සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.රදීෂ් සහ ඩිලාන් කතා කරමින් සිටින තැනට පැමිණෙන අමීෂාට ඩිලාන්, මේනක ඇයගේ පරණ යහළුවකු වුවත් මේ වෙද්දී මේනක කරනා කියනා දේ නිසා ඔහුගේ කේන්තිය දෙගුණ තෙගුණ වී ඇති බවත් මේනක ඕනවාට වඩා අනුන්ගේ දේට මැදිහත් වනවට ඔහු අකමැති බවත් පවසා සිටිනවා.ඒ වේලාවේ සිදුව ඇත්තේ කුමක්ද කියා කියන්න කියා අමීෂා පවසද්දී මේනක විසින් අවන්තගේ සහ දේව්මිගේ විවාහය සිදුවනන්ට ඉඩ නොතබන බව පවසා තිබෙන බව ඔහු කියනවාත් සමඟිම අමීෂා එය අසා සිනාසෙමින් එවැනි බොරු දේවල් විශ්වාස නොකරන්න කියාත් එවැනි කතා හදා පවසන්නේ අක්ෂා විසින් මේනකත් සමඟින් ඇති තරහ හේතුවෙන් විය හැකි බවත් අමීෂා පවසනවා.ඒ වේලාවේ එය බොරු කතාවක් නොවන බවත් එය අක්ෂා නොව කාර්යාලයේ වැඩ කරන වෙනත් අයකු විසින් කියු දෙයක් බවත් ඩිලාන් කේන්තියෙන් පවසා සිටිනවා.

මේ අතරේ ලිහිණිගේ බෝඩිමට පැමිණෙන රදීෂ් ලොකු අප්පා ගැන කතා කරමින් ඔහු හොඳ කෙනෙකු බව පවසමින් සිටිද්දී එකපරාටම ඔවුන් දෙදෙනා සිටින තැනට නාඳුනන පුද්ගලයකු පැමිණ කලින් සිට දැන සිටියා මෙන් රඟපාමින් ඔහුව ඇයට හඳුනා ගන්නට නොහැකිද කියා විමසද්දී ඇය ඔහුව නොදන්නා බව කියනවා.ඒ වේලාවේ ඔහුගේ නම කුමාර බවත් ගමේ ඇය පස්සෙන් ආවා මතක නැතිද කියාත් රදීෂ් ඉදිරිපිටදී ඔහු අසද්දී ඇයට එලෙස ඔහු ඇය පස්සෙන් ආවා කියා කිසි මතකයක් නැති බව බයෙන් වාගේ පවසනවා.ඒ වේලාවේ ලිහිණි ඔහුව හඳුනන්නේ නැති බැවින් ඔහුට එතනින් යනන් කියා කියද්දීත් ඔහු දිගින් දිගටම එය නොඅසා සිටිම නිසා එයට කෝප වුන රදීෂ් ඔහුට එතැනින් පිට වෙන්න කියා සැරෙන් පවසනවාත් සමඟම ඔහු යළි පස්සේ පැමිණෙන බව කියමින් එතැනින් පිට වනවා. ඉන්පසුදා අනුහස්ව සහ අක්ෂාව හමුවන්නට යන රදීෂ් පෙරදිනයේ ලිහිණිගේ බෝඩිමට පැමිණි කුමාර ගැන අනුහස් සමඟින් පවසමින් ඔහුගේ හැඩරුව සහ ඔහු මැදිවයසේ වාගේ කෙනෙක් බව පවසනවා.

නිවසට පැමිණෙන අක්ෂා සමඟින් කතා කරමින් සිටන උදේනි , ඇගේ අම්මාගේ සැපදුක් කෙසේදැයි විමසමින් ඇයට කතා කරන්නටතක් බැරිවුන බව පවසනවා. ඒ වේලාවේ ඇගේ අම්මා ආ පසු ඇයට ඔවුන්ගේ විවාහය ගැනත් කතා කරන්නට අවශ්‍ය බව අම්මා කියු බව අක්ෂා උදේනි සමඟින් පවසද්දී උදේනිගේ මුහුණ වෙනස් වනවා. ඒ වේලාවේ ඇය අවුලින් කතා කරන බව දැනුන අක්ෂා ඇය අනුහස් ඇයව දමා ඉක්මනින් යනවාට අකමැතිද කියා අසද්දී ඇය කොහෙත්ම අනුහස්ට ඇයව දමා යන්නට නොදෙන බවත් ,අක්ෂාව ගෙනත් එම නිවසේ නතර කරගන්නා බවත් පවසනවා. මේ වේලාවේ ඔවුන්ගේ විවාහයෙන් පසු ඕස්ට්‍රේලියාවට ගොස් එම රටේ සුන්දරත්වය බලා එමු කියා උදේනි යෝජනා කරනවා.  එත් එකක්ම දේව්මිගේ සහ අවන්තගේ විවාහයෙන් පසු ඉක්මනින්ම ඇයගේ සහ අනුහස්ගේ විවාහයත් සිදු කරන්න ඇය තීරණය කල බවත් උදේනි පවසනවා.

යළි වතාවක් ලිහිණිගේ බෝඩිමට පැමිණෙන කුමාර ඔහු ගමේ සිටියදී එ් කාලේ සිට ඇය ගැන හිතේ ආදරයක් තිබුන බවත් ඇය ගමෙන් ගිය පසු ඔහුට ඇයව සොයා ගනන්ට බැරිවුන බව කියද්දී ලිහිණියට එය අසා කේන්ති ගොස් ඔහුට එතිනින් යන්න කියා පවසනවාත් සමඟම ඇගේ අතින් කුමාර අල්ලාගෙන ඔහු කියනා දේ තේරුම් ගන්න කියා පවසනවා. මේ වේලාවේ අහම්බයෙන් වාගේ එතැනට පැමිණෙන රදීෂ් එය දැක ඔහුව තල්ලු කරමින් ඔහුට පහර දෙනවා. ඒ වේලාවේ එම රණ්ඩුව බේරන්නට ලිහිණි උත්සහා කලත් රදීෂ් ඔහුට හොඳටම පහර දෙමින් ඔහුව එතැනින් එළවා ගන්නවා. මේ වේලාවේ ඔවුන්ගේ එම රණ්ඩුව දැක කෝප වුන ලිහිණි ඔවුන් හොඳ මිනිස්සු නොවන බව කියමින් ඔවුන් සමඟින් පැටලෙන්නට යන්නේ ඇයි දැයි අසමින් රදීෂ්ට බැන වදිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *