සතියේ දින වල ස්වරණවාහිනියේ විකාශය වන ටීච අම්මා ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.අරුෂ් හා තාත්තා චින්තක නම් අයෙක් ගෙන්වා බන්ටි අත ඇති ගල සොරකම් කිරීමට සැලසුමක් සැලසුම් කරනවා.මෙහිදි ඔවුන් දෙන මුදලට අකමැති වන චින්තක නැවත නිවසට යනවා.මේ අතර උපුල් සර් ක්‍රිකට් කණ්ඩායම දිනා ආ කුසලානය පිහිදමින් සිටිනවා.මෙතැනට පැමිණෙන ශිරෝමාලා මිස්හට මෙම දිනුමට ඔහු නිසා ගත් බව පවසනවා.ඉන්පසු චින්තක සයොනාරා මිස්ගේ නිවසට යනවා.මැනික් ගල ගැන චින්තක සයොනාරාගේ පියාගෙන් අසනවා.ඔවුන් අත මැණික් ගල නොමැති බව චින්තක දැනගන්නවා.ඉන්පසු ඔහු එතැනින් පිට වනවා.මේ අතර උපුල් සර් කුසලානය පෙට්ටියකට දමා නිවසට ගෙන යාමට සුදානම් වනවා.මෙය සඳරැස් කමල් හා ශක්ති එය දකිනවා.එවිට ඔවුන් එය උපුල් සර්ගෙන් හොරකම් කිරීමට සුදානම් වනවා.

ඉන්පසු ශක්ති හා කමල් කුසලානය හොරකම් කර එයට ගලක් දමනවා. මේ අතර සයොනාරා මිස්ගේ අම්මා හා තාත්තා ඔවුන්ගේ ව්‍යාපාර බන්කොලොත්කලේ අරුෂ්ගේ පියා බව දැනගන්නවා.ඉන්පසු විනි පිටරට ගොස් සියලු ප්‍රශ්න විසදාගෙන පැමිණෙන බව පවසා රාත්‍රියේ පිටරට යාමට තිරණය කරනවා. උපුල් සර් කුසලානය සිතා පෙට්ටියතම බයිසිකලයේපටවා ගන්නවා.ඉන්පසු එතැනට සයොනාරා ටීච හා ශිරෝමාලා මිස් පැමිණෙනවා.ඉන්පසු සයොනාරා මිස් එහි ඇත්තේ මොනවාද කියා විමසනවා.පසුදින සයොනාරා ටීච හිමිදිරි බැලීමට පැමිණෙනවා.නමුත් ඇය නිවසට නොපැමිණ පාරේ සිට කතා කරනවා.මේ අතර එතැනට හිමිදිරිගේ පියා පැමිණෙනවා.ඉන්පසු හිමිදිරිගේ තාත්තා සයොනාරා මිස් හට දරුවා සමඟ කතා කර යන ලෙස කියනවා.මේ අතර අරුෂ් ගමට ආ බව ශක්ති හා කමල් පවසනවා.ඉන්පසු අරුෂ් වෙත යන සයොනාරා ඔහු ගෙන් පැමිණි කාරණාව අසනවා.පසුදින කලාප අධ්‍යාපන කාර්යාලයෙන් පාසලට පැමිණෙනවා.ඔවුන් පැමිණෙන විට උපුල් සර් දරුවන්ට දඩුවම් කරමින් සිටිනවා.අරුෂ්ගේ පියාද දේදුනු ඇල්ලට පැමිණෙනවා.ඉන්පසු ඔහුට බන්ටි මුණගැහෙනවා.

තමාව එව්වේ සයොනාරා ටීචගේ තාත්තා තාමා මෙහි එවු බව අරුෂ්ගේ පියා බන්ටි හට බොරු පවසනවා.තමා මැණික් ගල රැගෙන නැවත පැමිණෙන්නම් කියා බන්ටි එතැනින් පිට වනවා.කලාපකාර්යාලයෙන් පැමිණෙන පිරිස උපුල් සර් වැඩතහනමකට ලක් කරනවා.මේ අතර බන්ටිව අරුෂ්ගේ පියා ටවුමට එක්කගෙන යනවා.දෙදෙනාම කඩකාමරයකට යනවා.ටීච නැතිව එය එලියට ගැනීමට නොහැකි බව බන්ටි පවසනවා.එහි සිටින මුදලාලි දොර වසා විත් බන්ටිගේ මැණික ගැනීමට සුදානම් වනවා.බන්ටි තිරිවාන ගලක් රැගෙ විත් තිබුණා.ඉන්පසු බන්ටි හට ඔවුන් ගහනවා.මෙය දැනගන්නා සයොනාරා ටීච අම්මාට එය පවසනවා.පසුදින බන්ටි ටීච මුණ ගැසීමට එනවා.සිදු වූ දේ ටීච බන්ටිගෙන් අහනවා.මේ අතර බන්ටි හා සිදුවූ දේ මැණික් ගල විකිණීමට ආ පුද්ගලායා තිලක් මුදලාලි හට මෙය පවසනවා.මේ අතර පසුදින විදුහල්පතිතුමා පාසලට පැමිණෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *