සෑම සතියේ දින පහේම සිරස ටීවී තුලින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය හැමොගේම හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා..රුක්මන්ව සොයා යන මහතුන් නඳුනන පුද්ගලයකු ඉස්කෝල මහත්තයාගේ නිවසට ඔහු සොයා පැමිණි අවස්ථාවේ ඔහුට අදිත්‍යව මුණු ගැසුණ බවත් , ඔහුට සිතෙන ආකාරයට ඒම පුද්ගලයාට විහාරා සමඟින කුමක් හෝ සම්බන්ධයක් තිබෙන බවත් රුක්මන් සමඟින් පවසා සිටිනවා. මේ වේලාවේ ඔහු එන බව දැනගෙන මෙලෙස ඉස්කෝල මහත්තයා නිවසින විහාරාත් රැගෙන ගිය බවත් පවසනවා. ඉතිං ඉන්පසු මහතුන් සමඟින් රුක්මන් අදිත්‍ය සිටින තැනට පැමිණ ඔහු පැමිණියේ කොහේ සිටද කියා අසමින් ඔහු ගැන දිගින් දිගටම තොරතරු විමසුවත් අදිත්‍ය ඒ කිසිදෙකට නිසි පිළිතුරුක් ලබා නොදී ඔවුන්ව මඟ හරිමින් එතැනින් පිට වෙනවා.

ඔය අතරේ පූජා ඩිලාන් සමඟින් යලි වතාවත් මැණියන්ව හමුවන්නට ගොස් ඔවුනට කරදරයක් වී ඇති නාගයාව විනාස කර දෙන්න කියා මැණියන්ගෙන්  ඉල්ලීමත් සමග එම මැණියන් විසින් නාගයාව මෙල්ල කර කුඩුවක දමා සිර කරගන්නවා.මේ වේලාවේ පූජා සහ ඩිලාන් ඒ දෙස බයෙන් බලා සිටින අතරේ සුභද්‍රා නිදා සිටියදී මලින්තව සිහිනෙන් දැක ඔහුගේ ඡායාව ඉබේටම මැකී යනවා දකිනවා.එත් එක්කම බය වී ගැස්සී නැගිටින සුභද්‍රා මලින්තට කරදරයක් බව සිදුවන්නට යන බව රේෂ්මා සමඟින් කියමින් ඇය ඔහු සිටින කැන සොයා යන්න අවශ්‍ය බව පවසනවා. මේ වේලාවේ මලින්ත මියගොස් කාලයක් ගත වී ඇති බව දන්නා ඔහුගේ නැගණිය වන රේෂ්මා සුභද්‍රාට එය තේරුම් කරමින් ඇගේ ගමන වලක්වනවා. නමුත් සුභද්‍රාට ඒ අවස්ථාවේ දැනුනා මලින්තට කරදරයක් සිදු වු බව.ඉතිං ඉන්පසු මෙල්ල කරනු ලැබු නාගයා මෑණියන් විසින් පූජාගේ අතට ලබා දෙමින් යළි වතාවක් එම නාගයාගෙන් ඔවුනට කරදරයක් සිදු වන්නේ නැති බව පවසා සිටිනවා.  ඉන්පසු නිවසට ඩිලාන් සමඟින් යමින් සිටින පූජා අනුලාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් අනුලාට තවදුරටතක් බයෙන් ජිවත් වන්නට අවශ්‍ය නැති බවත් කාලා බිලා හොඳින් සතුටින් නිදා ගන්න කියමින් නාගයාව ඇය ඉවරයක් කර දැමු  බව පවසනවා. ඒ අවස්ථාවේ එය අසා අනුලා ඉතා සතුටට පත්වුවා.

ඉතිං සියළුදේ අවසන් කර නිවසට පැමිණෙන පූජා අභිමන්ට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඔහුට පසුදිනයේ ඇයත් සමඟින් කොත්මලේ යාමට එනන්ට හැකිද කියා ඔහුගෙන් විමසද්දී ඒ ඇයි දැයි අභිමන් විමසනවා. ඒ වේලාවේ ඇයට වෙද මහතාව හමුවන්නට අවශ්‍ය බව කියමින් පූජා අභිමන්ට බොරුවක් ගොතා කියදිදී එලෙස ඇයට වෙද මහතා හමුවන්නට අවශ්‍ය වන්නේ යළිත් අසනීපේ වැඩි වී ඇත්තද කියා අසනවා.ඒ වේලාවේ එහෙම අසනීපයක් නැති බවත් ඔහුට එන්න බැරි නම් ඇය තනිව එම ගමන් යන්නම් කියාත් අභිමන්ට කියද්දී අභිමන් ඇයත් සමඟින් කොත්මලේ යාමට එන්නම් කියා පවසනවා. මේ වේලාවේ මෙලෙස පූජා කොත්මලේට රැගෙන යන්නේ කුරුළුව ඔහුට මුණ ගස්වන්නටයි. නමුත් ඇය එය කරන්නේ හොඳ චේතනාවකින් නොව ඇය විසින් කුරුළුව මැරුවා කියන චෝදනාවෙන් නිදහස් වෙන්නයි.  පහුවදා පූජා සමඟින් කොත්මලේ යාමට අභිමන් ඇගේ නිවසට පැමිණි අවස්ථාවේ ජනනාතගෙන් අභිමන් විසින් පූජා යන්න ලැස්ති වී ඇතිද කියා අසද්දී කිසිවකු නොදන්නා ජනනාත ඇය ඔහු සමඟින් යන්නේ කොහේද කියා විමසා සිටිනවා. ඉන්පසු පූජා කොත්මලේ යාමට සූදානම් වන බව අභිමන්ගෙන් දැනගත් ජනනාත පූජා ළඟට පැමිණ ඇයට බැනවදිමින් ඇගේ ගමන නවත්වන්නට උත්සහා කලත් එයින් පලක් වුයේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *