සතියේ දින පහේම සිරස ටීවී නාලිකාව ඔස්සේ රාත්‍රී හතයි තිහට විකාශනය කෙරෙන කිසා ටෙලි නාට්‍යය කාගේත් ආදරයක් සමඟින් හොඳ ප්‍රතිචාර ලබමින් ඉදිරියට ගලාගෙන යනවා.බහාර් අගේ අම්මා වන ආනිස් සමඟින් වැඩ කරන තැනට පැමිණි අවස්ථාවේ එතැන සිටි ඒම්රේගේ අම්මා ඔවුන් ළඟට පැමිණ ඔවුන් දෙදෙනාගේ රාස්සවන් එදිනයින් පසු ඉවර බව පවසමින් ඔවුන් දෙදෙනාට එතැනින් ඒ අවස්ථාවේම පිට වන්න කියා අණ කරනවා. මේ වේලාවේ ඇය කවුද කියා නොදන්නා ආනිස් එලෙස ඇය ඔවුන්ව එතැනින් එළවා ගන්නේ ඇයිද අසමින් කවුද කියා විමසද්දී ඇය එම්රේගේ මව බව යළිත් පවසනවා. ඒ වේලාවේ ඔවුන් දෙදෙනා සෙයිඩාගේ බොරු වලට උදව් කරනා බව කියමින් ආනිස්ට ඇගේ වයස ගැන සිතා කටයුතු කරන්න කියා බැන වදිනවා. ඒ වේලාවේ ඇය කියනා දේවල් දිගින් දිගටම ඉවසාගෙන සිටිමීට නොහැකි වුන ආනිස් එ ආකාරයට අපහස කරන්න තරම් ඔවුන් කල ඇති වැරැද්ද කුමක්ද කියා අසමින් බහාර්වත් එක්කරගෙන ඇයට තර්ජන කරමින් එතැනින් පිට වෙනවා. ඉන්පසු ඇය කියු කතා මතක්ප කරගනිමින් හඬන්නට පටන් ගන්න ආනිස්ගේ හිත හදන්නට බහාර් බොහෝ සේ උත්සහා කරනවා. එත් එක්කම ආනිස් විසින් සිදු වු දේවල් ගැන එන්වර්ට කියන්න එපා කියාත් එය ඔහුට දරා ගන්නට බැරි දෙයක් බවත් පවසමින් ඔවුන් විසින්ම කැමැත්තෙන්ම එතැනින් අයින් වුණ බව කියන්න කියා ආනිස් බහාර්ට පවසනවා.

ඔය අතරේ සාප්ව දකින අරිෆ් ඔහු ළඟට පැමිණ ඔහු කපටිකමෙන් බහාර් සිටින තැනටම පැමිණි බව කියමින් ඔහුට යනන්ට වෙන තැනක් තිබුණේම නැතිද කියා අරිෆ් කෝපයෙන් අසනවා. ඒ වේලාවේ ඔහු කවුරුත් රැවටුවේ නැති බවත් නීත්‍යානුකුලව ඔහු එම නිවසට පැමිණි බවත් සාප් පවසද්දී ඔහුට එම නිවසේ ඉන්නට බැරි බව අරිෆ් කියමින් ඔහුව එළවා ගන්නට උත්සහා කරද්දී ඔහු ගැන කෝපයට පත්වුන සාප් ඔහු දරුවන් දෙදෙනා සහ බහාර් අත්හැර කොහෙවත් නොයන බව පවසනවාත් සමඟම කේන්තිය පාලනය කරගන්නට බැරි වුන අරිෆ් ඔහුගේ බෙල්ලෙන් අල්ගනිමින් බහාර් සහ දරුවන් දෙදෙනා තනිකර ඔහු වෙනත් කෙනෙකු සමඟින් විවිාහ වුන බව පවසමින් දෙදෙනා අතර රණ්ඩුවක් ඇති වෙනවා. ඉන්පසු එය දැක එයට මැදිහත් වෙන යුසුෆ් ඔවුන් දෙදෙනොගේ රණ්ඩුව නතර කිරීමට උත්සහා කලත් එය එතරම් ලෙහෙසි වුයේ නැහැ. පසුදින පාසල් අවසන් වී සාප් සමඟින් දොරුක් සහ මිසන් එන විට ඒ අසළ අරිෆ් සිටිනවා දැක දොරුක් ඔහු ළඟට ගොස් ආරාධන පත්‍රයක් ඔහුගේ අතට ලබා දෙමින් ඔහුගේ උත්සවයට පැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වේලාවේ ඔහු කෙසේ හෝ එයට සහභාගී වෙන්න උත්සහා කරන්නම් කියා පවසද්දී දොරුක් දිගින් දිගටම ඔහුට එන ලෙස ඉල්ලීමත් සමඟම අරිෆ් එයට එනන්ට කැමති වනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *