සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.අමීෂාගේ තාත්තා ළඟට පැමිණෙන ඩිලාන්ගෙන් ඔහුට අහන්නට යමක් තිබෙන බව පවසමින් රදීෂ් වෙනදා මෙන් නොව කුමක් හෝ වෙනසක් තිබෙන බවත් ඔහුගේ හැසිරීම අමුතු බවත් පවසනවා.එහෙයින් එය ඔවුන්ට සුළුවට සිතන්නට බැරි හෙයින් හැකි ඉක්මනින් ලිහිණිව ඩිලාන්ට හමුවන්නට ගොස් රදීෂ් සිටින්නේ කුමක් හෝ ප්‍රශ්නයකද කියා දැන කියා ගන්න කියා පවසනවා. ඔය අතරේ ලිහිණි පවනි සමඟින් පෙර දිනයේ සිදු වු සිදුවීම ගැන කතා කරමින් කුමාර කියන පුද්ගලයා කිසිදු බයක් නැතිව ඔවුන්ගේ බෝඩිමට පැමිණුන බවත් ඇයට ඒ සිටින්නේ ඇත්තෙන්ම ඇයගේ ගමේ සිටි කෙනෙක්ද එහෙමත් නැතිනම් එය පිටුපස වෙනත් කෙනෙකුගේ සම්බන්ධයක් ඇති ද කියා ඇයට හිතේ සැකයක් ඇති බව ලිහිණි පවසනවා. එයින් ඇය අදහස් කලේ වෙනත් කෙනෙකුගේ උවමනාවකට මෙලෙස එම පුද්ගලයා ඔවුන් පසුපස පන්නනවා ඇති කියාය. ඉති ඒ සිදු වු දේවල් නිසා රදීෂ්ට කරදරයක් සිදු වෙයි කියා ඇගේ සිතය බයයි බව පවනි සමඟින් පවසනවා.

රදීෂ් මිලාන් සමඟින් ලිහිණිට කෑම ගෙන එනන්ට යන අතරතුරේ එ අසළිට කුමාර තවත් පිරිසක්ද සමඟින් පැමිණ ඔහුට පහුගිය දවසක පහරදුන්නා මතක් කර දෙමින් දැනුත් එලෙස පහර දෙන්න කියා පවසද්දී එදින ඔහු පහරදුන්නේ හේතුවකට බවත් අද දින එලෙස පහර දෙන්නට තරම් හේතුවක් නැති බවත් රදීෂ් සැර හඬින්ප පවසනවා. මේ වේලාවේ යළි වතාවක් ලිහිණිට කරදරයක් කරන්නට ආවහොත් ඔහු මෙලෙස පහර දෙන්නේ නැති බවත් එ අවස්ථාවේම මරලා දාන බවත් රදීෂ් කෝපයෙන් පවසනවාත් සමඟම කුමාර අතදිගහැර රදීෂ්ට කම්මුල පහරක් එලල් කරනවා. ඉන්පසු කොප්ය තව තවත් ඔහු කෙරෙහි වැඩි වු රදීෂ් කුමාරට පහර දෙනවා. ඒ අවස්ථාවේ එතැන සිටි අනිත් පිරිසත් රදීෂ්ට පහර දෙනවා. ඒ අතරේ ලිහිණි පවනි සමඟින් කලබලයෙන් වාගේ ඔවුන් සිටින තැනට පැමිණ කේන්තියෙන් ඔහුගේ තුවාලය දෙස බලමින් ඔහු මෙලෙස රණ්ඩු කරන්නේ ඇයිද කියා විමසමින් ඔහුව අතින් අල්ලාගෙන බෝඩිමට එක්කරගෙන යනවා. ඒ වේලාවේ ඔවුන් රණ්ඩුවට ආවට රදීෂ් වැරදි නැති බව මිලාන් තේරුම් කර දුන්නත් ලිහිණි රදීෂ්ටම වැරදි බව කියමින් ඔහුගේ තුවාලයට බෙහෙත් දමනවා.

අමීෂාව හමුවන්නට පැමිණෙන මේනක අවන්තගේ විවාහය නිසා ඔහුට කාර්යාලයේ වැඩ වලට එකතු වන්නට කාලයක් නැති බව පවසමින් ඉක්මනින් කරන දෙයක් කරන්න කියා පවසනවා. මේ වේලාවේ මේනකට අවශ්‍ය වුයෙව් අමීෂාගෙන් අවන්තගේ සහ දෙව්මිගේ විවාහය තිබෙන්නේ කවදාද කියා දැන ගන්නට වුවත් එය ඔහු අසනවාත් සමඟම අමීෂාට කතා කරමින් ආනන්ද එතැනට පැමිණෙනවා. මේනකව ඒ අවස්ථාවේ දකින ආනන්ද ඔහු ඇගේ නිවසේ කුමක්ද කරන්නේ අසද්දී කාර්යාලයේ වැඩ කටයුත්තක් සඳහා බව අමීෂා කියද්දී ඇය තවමත් මේනකව විශාවස කරනවාද අසමින් ඔහුව මරනන්ට ආවා අමතකද කියා ආනන්ද විමසනවා. ඒ වේලාවේ ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්නය ඇයට ආදාල නොවන බව අමීෂා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *