සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ  රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.උඳුල් අසපුවට ගොස් නිවසට එන අවස්ථාවේ විපුල පැමිණ සිටිනවා දකින ඔහු පුදුමයෙන් බලද්දී ඔහු කොහේ සිටද පැමිණියේ කියා උඳුල්ගෙන් විමසනවා. ඒ වේලාවේ අසපුවට ගොස් පැමි බව උඳුල් කියනවාත් සමඟම තරුපති කියන කෙනාද එම සංගීත පංතිය කරන්නේ කියා ඔහු විමසනවා. ඒ වේලාවේ දිගින් දිගටම ඔහු සංගීතය හදාරනවාම් තරුපති ළඟට යන්නට එපා කියාත්, ඔහු හොඳ තැනක් සොයා දී එයට යන සියළු වියදම් දරන්නම් කියාත් විපුල පවසා සිටිනවා. ඒ වේලාවේ විවිධ විස්තර තව තවත් පංතිය ගැන අසමින් ඊෂා ගැනත් කපටිකමෙන් උඳුල්ගෙන් විමසමින් ඇයගේ තොරතුරු ටිකක් ඔහුට සොයා දෙන්න කියා ඉල්ලීමක් කරනවා.. මේ වේලාවේ ඇය දුප්පත් ළමයෙක් හෙයින් ඔහුට අවශ්‍ය නම් මුදල් වලින් වුවත් ඇයට උපකාරයක් කිරීමට හැකි බව විපුල පවසද්දී උඳුල් අමුතු හිනාවක් දමමින් ඇයට එලෙස කිසි උවමනවාක් නැති බව පවසමින් එතැනින් යනවා.

අසපුවට සිදුවන්නට යන දේ පිළිබඳව කතා කරමින් තරුපති ගැන සමාධි ඊෂා සමඟින් කතා කරමින් සිටින අතරතුරේ විශාල්ගෙන් ඊෂාට දුරකථන ඇමතුමක් ලැබෙනවා.ඒ වේලාවේ ඔහු පසුදිනයෙන් නුවරඑළියේ එන බව විශාල් කියනවා විට එලෙස හදිස්සියේම නුවරඑළියේ පැමිණෙන්නේ ඇයිද කියා ඊෂා විමසනවා.ඒ වේලාවේ ඇය එදින ගෙදරද ඉන්නේ අසමින් කුමක් හෝ වැඩක් එදිනට තියනවාද කියා අසනවා. ‍ඒ මොහොතේ ඇයට විශේෂ වැඩක් එදින නැති බව කියමින් ඔහුට එක ලෙස ඊෂා පවසනවා. ඉන්පසු ඔහුත් සමඟින් කතා කිරීමෙන් පසු ඒ ගැන සමාධිට පවසද්දී ඔහු එනවාට සමාධිගේ හිතේ වැඩි කැමැත්තක් තිබුනේ නැහැ. ඉන්පසු පසුදින උදෑසන අසපුවට පැමිණෙන ඊෂා උදුල් සහ අලී හමුවී කොළඹ සිට විශාල් නුවරඑළියේ පැමිණෙන බව කියමින් ඇය ඔහුව හමුවන්නට යන බව පවසනවා. ඒ වේලාවේ ඊෂා උඳුල්ට ඇයතක් සමඟින් විශාල්ව හමුවන්නට යන එන ලෙස කතා කලත් ඔහු ඊට කැමති වුයේ නැහැ. ඉතිං ඉන්පසු විශාල්ව හමුවන්නට යන ඇය ඔහු මෙලෙස හදිසියේම නුවරඑළියේ ආවේ ඇයිද අසනවිට , තාත්තාගේ වැඩ කිහිපයකට සහ ඊෂාව බලනන්ට මෙලෙස ඔහු පැමිණ බව කියනවා.

ඉන්පසු ඊෂා තරුපතිව හමුවන්නට සහ ඇයගේ යහළුවන් හමුවන්නට අසපුවට යමු කියමින් විශාල් සමඟින් ඇය යන්නට පිටත් වෙන අතරේ තරුපතිගේ වාහනය පසුපසින් කවුරුන් හෝ කෙනෙකු මෝටර් බයිසිකලය කිහිපයක් ඔහු පසුපසින් පැමිණ ඔහුට ඉදිරියට යාමට ඉඩ නොදී ඔහුගේ වාහනය වට කරගන්නවා. ඉන්පසු නවතා තිබුණු වාහනය අසළට පැමිණෙන එම පිරිස අතේ පිහි මන්නාද රැගෙනවිත් ඔහුගේ වාහනය කුඩු කරනවා. එ අතරේ තරුපතිට එම පිරිස වටකරගෙන පහර දෙනවා අහම්බයෙන් වාගේ දකින ඊෂා විශාල් යන්නට එපා කියද්දීත් ඇය එය නොඅසා රණ්ඩුව මැද්දට ගොස් ඔහුට පහර දෙන්නට එපා කියද්දී එතැන සිටි කෙනෙකු පැමිණ ඊෂාගේ බෙල්ලෙන් අල්ලාගෙන් ඇයව කරකවා බිමට ඇඳ දමනවාත් සමඟම එතැන තිබු ගලක ඇගේ හිස වැදි ඇයට සිහිය නැති වෙනවා.ඉන්පසු එය දකින විශාල් කෑගසමින් ඇය ළඟට පැමිණ ඇයට සිහිය ගන්නට උත්සහා කලත් ඒ වේලාවේ ඇයට සිහිය ආවේ නැහැ. ඉන්පසු තරුපතිව බේරාගන්නට යන විශාල් එතැන සිටි පිරිස සමඟින් ගහගන්නවා.ඔය අවස්ථාවේ විශාල් දකින් එක් පුද්ගලයකු අතේ පිහියක් ගෙන තරුපති අසළට යනවා. මේ වේලාවේ තරුපතිට පිහි පහර එලල් කරන්නට යනවාත් සමඟම විශාල් ඒ මැද්දට පැන ඔහුව බේරා ගන්නට යද්දී එම පිහි පහර විශාල්ට වදිනවා.

ඉන්පසු විශාල්ව තරුපතිත් ඊෂාත් එකතු වී රෝහලට ගෙන යන අතරතුරේ මේ ගැන උඳුල්ට දුරකථන ඇමතුමක් ලබා දී ඊෂා කලබලයෙන් වාගේ පවසනවා. ඉන්පසු ඒ අවස්ථාවේම උඳුල් අලී සමඟින් රෝහල්ට යනන්ට පිටත් වෙනවා.ඉන්පසු රෝහලට පැමිණෙනන උඳුල් සිදු වු දේ ගැන සියළු දේ තරුපතිගෙන් දැනගෙන ඉන්පසු හඬමින් සිටින ඊෂාගේ සිත හදනන්ට බොහෝ සේ උත්සහා කරනවා. ඉන්පසු ඊෂා සිටින තත්ත්වය සමඟින් ඇය එතැන සිටිම සුදුසු නැති බව කියමින් උඳුල්ට ඇයව ඇගේ නිවසින් ඇරලවන්නට කියා පවසනවා. මේ වේලාවේ රැ වි ඇති හෙයින් සමාධි ඊෂාට දුරකතන ඇමතුම් ලබා ගත්තත් ඇයගේ දුරකථනය ක්‍රියාවිරහිතව තිබු නිසා ඇය කලබල වී සිටියා.මඳ වේලාවකට පසු උඳුල් සමඟින් පැමිණෙන ඊෂාව දකින සමාධි කිසිවක් නොඅසාම ඇයට බැන වදිමින් මෙතරම් රැ වෙන තෙක් ඇය ගියේ කොහේද කියා කේන්තියෙන් අසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *