සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.ඩිලාන් අමිෂාගේ තාත්තා සමඟින් අවන්තගේ සහ දෙව්මිගේ විවාහය ගැනත්, ඔෆිස් එකේ වැඩ කටයුතු ගැනත් කතා කරමින් සිටින අතරතුරේ ලිහිණිව රදීෂ් කැමති කරවාගෙන ඇති බව සතුටින් පවසා සිටිනවා. මේ වේලාවේ එය අසා අමීෂාගේ තාත්තාත් සතුටට පත්වෙනවා. එ වේලාවේ රදීෂ් රට යන බව දැනගත් පසු ලිහිණි රදීෂ් රට යනවාට අකමැති නිසා හිතේ තිබුන කැමත්ත රදීෂ්ට කියන්නට ඇති කියා ඔහු සිනාසෙමින් පවසනවා. මේ වේලාවේ එතැනට එන රදීෂ්ගෙන් සීයා ඔහුට නොකියාම ලිහිණිව යාළු කරගත්තා නේද කියා අසමින් ඔහුට විහිළු කරනවා.

මේ වේලාවේ අමීෂාත් සමඟින් ආගිය තොරතුරු ගැන කතා කරමින් සිටින නිලු අවන්ත ගෙදර ඉන්නවාද කියා අසමින් ඔහුව කලෙකින් නොදැක්ක බව පවසනවාත් සමඟිම ඔහු විවාහය සඳහා හෝටලයක් බැලීමට දේව්මි සමඟින් එළියට ගිය බව පවසනවා. මේ වේලාවේ අමීෂාගේ කටින් ඇය නොදන්නා බොහෝ දේ ගැන කපටිකමින් දැන ගනිමින් විවාහය ළගදීම සිදුවනවාද කියා අසමින් ඔවුන්ට විවාහය සඳහා ආරධනා කරන්නේ නැද්ද කියා කපටිකමින් අමීෂාගේන් අසනවා. මේ වේලාවේ නිලුට අවශ්‍ය වී තිබුණේ දේව්මිගේ සහ අවන්තගේ විවාහය සිදුවන්නේ කවදාද කියා දැන ගැනීමටයි..ඒ වේලාවේ හෙට දිනයේ නැකත් බලන්නට යන බවත් ඉන්පසු තිබෙන ළඟම දිනයක් යොදාගෙන අවන්තගේ විවාහය සිදු කරන බවත් අමිෂා පවසා සිටිනවා. මේ වේලාවේ ඒ කාලයේ ඇය දේව්මිගේ සහ අවන්තගේ ආදරයට බධා කරපු එක වැරදි කියා ඇය දැන් කනගාටු වනවාද කියා නිලු විමසද්දී ඇයට ඒ ගැන තේරුමක් නැති බවත් අනාන්දගේ සමහර දේවල් වලට ඇය අකමැති විවහායේදී වුවත් ඇය කියනා සමහර දේවල් වලට ඔවුන් අකමැති බවත් අමීෂා පවසනවා.

දෙව්මිට දුරකථන ඇමතුමක් ලබා ගන්නා අවන්ත නැකත ළගටම වැටුන නිසා සියළු දේ ඉක්මනින් කරගන්නට වෙන බව පත්තරයක් බලමින් පවසනවා. මේ වේලාවේ එලෙස නැකත ඉක්මනින් නැකත වැටුන එක හොඳ බව දෙව්මි පවසද්දී එය හොඳ වුවට ඉතා ඉකමනින් නිවසක් සොයා ගැනීම අපහසු බව අවන්ත කියා සිටිනවා. මේ වේලාවේ දෙව්මි විසින් සොයාගත් දුරකථන අංකයක් අවන්තට ලබාදමෙින් එයට කතා කර නිවස ගැන වැඩිදුර විස්තර අසන්න කියා අවන්තට පැවසීමෙන් පසු ඔහු එම දුරකථනයට දුරකථන ඇමතුමක් ලබා දී නිවස පිළිබඳ විස්තර අසා පසුදිනයේ ඔවුන් පැමිණයහොත් නිවස බැලීමට හැකිද කියා එම පුද්ගලයාගෙන් විමසනවා. ඔය අතරේ අමීෂාගේ නිවසට ගොස් අවන්තගේ සහ දේව්මිගේ විවාහය ගැන සියළු තොරතුරු අමීෂාගෙන් කපටිකමෙන් දැනගත් නිලු සියට නිවසට පැමිණ මේනක සමඟින් ඒ සියළු දේ පවසනවා. මේ වේලාවේ විවිහායෙන් පසු අවන්ත සහ දෙව්මි සියළුදෙනාගේ තීරණය මත වෙනත් නිවසක ගොස් තනිව ජිවත් වන්නට සූදානම් වන බවත් ඇය පවසා සිටිනවා.

පසුදින රදීෂ් සමඟින් ඩිලාන් ලිහිණිගේ බෝඩිමට පැමිණ ඇයත් සමඟින් ඔහුට වැදගත් දෙයක් කතා කරන්නට තිබෙන බව පවසා රදීෂ්ව ලිහිණිගේ බෝඩිමෙන් යවා ඉන්පසු ඇයත් සමගින් ඔවුන්ගේ සම්බන්ධය ගැන විස්තර අසමින් ලිහිි ඇයගේ පවුලේ අයට ඔවුන්ගේ සම්බන්ධය ගැන දැනුවත් කලාද කියාත් එම සම්බන්ධය දැනගත් පසු ගෙදරයින් ඊට කැමැත්ත ලබා දෙයිද කියාත් විමසනවා. මේ වේලාවේ තවම ඇය එ ගැන ගෙදර දැනුවත් නොකල බවත් නමුත් ඇය ගමේ ගිය පසු ඒ ගැන පුවලේ අයට කියන්නට සිටින බවත් ලිහිණි පවසනවා. මේ වේලාවේ ඇයගේ තෝරා ගැනීමකට ගෙදරින් අකමැති වෙයි කියා ඇය නොසිත බවත් ඩිලාන් සමඟින් පවසනවා. අමීෂාගේ නිවසට පැමිණෙන මේනක දුරකථනයෙන් කවුරුන් හෝ කෙනෙකු සමඟින් අවන්ත සහ දෙව්මිගේ විවාහය නතර කරන්නට සැලසුම් කරමින් සිටියදී එතැන ඔහුට හොරෙන් එම කතාව අසාගෙන සිටින රදීෂ් ඔහු දුරකථන ඇමතුම විසන්ධි කල පසු ඔහු ළඟට පැමිණ කාත් සමඟින්ද කතා කලේ කියා විමසද්දී ඔහු කතා කාලේ යළුවකු සමඟින් බවත් ඒ කවුද කියා ඔහුට දැනගන්නට ඇති අවශ්‍යතාවය කුමක්ද කියාත් මේනක විමසද්දී කෝපයට පත්වුන රදීෂ් , අවන්ත සහ අනුහස් කියන්නේ ඔහුගේ සහෝදරයින් බවත් ඩිලාන් කියන්නේ ඔහුගේ තාත්තා බවත් පවසමින් ඔවුන්ට කරදරයක් කලහොත් ඔහු එ ගැන බලාගන්නම් කියමින් ඔහුට තර්ජනය කර යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *