හානි වෙත ගොස් ඔහු බොරු කියු දේට සමාව ඉල්ලා සිටිනවා.එයට සමාව ඉල්ලා සිටින්නට එපා කියා විමසනවා.ඉන්පසු තමා හට වැඩක් කරගන්න කියා උවිඳුව එතැනින් පිටත් කර යවනවා.එතැනට පැමිණෙන ජෝන්ගෙන් උවිඳුගේ නිවසට ගොස් ඇතිද කියා විමසනවා.ඔහු සමඟ එකට සිටියාට ඔහුගේ නිවස ගැන නොදන්නා බව ජෝන් පවසනවා.නිවසට පැමිණෙන ඉරෝෂ්ගෙන් ඔහුගේ මව ආරණ්‍යා ගැන විමසනවා.නැවතත් ඇයව නිවසට කැදවන ලෙසත් අම්මා ඇයගෙන් සමාව ඉල්ලීමට සුදානම් බවත් ඉරෝෂ් හට පවසනවා.ඔෆිස් එකේදි ගිම්හානි දේවානි වෙත පැමිණෙනවා.

ඉන්පසු උවිඳු මහවත්තේ වීම ගැන දුකින් කතා කරනවා.උවිඳු හට ගිම්හානිගේ දෙමව්පියන් අකමැති බව පවසනවා.තමා කෙසේ හෝ උවිඳුව අමතක කරන බව පවසනවා.අපි අතර සම්බන්ධයක් නැති බව දේවානි ගිම්හානි පවසනවා.දේවානි හමුවීමට සුසිල් පැමිණෙනවා.ඉන්පසු තමා දේවානි හමුවීමට ආ බවත් අම්මා ළඟ තමාගේ වටිනා දෙයක් ඇති බවත් එය ගැනීමට උවමනා බවත් පවසාදේවානිගෙන් ඇගේ අම්මාගේ නම්බරය ඉල්ලා සිටිනවා.දේවානි මහෙන්ද්‍ර සමඟ උවිඳුගේ හිතේ දේවානි ගැන කැමැත්තක් ඇති බව පවසනවා.රාත්‍රියේදි දේවානි වෙත පැමිණෙන මහේන්ද්‍ර දේවිනිගේ හිතේද උවිඳු ගැන කැමැත්තක් ඇති බව පෙනෙන බව පවසනවා.තමා තව ටිකක් උවිඳු ගැන සොයා බලන ලෙස පවසනවා.මේ අතර රාදික හට ලිසාගෙන් විවාහ වීමට කැමැත්ත අහන ලෙස සුසිල් ඔහුට පවසනවා.පසුදින දේවානි පාරට වී සිටින විට උවිඳු කාර් එකේ පැමිණෙනවා.ඉන්පසු දේවානිව ද කැටුව උවිඳු ඔෆිස් එකට යනවා.ඉරෝෂ් ආරණ්‍යා හමුවීමට පැමිණෙනවා.ඉන්පසු ඇගෙන් තමාගේ අම්මා මුණගැසීමට එන ලෙස ඉල්ලා සිටිනවා.නමුත් ආරණ්‍යා එයට අකමැති වනවා.ඔෆිස්එකේ කවුරුත් නැති වේලාවක දේවානි හමුවීමට උවිඳු පැමිණෙනවා.

ඉන්පසු දේවානි ගැන කිසි දෙයක් කවුරුත් නොදන්නා බව පවසනවා.විස්තර කියන ලෙස උවිඳු ඇයට පවසනවා.උවිඳුගේ කාර් එකෙන් බැස නිවසට යන දේවානිගේ අත ඇති දුරකථනය සොරකම් කර දිව යන අයුරු උවිඳු දැක නැවතත් පැමිණ ඔහුට ගසා දුරකථනය රැගෙන දේවානි හට දෙනාවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *