සතියේ දින පහේම රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන පාර දිගේ ටෙලි නාට්‍ය මේ දින වල සියලුම දෙනා ඉතා ආදරයෙන් වැළඳගත් ටෙලිනාට්‍යකි.සියලු ප්‍රේක්ෂකයන්ගේ සිත් තුල කුතුහලය ඇති කරමින් මෙය ඉතාමත් සාර්ථක ලෙස ගලා යනවා.ජේරාඩ් නානායක්කාර හට ඇමතුමක් ගෙන අරවින්දි හට නැවත කතා නොකරන බවත් ඔහු ඇගේ පෙම්වතිය බවත් පවසනවා.නමුත් එයට නානායක්කාර අකමැති වී ජේරාඩ් හට බැන වදිනවා.සරනි නිවසට වී සිටිනවා.වැඩ නිමවී රෙහාන් නිවසට පැමිණෙනවා.ඉන්පසු සරණි ඔහුට තේ එකක් සාදා දෙනවා.ඉන්පසු දෙදෙනා කතා කරමින් සිටින විට රෙහාන් හට සාදා දුන් තේ එකින් ටිකක්බොන ලෙස පවසනවා.රාත්‍රියේදි බන්ඩා යහළුවන් සිටින තැනට පැමිණෙනවා.ඉන්පසු සිකුරා හා ඩාලිං කිරීමට යන දේ ගැන යහළුවන් බණ්ඩා හට කතාව පවසනවා.ඉන්පසු බන්ඩා සිකුරාගේ නිවසට ගොස් කතා කර එය කුමක් හෝ කරගත යුතු බව පවසනවා.බන්ඩා ඔවුන්ගේ නිවසට යනවා.

ඔවුන් හට අවශ්‍ය කුමක්ද කියා විමසනවා.ඔවුන් සියලු දේ දන්නා බවත් ඔවුන්ගෙන් ගත් මුදල් දෙන ලෙස පවසනවා.බන්ඩා කිසිවක් කරගත නොහැකිව තනිව කල්පනා කරමින් සිටිනවා.එය දකින් බානු එතැනට පැමිණෙනවා.ඕනම දේකට ඔවුන් බන්ඩා සමඟ සිටින බව කියනවා.බන්ඩා අතින් උන සියලු දේට බන්ඩා බානුගෙන් සමාව ඉල්ලා සිටිනවා.බන්ටි නිවසේ නැති බව බන්ටිගේ අම්මා හා තාත්තා කතා කරමින් සිටිනවා.පසුදින ඩාලිං හා සිකුරා රෙහාන්ගේ නිවසට යාමට සුදානම් වනවා.ඉන්පසු එතැනට බන්ඩා පැමිණෙනවා.ඔවුන් එය කරන දෙයින් ඔවුන් හට විදවන්න වන බව පවසනවා.ඩාලිං හා සිකුරා රෙහාන්ගේ නිවසට පැමිණෙනවා.ඔවුන් පැමිණෙන විට මාටින් මුරකරුවෙකු ලෙස වෙස් වලාගෙන සිටිනවා.මෙහි රෙහාන් කියා අයෙක් නැති බවත් ඔහු නිවස විකිණු බවත් පවසනවා.ඉන්පසු ඩාලිං හා සිකුරා නිවස තුලට පැමිණෙනවා.ඉන්පසු එතැන මාටින් නැවත පැමිණෙනවා.ඔවුන් කතා කරමින් සිටින තැනට මූණට අලිගැටපේර ගාමින් වෙස් වලාගෙනඔවුන් සමඟ කතා කරනවා.එයට රැවටෙන ඩාලිං හා සිකුරා එතැනින් යනවා.මාටිං බන්ඩා හා බන්ටි කතා කරමින් සිටින තැනට ආණ්‍යා පැමිණෙනවා.

ඉන්පසු ඇය මාටිංව දකිනවා.මුරකරුවෙකු ගත්තේ ඇයිදැයි ඇය පවසනවා.එය රෙහාන් කලදෙයක් බව පවසනවා.ආණ්‍යා හා බන්ටි කතා කරමින් සිටින විට රෙහාන් පැමිණෙනවා.රාත්‍රියේදි ආණ්‍යා නිවසට ගිය පසු රෙහාන් සරනි හට ඉංග්‍රිසි උගන්වනවා..පසුදින රෙහාන් ඔෆිස් එකට ගිය පසු අරවින්දි ඔහු අසලට පැමිණෙනාව.ඉන්පසු අරවින්දි රෙහාන් හට ඇගේ අස්වීමේ සහතිකය දෙනවා.ඇය අයින් වීමට හේතුව රෙහාන් අරවින්දිගෙන් අසනවා.ඉන්පසු රෙහාන් අරවින්දි හා උදාරි හට ඔහු සමඟ කතා කිරීමට ටික වේලාවකින් පැමිණෙන බව පවසනවා.පසුව රෙහාන් අසලට පැමිණෙන අරවින්දි හා උදාරි හට රුක්ෂානා හා වත්සලා හට උවමනා කරන්නේ සරනි හා රෙහාන්ව වෙන් කිරීමට බවත් එයට ඔවුන් හට අසුවන්නට එපා කියා රෙහාන් පවසනවා.ඉන්පසු ඔවුන් හට රෙහාන් රාත්‍රි කෑමට ආරාධනා කරනවා.තමන් කල වරද අරවින්දි හා උදාරි පිළිගෙන රෙහාන්ගෙන් සමාව ඉල්ලනවා.මේ අතර නානායක්කාරව ජේරාජ් හඹාගොස් ඔහුට පහර දෙනවා.නැවත අරවින්දි හා කතා නොකරන බව පවසනවා.මේ අතර අරවින්දි හට වත්සලා කතා කරනවා.ඒ කතාව අතරතුර රෙහාන් රාත්‍රි කෑමට ඔවුන් හට කතා කර ඇති බවපවසනවා.

පසුව වත්සලා රෙහාන්ගේ නිවසටපැමිණෙනවා.සරනි හමුවන වත්සලා සරනි හට තමා රෙහාන්ට කුලියට කෙනෙක් ගන්නා කියු බවත් ඇය රෙහාන්ගේ පෙම්වතිය බවත් පවසනවා.සරනි හට කෙන්ති යන අයුරින් කතා කර වත්සලා නිවසින් පිට වනවා.වත්සලා නිවසින් ගිය පසු සරනි හඩනවා.මේ අතර සිකුරා බන්ඩාගේ නිවසට පැණ සියලු දේ හොයනවා.එහිදි සිකුරාගේ හැඳුනුම්පත ඔහුට හමුවනවා.එතැනට පැමිණෙන බන්ඩා හට ඔහු හැමදේම දන්නා බව පවසනවා.සරනිගේ නිවසට ආණ්‍යා පැමිණෙනවා.සරනි නිවසේ නැති බව ඇය දැනගන්නවා.ඉන්පසු ඇය රෙහාන් හට ඇමතුමක් ගෙන සරනි නැති බව පවසනවා.සරනි නැවත තමාගේ නිවසට යනවා.නිවසටපැමිණෙන බන්ටිගෙන් අම්මා හා තාත්තා සිදුව ඇති දේ විමසනවා.නමුත් ඇය කිසිවක් නොකියා සිටිනවා.කලබලයෙන් නිවසට පැමිණෙන රෙහාන් ආණ්‍යා හට බොරු පවසා ඇයව ඉක්මනින් පිටත් කර යවනවා.බන්ඩා හට ඇමතුමක් ගන්නා රෙහාන් බන්ටි නැති බව පවසනවා.එය දැනගත් වහාම බන්ඩාද රෙහාන්ගේ නිවසට පැමිණෙනවා.බන්ඩා රෙහාන් හා රෙක්සි සරනි ගියේ කොහේද කියා විමසනවා.පසුව බන්ඩානැවත යහළුවන් වෙත පැමිණෙනවා.සිදුව ඇති දේ ඔවුන්ටද බන්ඩා කියනවා.ඔවුන් සමඟ කතා කරමින් සිටින විට වත්සලා බන්ඩා හට ඇමතුමක් ගන්නවා.ඉන්පසු තමා හට තොරතුරු ගැනීමට උවමනා බව පවසනවා.තමා ගොස් සරනි හට සිදු කල දේ පවසනවා.පසුව බන්ඩා බන්ටිගේ නිවසට යනවා.ඒ වන විටත් සරනි නිවසට පැමිණ ගිය බව බන්ඩා හට පවසනවා.එය දැගනගත් බන්ඩා යහළුවන් වෙත ගොස් සිදුව ඇතිදේ පවසනවා.සරනි නැවතත් රාත්‍රියේදි රෙහාන්ගේ නිවසට යනවා.රෙහාන් ඇයට පවසන්නේ බොරු බව සරනි පවසා වත්සලා කියු සියලු දේ රෙහාන් හට පවසනවා.

වත්සලා පවසන දේ විශ්වාස නොකරන ලෙස රෙහාන් පවසනවා.ඔවුන්ගේ කසාදය ගනුදෙනුවක් බව රෙහාන් ඇයට පවසනවා.එයට කෝප වන සරනි එය ගනුදෙනුවක්නම් ඇය නිවසේ සිටින එකට ඇයට ලක්ෂ දෙකක් දෙන ලෙස පවසනවා.තමා කල දේ ගැන බන්ඩා හට සරනි සිදු වූ දේ පවසනවා.මේ අතර ජේරාජ් ආණ්‍යා හමුවීමට පැමිණෙනවා.මේ අතර ඩේමියන් වෙත යන නානායක්කාර ජේරාජ් හට ගැසීමටපිරිසක් යවන ලෙස පවසනවා.ඉන්පසු නානායක්කාර ජේරාජ් හට ඇමතුමක් ගෙන අරවින්දි හා ඔහුසමඟ ගත් පින්තූර පෙන්වීමට එන ලෙසපවසනවා.ඉන්පසු ජේරාජ් ආණ්‍යාටද බොරු පවසා නිවසින් පිට වනවා.ආණ්‍යාද ඔහුපසු පස යනවා.බන්ඩා සරනි මුණගැසීමට පැමිණෙනවා.ඉන්පසු වත්සලාව විශ්වාස නොකරන ලෙස පවසනවා.ඔවුන් කතා කරමින් සිටින විට වත්සලා පැමිණෙනවා.ජේරාජ් නානායක්කාර එනතුරු බලා සිටිනවා.ඔහු සිටින තැනට ආණ්‍යාද පැමිණෙනවා.ඇය දකින ජේරාජ් බිය වනවා.ඔවුන් කතා කරමින් සිටින තැනට නානායක්කාරගේ මැරයන් පැමිණෙනවා.ඉන්පසු ඔවුන් ජේරාජ් හට පහර දෙනවා.ජේරාජ් එතැනින් පැන යනවා.ඉන්පසු එතැන සිටින ආණ්‍යාව ඔවුන් වෑන් රථයේ දාගෙන යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *