සෑම සතියේ දින පහේම සිරස ටීවී තුලින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය හැමොගේම හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.කල්පනා කරමින් සිටින විශාකා ළඟට පැමිණෙන යසෝ ඇය තවමත් අශා ගැනද කල්පනා කරන්නේ තියා අසමින් අශාගේ මරණයත් පූජා විසින් සිදු කරන්නට බැරි නැති බව පවසනවා.ඒ අවස්ථාවේ පූජා අසනීපයෙන් නොහිටියා නම් ඇයව සැක කරන්නට තිබුන බවත් නමුත් ඇය අසනීප වි නිවසේම සිටියදී එවැනි දෙයක් ඇයට කිරීමට නොහැකි බව විශාකා පවසනවා. නමුත් දිගින් දිගටම විශාකා සමඟින් වාද කරන යාශෝගේ මතය වුයේ පූජා අනිවාර්යෙන්ම මේ පිටුපස සිටින බවයි.

ඔය අතරේ පූජාට දුරකථන ඇමතුමක් ලබා ගන්නා මහීමා සිදු වී ඇත්තේ කුමක්ද කියා අසමින් අශාට එලෙස සිදුවුයේ කෙසේද කියා විමසනවා. මේ වේලාවේ කිසිවක් නොදන්නා ගනට රඟපාන පූජා ඇයටත් සිදු වු දේ හීනයක් ලෙස දැනෙන බවත් ආශා ඔවුන් සමගින් කාර්යාලයේ ඉතාමත් හොඳින් වැඩකයටුතු සිදු කරගෙන සිටිය බවත් පවසනවා. මේ වේලාවේ ඕනෑම කෙනෙකුට යන්න කාලය අවාම යන්න වෙන බව පවසමින් අශාගේ මරණය සම්බන්ධයෙන් තවමත් පොලිසිය විසින් පරීක්ෂණ පවත්වන බවත් මහීමා සමඟින් පවසා සිටිනවා. ඉතිං එත් එක්කම පූජා කපටිකමෙන් අශා මෙලෙස ඔවුන්ගේ කම්පැනියට ආවේ කුරුළුගේ මරණය සම්බන්ධයෙන් කුමක් හෝ දෙයක් ගැන සොයන්නට විය හැකි බව පවසනවා.ඒ හේතුවෙන් කුරුළුව මැරු අයම සමහරවිට අශාවත් මෙලෙස මරන්නට ඇති බවට පූජා සැක කරනවා. ඉතිං ඉන්පසුව ඉන්ස්පෙක්ටර් මංජුට දුරකථන ඇමතුමක් ලබා ගන්නා පූජා , අශාව ඔවුන්ගේ කම්පැනියට එවනු ලැබුවේ ඔහු විසින්ද කියා විමසමින් එලෙස ඔවුන්ගේ කම්පැනියට ඇය පැමියේ ඇයි දැයි ඇයට දැන ගැනීමට අවශ්‍ය බව පවසනවා. ඔය අවස්ථාවේ ඇය කෙසේ හෝ දින දෙක තුනක් ඇතුළත කුරුළු සිටින්නේ කොහේද කියා ඔවුන්ට සොයා දෙන බවත් එවිටවත් ඔවුනට ඇය ගැන තිබෙන්නා වු සැකය නැති වී යයි කියාත් ඇය පවසමින් දුරකථන විනස්ධි කරනවා.

අශාට සිදු වුනේ කුමක්ද කියා කල්පනා කරමින් සිටින මාලන් ළගට පැමිණෙන මාරසිංහ ඔහුට ඔහුගෙන් අහන්නට දෙයක් ඇත බව පවසමින් අශා ඔවුන්ගේ කම්පැනිය මෙලෙස පැමිණ ඇත්තේ කිනම් හේතුවකට කියා විමසනවා. එ අවස්ථාවේ ඔහු ඇය එලෙස පැමිණීමට හේතුව කුමක්ද කියා නොදන්නා බව කියද්දී අශා මෙලස කම්පැනියට පැමිණෙන්නට ඇත්තේ කුරුළුගේ මරණ සම්බන්ධයෙන් තොරතුරු දැන ගනන්ට විය හැකි බව මාරසිංහ පවසනවා. ඉතිං ඒ වේලාවේ මාරසිංහ විසින් ආශා මාලන්ට ලං වුයෙත් කුරුළුගේ මරණය සම්බන්ධයෙන් කුමක් හෝ තොරතුරුක් දැන ගනන්ට විය හැකි බවත් පවසනවා. ඉතිං ඒ අවසථාවේ මාරසිංහ විසින් කියු දේවල් අසා මාලන් බය වෙනවා අශාගේ මරණය සම්බන්ධයෙන් ඔහුවත් පොලිසිය විසින් සැක කරයි කියා. මේ අවස්ථාවේ ඩිලාන් සොයා ගත් මැණියන්ව හමුවන්නට ඩිලාන් සමඟින් පැමිණෙන පූජා එ ගැන එතරම් විශ්වාසයක් ඇතුව නොව දේවලය වෙත පැමිණෙන්නේ.නමුත් ඩිලාන්ගේ බලා කිරිම මත දේවාලය ඇතුළට ඔවුන් යන විටම එම මැණියන් විසින් පූජාට එතැන අවිශ්වාස නම් දෙවියන්ව අවිශ්වාස නම් එතැන රැගෙන ආවේ ඇයි ද කියා මැණියන් ඩිලාන්ගෙන් විමසනවා. ඒ අවස්ථාවේ නොදැනු ඇය අතින් සිදු වුන වරදයට සමාව දෙන මෙන් ඩිලාන් මැණියන්ගෙන් වැඳ ඉල්ලා සිටිනවා. ඒ අවස්ථාවේ මැණියන් විසින් එයට සමාව දිය හැකි නමුත් ඔවුන් එකතු වී සිදු කර ඇති පාපයට නම් සමාවක් දෙන්න බැරි බව පවසනවා. ඔය අවසථාවේ පූජාත් ඩිලානුත් එය අසා බය වෙනවා. ඔය අවස්ථාවේ කෙසේ නමුත් පූජාට කුමන කරදරයක් සිදු වුවත් ඇයට මැරෙන්නට ඉඩ නොදි ඇය පිටුපසින් පැමිණ කිසියම් කෙනෙකු ඇයව ආරක්ෂා කරන බව මැණියන් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *