සතියේ දින පහේම රාත්‍රියේ ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන ටීච අම්මා ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.සයොනාරා ටීච නුවංග හමු වී බන්ටිගේ මැණික් ගල පිළිබඳව පවසනවා.එය තිලක් මුදලාලි දැනගත්තොත් බන්ටිගේ ජීවිතයට හානියක් වන බව ඔවුන් කතා කරනවා.මෙය නුවංග දන්නා බව බන්ටි හට නොකියන ලෙස ටීච හට පවසනවා.මේ අතර බන්ටිගේ නිවසට පැමිණෙන මහේෂ් මහත්තයා බලෙන් බන්ටිව පතලට රැගෙන යනවා.ඉන්පසු පතලට රැගෙන යන බන්ටිව ඔවුන් බැඳ තබනවා.බන්ටිගේ මැණික් ගල ගැන දැනගන්නා අරුෂ් හා තාත්තා එම ගල වෙනුවට බොරු මැණික් ගලක් සෑදීමට සුදානම් වනවා.මේ අතර උපුල් සර් මහේෂ් හමුවීමට එනවා.ඉන්පසු කෙසේ හෝ මැච් එකට යන ළමුන් නවත්වීමට හදන ලෙස ඔහු දන්නා බව පවසනවා.පසුදින ළමුන් මැච් එකට යාමට සුදානම් වෙනවා.

මේ අතර විදුහල්පතිතුමාද දරුවන් සමඟ යාමට නිවසින් පිට වනවා.මහේෂ් බස් එක රැගෙන පාසලට පැමිණෙනවා.මහේෂ් සමඟ සයොනාරා ටීච කතා කරමින් සිටින විට උපුල් සර් පැමිණ ඔහුට ඉතිරි ළමුන් බලාගැනීමට නොහැකි බවත් ඔවුන්ව නිවෙස් වෙත යවන ලෙස පවසනවා.මේ අතර පන්සලේ පොඩි හාමුදුරුවන්ද ලොකු හාමුදුරුවන්ගේ අවසරය ගෙන මැච් එකට යාමට පැමිනෙනවා.බසය පැමිණෙන මගට සීගිරි හා ග්‍රාමසේවක පැමිණෙනවා.ඉන්පසු මහේෂ් හට යාමට නොදි නතරකරගැනීමට සුදානම් වනවා.නමුත් එය කිරීමට සිදුවන්නේ නෑ.පාසල් දෙක අතර මැච් එක පටන්ගන්නවා.සදරැස්ගේ අණට ශක්ති අකීකරු වනවා.මේ අතර මැච් එක බැලීමට විදුහල්පතිතුමාද පැමිණෙනවා.මේ අතර මැච් එක බැලීමට බන්ටිද පැමිනෙනවා.තියුනු තරඟයක් අවසානයේ පාසල ජයගන්නවා.කේතියෙන් නිවසට පැමිණෙන තිලක් මුදලාලි මැච් එක පැරදුන පුතා හට බැන වදිනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *