සියත නාලිකාවේ විකාශය වන රේස් ටෙලි නාට්‍ය මේ දින වල ඉතාමත් ජනප්‍රිය ටෙලි කතාවක්.සතියේ දින පහෙම රේස් සියත නාලිකාවේ විකාශය වනවා.උවිඳු අළුතින් ගත් නිවසේ සියලු දෙනා කෑම ගනිමින් සිටිනවා.නිවසට පැමිණි දේ ගැන සියලු දෙනා සතුටින් කතා කරනවා.එෂාන් වෙත පැමිණෙන අයියා ඔහුට රැකියාවක් සෙවූ බවත් එයට යාමට සුදානම් වන ලෙසත් කියනවා.එතැනට පැමිණෙන අම්මා උසාවියට යාමට පැමිණෙනවා.කෙසේ හෝ තාත්තා නැවත නිවසට රැගෙන එන බව පවසනවා.කෝප වන ඉරෝෂ් අම්මා හට බැන වදිනවා.රාදික අළුතින් නිවසට යනවා.උවිඳු ඔෆිස් එකට පැමිණ මේඝා හට තමන් සමඟ යාමට ඒමට පුළුවන් බව පවසනවා.ඔහු දැන් සිටින්නේ මේඝාගේ නිවස අසලට බව පවසනවා.මේඝාගේ අත්තා ආරණ්‍යා වෙත පැමිණ සුසිල් හට ඇප ලැබුණු බව පවසනවා.මේ අතර සුසිල් ඇප හමුවී රාදික කුලියට ගත් නිවසට පැමිණෙනවා.එතැනි සිටින ශෙරිල් කෙසේ හෝ ක්ලිෆර්ඩ් ලංකාවෙන් ගිය බව පවසනවා.ඉන්පසු ඔහු කපටි බවත් සල්ලිද අරන් ගිය බව පවසනවා.නිවසට පැමිණෙන ඉරෝෂ්ගේ තාත්තා හට ඉරෝෂ් බැන වදිනවා.ඔහු කරන නරක වැඩ නවත්වන ලෙස ඔහුට පවසනවා.උවිඳු මේඝා සමඟ කතා කරමින් සිටිනවා.එතැනට පැමිණෙන ගිම්හානි උවිඳු හට තමා සමඟයාමට කතා කරනවා.

උවිඳු දේවානිවද එක්කගෙන යාමට ගිම්හානි හට කියනවා.ඉන්පසු එයට ගිම්හානි අකමැති වනවා.ඔවුන් දෙදෙනා ගිය විට දේවානි තනිවම ඔවුන් දෙදෙනා එකට යන විට තමා හට දුක හිතේන්නේ ඇයි දැයි කල්පනා කරනවා.නසිරා වැඩ කරන ගමන් සිටින විට එතැනට පැමිණෙන දේශිත ඇයට චොකලට් එකක් ගෙනැවිත් දෙනවා.නමුත් නසිරා මාස 6ගෙවෙනතුරු ඔහුගෙන් කිසිම දෙයක් නොගන්නා බව පවසනවා.එතැනට පැමිණෙන දේශිතගේ අම්මා එතැන වන්නේ කුමක්ද කියා විමසනවා.එය තමා නසිරා හට දුන්නේ අම්මා සමඟ බෙදාගෙන කෑමට කියා දේශිත බොරු කියනවා.නමුත් එය අම්මා හට ගෙනැවිත් දීමට හැකිනේද කියා දේශිතගේ අම්මා විමසනවා.ඉන්පසු දේශිත එය ඇයට දෙන්නට හැදුවද එය ඇය ප්‍රතික්ෂේප කරනවා.එය නැවත රැගෙන යමට හදනා විට දේශිතගේ අම්මා ඔහු අත තිබු චොකලට් එක උදුරාගන්නවා.දේශිත එතැනින් පිටවූ විට දේශිතගේ මව නසිරා හට ඇය ඔවුන් හට නීති දැම්මේ මාස 6කින් ඔවුන් හට වෙන් වීමට උනොත් එය ඔවුන් හට උදව් වන නිසා බවත් නැවත ඔවුන් හට නීති නොදමන ලෙසත් ඇය නසිරා හට පවසනවා.නමුත් මාස 6කට පසු ඇය ගන්නා තීරණයට ඔවුන් හට කැමති වීමට සිදුවන බව පවසනවා.රන්දුලි හට ඇමතුමක් ගන්නා එෂාන් ඇය නිවසින් ගිය දේ ගැන විමසනවා.ඉන්පසු බොරු පවසන රන්දුලි පසුව ඔහුට ඇමතුමක් ගන්නා බව පවසා ඇමතුම විසන්ධි කරනවා.උවිඳු ගිම්හානි සමඟ යමින් සිටිනවා.ඉන්පසු උවිඳු වේගෙන් යනවා.

උවිඳුගෙන් කාර් රේස් පැදීමට අකමැතිද කියා විමසනවා.කිසිදිනක ඔහු කාර් රේස් පැද නැති බව පවසනවා.ඔහු කියන්නේ බොරු යැයි ගිම්හානි හිතින් හිතනවා.ඉන්පසු ගිම්හානි උවිඳුගෙන් ඔහුට පෙම්වතියක් සිටිනවාද කියා විමසනවා.කුමක් හෝ දෙයක් සිදුවේවි කියා බියෙන් උවිඳු ගිම්හානි හට තමන් හට පෙම්වතියක් සිටින බව පවසනවා.මේ අතර ඉරෝෂ් ආරණ්‍යා මුණගැසීමට පැමිණෙනවා.ලංකාවේ ඉන්න තීරණයේ කලේ ඇයි දැයි ආරණ්‍යා විමසනවා.එය ඔහුගේ කැමැත්තක් බව පවසනවා.නැවතත් ආරණ්‍යාගෙන් ඉරෝෂ් ඔවුන් දෙදෙනා විවාහ වී ලංකාවෙන් යමු ලෙස පවසනවා.නමුත් එයට කිසිවක් නොකියා ආරණ්‍යා එතැනින් යනවා.දේවානිගේ නිවසට සුසිල් පැමිණෙනවා.ඉන්පසු ටී ෆැක්ටරි එකේ අයිතිය ලබාගත්තේ කෙසේද කියා විමසනවා.ඉන්පසු සුසිල් එතැනින් පිටව යනවා.මේ අතර දේවානි හට ඇමතුමක් එනවා.එය ලංකාවේ නම්බරයක් නොවන බව පවසනවා.එයින් කතා කරන්නේ අම්මා බව දේවානි පවසනවා.ඇය ඇමරිකාවට ආ බව පවසනවා.මේ අතර රාදික හා සුසිල් රැදි සිටන නිවස අයිති කෙනාගේ දුව වන ලිසාව රාදික හට විවාහ වීමට යැයි පවසනවා.ඉරෝෂ් හා ආරණ්‍යා අතර සිදුවූ දේ ආරණ්‍යා දේවානි හට පවසනවා.උවිඳුද මහවත්තේ අයෙක් බව දේවානි ආරණ්‍යා හට පවසනවා.පසුදින උවිඳු නිවසට යන විට දේවානි බස් හෝල්ට් එකේ සිටිනු දකිනවා.ඉන්පසු ඇයට ඔහු සමඟ පැමිණෙන බව පවසනවා.දේවානි කාර් එකට නගිනවා.නසිරා හා දේශිතගේ අම්මා කතා කරමින් සිටින විට එතැන සැඟවී සිටි අයෙක් වෙඩි තියනවා.එය දකින නසිරා දේශිතගේ මවඑයින් බේරාගන්නවා.දේවානි හා උවිඳු පැමිණෙන විට ඔවුන් දෙදෙනා ගැන ගිම්හානි සැක සිතනවා.උවිඳු පෙම්වතියක් ගැන පැවසුවේ දේවානි ගැනද කියා ඇය කල්පනා කරනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *