හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍ය සෑම සතියේ දිනකම රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වෙනවා.සත්‍යා සමඟ වීරවර්ණ අම්මාගේ පියානෝ එක විකිණීමට සුදානම් වනවා.එහිදි ඔවුන් වෙන කතාබහ සත්‍යාගේ අම්මා අසා සිටිනවා.සත්‍යා කැම්පස් යාමට බසයට නගිනවා.ශිවා හට ඇමතුමක් ගන්නා සත්‍යා ඔහු තවමත් ඇය සමඟ තරහවී ඇති බව දැනගන්නවා.ඉන්පසු ඇය තෝමස් හට තමා හට ශිවාගේ නිවසට යා යුතු බව පවසනවා.ශිවා බත් එක කා නොමැති බව ශිවාගෙ පියා දකිනවා.ඉන්පසු ඔහු ශිවා වෙත ඇවිත් ඔහු හීනෙන් කෑ ගැසු බවත් ඔහුට ඇති ප්‍රශ්ණය කුමක්ද කියා විමසනවා.තෝමස්ගේ උදව්වෙන් සත්‍යා ශිවාගේ නිවසට පැමිණෙනවා.නිවස අසලට විත් ශිවා හට කතා කරන සත්‍යාව ශිවාගේ තාත්තා දැක පුදුම වනවා.ඉන්පසු ඔහු ශිවාව එක්කගෙන ඒමට එතැනින් පිට වනවා.ශිවා වෙත පැමිණෙන තාත්තා ඔහුට සත්‍යා ඇවිත් ඇති බව කියනවා.නමුත් ශිවා ඇය වෙත යාමට අකමැති වනවා.ඔවුන් කතා කරමින් සිටින තැනට සත්‍යා පැමිණෙනවා.ඉන්පසු සත්‍යා සියලු දේ ශිවා හට පවසනවා.සත්‍යා කැම්පස් ගොස් නිවසට පැමිණෙන විට තාත්තා හා ජේරාජ් ගේට්ටුව අසට වී සිටිනවා.

සත්‍යාගේ සෙරෙප්පු දෙක දකින වීරවර්ණ එය කාගෙද කියා විමසනවා. එය යහළුවෙකුගේ බව ඔහු පවසනවා.මේ අතර තෝමස් හට කතා කරන වීරවර්ණ සැම්සන් කරවල වාඩියට ගොස් දැමු බව පවසනවා.බාබුගේ නිවසට රත්තරං මාලය උකස්තිබු ලියුම එනවා.එය දකින බාබුගේ අම්මා හා තාත්තා එය ගැන විමසනවා.යහළුවෙක් හට උදව්වක් කර බව පවසා බාබු එතැනින් පිට වනවා.ශිවාගේ නිවසට පැමිණෙන බාබු එය පවසනවා.එය අසා සිටින ශිවාගේ තාත්තා ප්‍රශ්ණය කුමක්ද කියා විමසනවා.එතැනින් ඉවතට යන බාබු හා ශිවා කිරීමට යමක් කල්පනා කරනවා.මේ අතර සන්තුෂ් සත්‍යා හට රන් මාලයක් දීමට සුදානම් වනවා.මේ අතර සිදුව ඇති දේ ශිවා සත්‍යා හට සියලු දේ රාත්‍රියේදි පවසනවා.සත්‍යා හා වීරවර්ණ බෝට්ටු බත් කමින් සිටින විට එතැනට සන්තුෂ් පැමිණෙනවා.ඉන්පසු ඔහු අත තිබු මාලය සත්‍යා හට දෙනවා.බාබු හට ඇමතුමක් දෙන සත්‍යා ඇය හට හමුවූ මාලය උකස් කර සල්ලි ශිවා හට දෙන ලෙස පවසනවා.බාබු යහළුවෙකුගේ බනිස් වෑන් එක රැගෙන යනවා.ඉන්පසු සත්‍යා බනිස් වෑන් එක අසලට යනවා.ඉන්පසු සත්‍යා සන්තුෂ් දුන් මාලය බාබු හට දෙනවා.ශිවා හමුවීමට යන බාබු ඔහුට අත ඇති සත්‍යාගේ මාලය දෙනවා.

ඉන්පසු ශිවා එය දැක ඉතාමත් සතුටු වනවා.මේ අතර වීරවර්ණ මෙරිල් ඇමතිතුමා හට කතා කර තමා ඔහුගේ කපටිකම් දන්නා බවත් දෙදෙනා අතර බහින්බස් වීමක්ද සිදු වනවා.සත්‍යා හට මාලයදීමට ශිවා පල්ලියට පැමිණෙනවා.ඉන්පසු ඔහු අත ඇති මාලය සත්‍යා හට දෙනවා.නිවසට පැමිනෙන සත්‍යා හමු වීමට වීරවර්ණ පැමිනෙනවා.ඉන්පසු මෙරිල් ඇමතිතුමාගේ පුතා දුන් මාලය නැවත ඔවුන් හට දීමට යුතු බව පවසනවා.එය යෙනුකි ඉල්ලා ගත් බව බොරු සත්‍යා තාත්තා හට පවසනවා.රාත්‍රියේදි ජේරාජ් හා වීරවර්ණ බීමතින් වෙරළට වී සිටිනවා.එතැනට පැමිණෙන මැරයන් පිරිසක් ඔවුන් හට පහර දෙනවා.ඔහු ලේ සමඟ නිවසට පැමිණෙන අයුරු සත්‍යාගේ අම්මා දැක සත්‍යා හට පවසනවා.ඉන්පසු තාත්තා වෙත පැමිණෙන සත්‍යා සිදුව ඇති දේ විමසනවා.මෙය මෙරිල් ඇමතිතුමාගේ වැඩක් බව වීරවර්ණදැනගන්නවා.පසුදින උදෑසන ශිවා හට තාත්තා වීරවර්ණ රණ්ඩු වී ඇති බව පවසනවා.වීරවර්ණකුලසුරිය බැලීමට සියලු දෙනා පැමිණෙනවා.සත්‍යා හමුවීමට එන ශිවා ඇයට ඔරලෝසුවක් රැගෙන එනවා.පසුදින නත්තල් දිනයේ ශිවා නත්තල් සීයාට ඇඳගෙන සත්‍යා බැලීමට එනවා.ඒ ඇවිත් සිටින්නේ ශිවා බව සත්‍යා දැනගන්නවා.ශිවාගේ පුංචි ශිවා හා තාත්තා බැලීමට පැමිණෙනවා.නත්තල් දින සත්‍යා සීයා බැලීමට යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *