සෑම සතියේ දින පහේම සිරස ටීවී තුලින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය හැමොගේම හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා..අභිමන් සමඟින් කොත්මලේ යාමට සූදානම් වන පූජාට ඔහු විසින් ජනනාතට ඇය මෙලෙස ඔහු සමඟින් කොත්මලේ යන බව කීවේ නැති ද අසමින් ජනනාත එම ගමන යනවාට වැඩි කැමැත්තක් හිතේ තිබුනේ නැති බවත් පවසා සිටිනවා. ඒ වේලාවේ පහුගිය කාලයේදී සිදු වු දේවල් සමඟ ඔහු එලෙස යනවාට වැඩි කැමැත්තක් දැක් වුයේ නැති බවත් දැන් වෙද්දී නම් එය එතරම් ප්‍රශ්නයක් නැති බවත් පුජා පවසනවා. ඉන්පසු වෙද මහතාව හමුවන්නට යන බව කියමින් යන පූජාගෙන් අභිමන් ඇයි ඇය එකපාරම ඉංග්‍රිසි බෙහෙත් නවතා යළි සිංහල බෙහෙත් කරන්නේ කියා විමසද්දී , මෙලෙස ඇය ඔහු සමඟින් යන්නේ වෙද මහතා ළඟට නොවන බව පවසනවා. මේ අවස්ථාවේ ඇයට ඔහුට කියන්නට දෙයක් තිබෙන බව පවසමින් කතා කරන්න පුළුවන් නිදහස් තැනකින් වාහනය නතර කරන්න කියනවා. ඒ වේලාවේ අභිමන් ළඟට එන පූජා කුරුළු නැති වුයේ ඇය නිසා කියා ඔහු හිතනවාද කියා අභිමන්ගෙන් විමසද්දී ඔහුට එහෙම හිතෙන බවත් ඔහුට ඇයව පමණක් නොව මුළු ලෝකයම සැක බවත් කියා සිටිනවා.

ඉතිං මේ වේලාවේ පූජා ඇය මහීමාගෙ දුරකථනයෙන් කවුරුත් අවිශ්වාස කරන දෙයක් දැකපු බව පවසමින් කුරුළුගේ පිංතුරයක් ඇය මහීමාගේ දුරකථනයෙන් දැකපු බව පවසනවාත් සමඟම අභිමන් එය අසා සිතා ගත නොහැකිව පුදුම වුවා. මේ වේලාවේ අභිමන් පිස්සුවෙන් වාගේ පූජාගේ ඇස් දෙස බලාගෙන කුරුළු ජිවතුන් අතර සිටිනවාද කියා පූජාගෙන් විමසනවා. ඒ වේලාවේ එය දුටු පමණින් ඇය සිතුවෙත් එ සිටින්නේ කුරුළු කියා වුවත් ඇයගේ හැසීරිම සහ ඇය ජිවත් වන වටපිටාව වෙනස් බවත් එ හේතුවෙනුයි ඇය කොළඹට නොපැමිණ කොත්මලේ සිට ඇය ගැස සොයා බැලුවේ කියා පූජා පවසනවා.ඉන්පසු ඇය එ සිටින්නේ කුරුළු කියා සොයා ගත් බවත් නමුත් ඇයට සිදු වු අනතුර නිසා හෝ කුමක් හෝ හේතුවක් නිසා ඇයට මතකය අමතක වී ඇති බවත් පූජා පවසනවා. ඉන්පසු පූජා මෙලෙස ඔහුව එක්කගෙන යන්නේ කුරුළු සිටින තැනට බව දැනගත් අභිමන් එය දරාගත නොහැකිව ඇයව වැළඳගෙන ඇයට ස්තුති කරනවා.  ඉන්පසු දෙදෙනාම යළිත් කුරුළු සොයා කොත්මලේට යනවා.

වත්තට වී ඇවිදමින් කල්පනා කරමින් සිටින කුරුළුව දැක ඇය ළඟට පැමිණෙන මහතුන් ඇයටගෙන් ඔහුට දැනගනන්ට යමක් ඇති බව පවසමින් ඇය ඇතත්ටම කාගේ කවුද කොහේ සිටද පැමිණියේ කියා විමසනවා. ඒ වේලාවේ ඇය කවුද කියන වග ඔහුට දැනගත්තා කියා ඇති වාසයි කුමක්ද කියා අසද්දී ඔහුට ගමේ කෙනෙක් හැටියට ඒ ගැන දැනගනන්ට අයිතියක් ඇති බව මහතුන් පවසනවා.එත් එක්කම ඇය ගමට ආපු දා පටන් ගමේ විවිධ ප්‍රශ්න ඇති වුන බවත් ඒ හේතුවෙන් ඇය කවුද කියා දැනගනන්ට අවශ්‍ය බවත් පවසනවා. ඒ වේලාවේ ඇය කවුද කියා ඇයවත් නොදන්නා බවත් ඇයත් ඒ ගැන හොයන ගමන් සිටින බව කියමිනක් කුරුළු බොරුවක් ගොතා මහතුන්ට පවසනවා. මේ වේලාවේ කුරුළු කපටිකමින් ඇයව ඉස්කෝල මහතත්යාට හමුවුයේ කෙසේද කියා දැනගන්නට උත්සහා කලත් එය මහතුන්ගෙන් දැනගන්නට ලේසි වුයේ නැහැ. ඔය අතරේ දේවකට දුරකථන ඇමතුමක් ලබා ගන්නා අදිත්‍ය ඔහු ඉන්නේ කෙහේද කියා විමසමින් ඔහු කුරුළුව සොයා ඉස්කෝල මහත්තයාගේ නිවසට යන ගමන් සිටින බව පවසනවා.

මේ වේලාවේ විජේරත්නගේ නිවස අසළ වාහනය නතර කරන අභිමන්ට ඈත තිබෙන නිවස පෙන්වමින් එම නිවසේ කුරුළු සිටිනා බව පවසමින් ඉක්මනින් ගොස් ඇයව එක්කගෙන එන්න කියා පවසනවා. ඉන්පසු යළිවතාවක් පූජාට ස්තුතිය කරමින් අභිමන් ඉවසිල්ලක් නැතිව විජේරත්නගේ නිවස තිබෙන තැනට යමින් සිටිනවා. ඔය වේලාවේ අභිමන්ව දකින මහතුන් ඔහු ළඟට පැමිණ ඔහු කවුරන්ද කියා විමසමින් ඔහු යන්නේ කොහේටද කියා අසනවා. මේ වේලාවේ දිගින් දිගටම මහතුන්ගේ ප්‍රශ්න කිරීම හිසරදයක් වුණ අභිමන් ඔහුව වෙළ මැද්දට තල්ලු කර දමමින් විජේරත්නගේ නිවස අසළට යනවාත් සමඟම අභිමන් පසුපසින් පැමිණෙන පසන් පිට ගමක සිට පැමිණ ගමේ මිනිසුන්ට ගහන්නට ඔහු ඇති අයිතිය කුමක්ද අසමින් අභිමන් සමඟින් පැටලෙනවා. මේ වේලාවේ ඔහු යන ගමනේදී කෙතරම් බාධක ආවත් අභිමන් නොනැවති පසන්ගෙනුත් බේරී ඉස්කෝල මහතත්යාගේ නිවසට ගොස් ඉස්කෝල මහත්තයාගෙන් කුරුළු කෝ කියා අසද්දී කුරුළු කියන්නේ කවුරුන්ද කියා නොදන්නා ඉස්කෝල මහත්තයා එලෙස කෙනෙක් ඔහුගේ නිවසේ නැති බව පවසනවා. ඉතිං මේ වේලාවේ නිදා සිටින කුරුළුට අභිමන් ඉස්කෝල මහත්තයා සමගින් රණ්ඩු වන සද්දය ඇසී නැගිට අභිමන් කියා නම කියමින් ඔවුන් කතා කරනා දේ අසාගෙන සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *