සියත නාලිකාවේ විකාශය වන රේස් ටෙලි නාට්‍ය සෑම සතියේ දිනකම රාත්‍රි 8.30ට විකාශය වනවා.මහේන්ද්‍ර හමුවීමට එන ගිම්හානි සුසිල් සර් හට ඇප ලැබු බවත් ෆැක්ටරියට ඇවිත් සියලු දෙනාටම කරදර කරයි කියා පවසනවා.එතැනට උවිඳුද පැමිණෙනවා.ගිම්හානිගේ කතාව අසා සිටින මහේන්ද්‍ර සුසිල් හට කිසිදු දෙයක් කිරීමට නොහැකි බව පවසනවා.නමුත් ගිම්හානි හට සුසිල් සර් කතා කල බවත් ඔහු නැවත ෆැක්ටරි එකට එන ලෙස කියු බව පවසනවා.ඒ දේට කිසිවක් නොකියන ලෙසත් කියන දේ අසා සිටින ලෙසත් පවසනවා.දේශිතගේ නිවසට පැමිණෙ වෙඩි තියු පුද්ගයා අල්ලාගත් බව සුසිල් හට ඇමතුමක් ලැබී දැනුම් දෙනවා.ඒ ගැන නිවසට පැමිණෙන මහේන්ද්‍ර හා ආරණ්‍යාගේ පවුලේ අය කතා කරමින් සිටිනවා.දේශිතගේ අම්මා නසීරා හට තමාට දැන් තියෙන්නේ ඇයගෙන් ණයට ලැබුණු ජීවිතයක් ලෙස හැඟෙන බව පවසනවා.දේශිත සුසිල් හට ඇමතුමක් ගන්නවා.ඉන්පසු මේ දින වල ඔහු කරන දේවල් හිතා මතා කරන ලෙස දේශිත සුසිල් හට පවසනවා.උවිඳු ඔෆිස් එකේදි මේඝා දෙස බලනවා.ඉන්පසු එය ගිම්හානි දකිනවා.ඉන්පසු දේවානි එළියට ගිය පසු ගිම්හානි උවිඳු හට පෙම්වතියක් සිටියදි දේවානි දෙස බලන්නේ ඇයි දැයි විමසනවා.තමා කලින් පෙම්වතියක් ගැන පැවසුවේ දේවානි ගැන බව උවිඳු කියනවා.

කෙදිනකවත් දේවානි උවිඳු සමඟ සම්බන්ධකමක් නොපවත්වන බව ගිම්හානි කියනවා.එය අසා සිටින උවිඳු තමා පමණක් ඇයට තවම ආදරේ බව කියනවා.පසුදින සුසිල් මහේන්ද්‍ර හමුවීමට පැමිණ තමා හට වැදගත් කාරණයක් කතා කිරීමට තිබෙන බව පවසනවා.ඉන්පසු සුසල් ෆැක්ටරි එක ගොඩ ගැනීමට මහන්සි වූ බව පවසනවා.ඉන්පසු තමාගේ පුතාව ෆැක්ටරියට ගන්න ගෙස පවසනවා.නමුත් එයට තමා අකමැති බව මහේන්ද්‍ර පවසනවා.පසුදින නිවසට යමින් සිටින උවිඳු දේවානි හට ගිම්හානි එන්න කලින් කාර් එකට නගින ලෙස පවසා ඇයව කාර් එකේ දමාගෙන යනවා.ඉන්පසු ගිම්හානි ඔවුන් දෙදෙනා ගැන සැක කරන බව උවිඳ දේවානි හට පවසනවා.ඉන්පසු කේන්තියෙන් දේවානි උවිඳු හට බනිනවා.ඉන්පසු ඇත්තටම උවිඳු ඇයට කැමති බව දේවානි හට පවසනවා.රාත්‍රියේදි උවිඳු පැවසු දේ ගැන දේවානි කල්පනා කරමින් සිටිනවා.පසුදින නැවතත් උවිඳු දේවානි එනතුරු බලා සිටිනවා.ඉන්පසු උවිඳුට බනිමින් කාර් එකට නැග දෙදෙනාම කතා කරමින් යනවා.මේ අතර මහේන්ද්‍ර උවිඳුගේ පෞද්ගලික තොරතුරු ඇති ෆයිල් එක ගෙන ගිම්හානි හට ඔහු පවසා ඇත්තේ බොරු බව පවසනවා.එහිදි එතැනට උවිඳු හා දේවානි පැමිණෙනවා.ඉන්පසු මහේන්ද්‍ර උවිඳුගෙන් ඔහු දුන් ලිපිනය බොරු එකක්ද කියා විමසනවා.එය ඇත්ත බව උවිඳු පවසනවා.ඔහු මහවත්තේ කියා කීමට අකමැති නිසා එසේ කියු බව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *