සතියේ දිනවල සියත නාලිකාවේ විකාශය වන රේස් ටෙලි නාට්‍ය මේ දින වල කා අතරත් ජනප්‍රිය ටෙලි නාට්‍යකි.මිනිදුලිගේ දෙමව්පියන් බාප්පාගෙන් හසන්තගේ විස්තර ගැන විමසනවා.ඉන්පසු හසන්තගේ පොඩි පුතා හට නැවත මිනිදුලි හමුවීමට නොයෙන ලෙස ද පවසන ලෙස බාප්පා හට පවසනවා.පසුදින ආරණ්‍යා හමුවීමට ඉරෝෂ් පැමිණෙනවා.ඉන්පසු ඇගෙන් ඔහු සමාව ගන්නවා.මේ අතර මහේන්ද්‍ර පැමිණ ගිම්හානි උවිඳු හා දේවානි සමඟ ඇවිත් කතා කරනවා.ළඟදීම ඔහුගේ දුවට මේ දේවල් බාරදෙන බව පවසනවා.දේශිත පැමිණ නසිරා හමුවනවා.පසුදින රැකියාවක් සඳහා සම්මුඛ පරික්ෂනයක් සඳහා යාමට පැමිණෙන බව පවසනවා.එෂාන්ගේ හා මිනිදුලිගේ වීඩියෝව අම්මා දකිනවා.

ඉන්පසු අම්මා ඔහුට බැන වදිනවා.මේ අතර රයන්ද චාමරි එනතුරු බලා සිටිනවා.ඇය සමඟකතා කිරීමට උවමනා බව රයන් පවසනවා.දේශිතගේ අම්මා නසිරාව තමා හමුවීමට එක්කගෙන එන බව පවසනවා.බොරු පවසා ඇයව එක්කගේන නොයෙන ලෙස අම්මා ඔහුට පවසනවා.නැවත පසුදිනද ඉරෝෂ් ආරණ්‍යා හට කතා කරනවා.ඉන්පසු ඔවුන් දෙදෙනා හමුවනවා.ඉරෝෂ් ආරණ්‍යා හට ආදරේ බව පවසනවා.නමුත් එහෙම දෙයක් ඇයගේ හිතේ නැති බව ආරණ්‍යා පවසනවා.පසුදින නසිරාව දේශිතගෙ මව මුණගැසීමට රැගෙන යනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *