සෑම සතියේ දින පහේම සිරස ටීවී තුලින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය හැමොගේම හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා..අභිමන් ඇය සොයා පැමිණ සිටින බව දැනගත් කුරුළුව මැණිකේට නවත්වනන්ට නොහැකි වනවා. ඇය මැණිකේ කියනා දේවත් නොඅසා දොර ඇරගන ගොස් අභිමන්ව දැක ඔහුව වැළඳගන්නවා. ඉන්පසු ඒ දෙස මැණිකෙත් , ඉස්කෝල මහත්තයාත් , පසනුත් පුදුම වී බලා සිටිනවා. ඒ වේලාවේ  අභිමන් කියන්නේ ඇය විවාහ වෙන්න සිටින කෙනා බව කියද්දී ඔවුන්ට අභිමන් බැන වදින්නට යනවාත් එකක්ම ඒ අය මෙතරම් කාලයක් ඇයව ආදරයෙන් බලා ගත් අය බව කුරුළු අභිමන්ට වටහා දෙනවා.මේ වෙන තෙක්ම ඉස්කොල් මහත්තයාත්, මැණිකෙත් දැනගෙන සිටියේ කුරුළුගේ මතකය අමතක වී ඇති බව වුවත් කුරුළු ඔවුන්ට ඇයට මතකය ආවේ පසුගිය දවසක මැරයන් විසින් ඇයව පැහැරගනන්ට පැමිණි දිනයේ සිට බව තේරුම් කර දෙනවා. කුරුළු අනතුරකට ලක් වු දා පටන් සිදු වු සියළු දේ ගැනත් අභිමන්ට කුරුළු පැහැදිලි කල පසු අභිමන් ඉස්කෝල මහත්තයාගෙන් සහ මැණිකෙන් සමාව ගනිමින් කුරුළුව එතරම් කාලයක් ආදරයෙන් බලා ගත්තාට ස්තුතියි කරමින් කුරළුව එම නිවසින් රැගෙන යන්නට හදද්දී ඊට හිත හදගන්නට ඉස්කෝල මහතත්යට සහ මැණිකේට නොහැකි වුවා.

ඔය අතරේදී පූජා අභිමන් සහ කුරුළු එනතෙක් වාහනය වී සිටියදී අදිත්‍යත් කුරුළුව සොයා ඉස්කෝල මහත්තයාගේ නිවසට පැමිණෙනවා. ඒ වේලාවේ පූජාව දකින අදිත්‍ය ඇය කොත්මලේ පැමිණියේ ඇයිද කියා විමසද්දී , ඇය අභිමන්ට කුරුළු සොයා දුන් බව කියමින් ඈත සිට කුරුළුත් අභිමනුත් පැමිණෙනවා අදිත්‍යට පෙන්වනවා. ඒ අවස්ථාවේ ඔහු කුමක්ද කොත්මලේ කරන්නේ කියා විමසද්දී අභිමන් කුරුළු සිටින විඩියෝ පට කිහිපයක් පෙන්වු නිසා එදා සිට ඔහු කුරුළු ගැන සොයමින් ගිය බව අදිත්‍ය පවසනවා. ඉන්පසු කුරුළු සහ අභිමන් ඉදිරයට යන අදිත්‍ය කුරුළු දැක සතුටින් ඇයව වැළඳ ගෙන අභිමන් විඩියෝ පට කිහිපයක් තුළින් ඇයව පෙන්වු පසු ඔහු ඇයව සොයා ගන්නට ඉතා වෙහෙස වුන බව පවසනවා. ඒ වේලාවේ මෙතරම් කල් නොගෙන ඔවුන් සියළුදෙනා එක්වී කුරුළුව සෙව්වා නම් මීට කලියෙන් කුරුළුව හමුවන බව අදිත්‍ය පවසනවා. ඉතිං ඉන්පසු අභිමන් අදිත්‍යට කොළඹදී මුණ ගැසෙමු කියමින් කුරුළුත් රැගෙන කොත්මලෙන් පිටවෙනවා. මෙ වේලාවේ වාහනය නගින කුරුළුව දකින පූජා බොරුවට ඇස්වල කඳුලු පුරවා ගනිමින් නංගී කියා කතා කරමින් ඇය ළඟට කුරුළු ගන්නවා.  මෙලෙස ගෙදර යමින් සිටියදී පූජා කියන්නේ ඇගේම අක්කා බවත් ඇය පූජාගේ නැගණිය බවත් අභිමන් විසින් තේරුම් කර දෙනවා. ඒ වේලාවේ කුරුළු කිසිදෙයක් සිතා ගත නොහැකිව පූජාගේ මේ වෙනස්වීම ගැන කල්පනා කරනවා.

ඉන්පසු අභිමන් සමඟින් නිදහසේ ආ ගිය දේවල් ගැන කතා කරමින් සිටින කුරුළු, ඇයට රේෂ්මාට කතා කිරීමට අවශ්‍ය බව පවසන හෙයින් අභිමන් රේෂ්මාට දුරුකථන ඇමතුමක් ලබා ගන්නවා.එ වේලාවේ කුරුළුගේ කටහඬ අසා සතුටු වන රේෂ්මා ඇය ඉන්නේ කොහෝද කියා විමසනවා. ඒ වේලාවේ ඇය එ මොහොතේ සිටින්නේ අභිමන් සමඟින් බවත් අභිමන් ඇයව සොයාගෙන ආ බවත් , ඇය එදින ගෙදර එන බවත් පවසනවාත් සමඟම ඒ ආරංචිය අසා රේෂ්මා ඉතා සතුටට පත් වෙනවා. ඒ වේලාවේ ඒ ගැන කිසිවක් සුභාදාට කියන්නට එපා කියාත් ඇය පැමිණ සුභද්‍රාව පුදුම කරන්නම් කියාත් කුරුළු පවසනවා.ඔය අතරේ රේෂ්මා සමඟින් කතා කිරීමෙන් අනතුරුව කුරුළු අභිමන්ගේ නිවසට දුරකථන ඇමතුමක් ගනිද්දී එයට පිළිතුරු දෙන්නේ වාසනා. ඒ මොහොතේ ඇගේ කටහඬ අසා එය අදහාගත නොහැකි වන වාසනා ලොයිඩ්ට කුරුළුගෙන් දුරකථන ඇමතුමක් බව පවසමින් ඔහුට දුරකථන ලබා දෙනවා. ඒ වේලාවේ ඔහුට ඇය ජිවතුන් අතර සිටිනවා කියා සිතා ගත නොහැකි බවත් ඉක්මනින්ම නිවසට ඒන්න කියාත් පවසනවා.

ඉතිං ඉන්පසු කුරුළුත් අභිමනුත් ගෙදරට යමින් සිටියදී පාර මැද ඔවුන්ට එතින්න ඉිදිරයට යන්නට බැරිවෙන පරිදි ගිනි ගොඩවල් ගසා තිබෙනවා ඔවුන් දැක කලබලයට පත්වෙනවා. ඒ අවස්ථාවේ කුරුළු දිගින් දිගටම ඔහුට එතැනට යන්නට එපා කියද්දීත් අභිමන් වාහනයෙන් බැස ඒ අසළට යනවාත් සමඟම මොටර් බයිසිකල් වලින් පැමිණෙන පිරිසක් ඔහුව වට කරගනිමින් ඔහුට පහර දෙන්නට උත්සහා කරද්දී අභිමනුත් බය නැතිවම ඉදිරියට ගොස් ඔවුන් සමඟින් ගහ ගන්නවා. මේ වේලාවේ කුරුළු එළියට පැමිණ හඬමින් අභිමන්ව බේරා ගන්න කියා කෑගසනවා. කෙසේ හෝ එලෙස අභිමන් ඔවුන්ට පහර දෙමින් ඔවුන්ගෙන් බේරී කුරුළු ළඟට පැමිණ ඇයව එතැනින් කැටුව ඉක්මනින් වාහනය නැග යළි නිවසට යන්න සූදනාම් වනවා. ඉතිං මේ වේලාවේ එතැන සිදු වුයේ කුමක්ද කියා දුරකථනයෙන් බලමින් සිටින අදිත්‍ය අභිමන් එම මැරයන් පිරිසගෙන් බේරී යන දෙස තරහෙන් යුතුව බලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *