සෑම සතියේ දින පහේම සිරස ටීවී තුලින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය හැමොගේම හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ නාගයාගෙන් ඔවුන්ට ඉදිරියේදී ඇති වන්නට යන්නේ කුමක් කියා දැනගැනීමට සහ එයින් බේරීමට ක්‍රමයක් සොයා ගැනීමට ඩිලාන් පූජාව එක්කගෙන මෑණියන් කෙනෙකු හමුවන්න දේවාලයකට පැමිණෙනවා.ඉතිං එලෙස පැමිණි අවස්ථාවේ එම මෑණියන් විසින් ඔවුන්ට පසුගිය කාලය තුළිදී සිදු වුන කරදර ගැනත් ඒ වාගේම ඉිදිරියේදී ඔවුනට සිදුවන්නට ඇති කරදර පිළිබඳවත් අනතුරු අඟවනවා. මේ අවස්ථාවේ පූජාට නාගයා එකුවරක් දෂ්ඨ කලත් ඇය නොමැරු බේරුණේ ඇයව ආරක්ෂා කිරීමට ඇය ළඟ සෑම අවස්ථාවකම කෙනෙකු සිටින නිසා බවත් නමුත් ඩිලාන්ගේ ජිවිතය ටික දිනකට පසු පෙන්නුම් කරන්නේ නැති බවත් පවසා සිටිනවා.

ඔය අතරේ ඉස්කෝල මහත්තයා ළඟට පැමිණෙන මැණිකේ විහාරා වෙනදා මෙන් නොවන බවත් ඇගෙන් අමුතු විදියේ ප්‍රශ්න සැරෙන් සරේ අසන බවත් පවසමින් ඇයගේ අම්මා කවුද කියා විමසු බව මැණිකේ ඔහු සමඟින් පැවසුවා. ඉතිං ඒ වේලාවේ කොච්චි අනතුර ගැන වගේම ගඟ ළඟදී ඇයව හමුවු බව කියන කතාව ගැන ඇසු බව පවසද්දී ඔවුන්ගේ ඒ කතාව විහාරා හැංඟි සිටි අසාගෙන සිටිනවා. ඉතිං මේ වේලාවේ විහාරාට ඕන කරනුයේ ඇය මෙලෙස කොත්මලේට පැමිණියේ කෙසේද කියා දැනගන්නටයි. ඉතිං මේ අවස්ථාවේ ඉස්කෝල මහත්තයා විසින් ඉක්මනින්ම විහාරාව වෛද්‍යවරය හමුවන්නට රැගෙන ගොස් ඇයව ඉක්මනින් සනීප කරවාගෙන ඇයව ඇය අයිති අයට බාර දිය යුතු බව පසද්දී මැණිකේ නම් එයට වැඩි කැමැත්තක් දැක්වුයේ නැහැ. ඇයට සෑම වේලාවකම අවශ්‍ය වුයේ විහාරාව ඇගේ ළඟනිම තබා ගැනීමටයි. නමුත් ඔවුන් ඒ කරන්නේ විහාරාට වගේම ඇයගේ පවුලේ අයටත් වරදක් බව ඉස්කෝල මහත්තයා ඇයට පැහැදිලි කර දෙන්නට උත්සහා කරනවා.

ඉතිං ඔන්න පසුදා පූජා කියු පරිදි ඇලෙක්ස් හමුවන්නට පැමිණෙනවා.ඒලෙස ඇය පැමිණෙනවාත් සමඟම අශාත් කටවත් නොකියාම පූජා පැමිණෙන්නේ කවුරුන් හමුවීමටද කිය දැන ගැනීමට කැමරාවකුත් රැගෙන පඳුරකට මුවාවී අලෙක්ස් සහ පූජා කතා කරමින් සිටින සියළු දේ විඩීයෝ ගත කරනවා. ඒ වේලාවේ පූජා අලෙක්ස් සමඟින් ඔහුට භාර දුන් කාර්ය ඔහු නිසි ලෙස ඉටු නොකළ බව කියමින් ඇය නිකරුණේ ඔහුට මුදල් ගෙවු බවත් පවසමින් ඔහුට කුරුළුව මරා දැමුවේ නැති බවත් මතක් කරමින් චෝදනා කරනවා. මේ වේලාවේ පූජාගේ චෝදනාවන් ඉවසා ගැනීමට නොහැකි වුන ඇලෙක්ස් ඔහුගේ සාක්කුවේ තිබු තුවක්කුව අතට ගෙන ඔහුගේ ගෝලයා දෙසට දිගු කරමින් ඔවුන් නිසයි එය හරිඅකාරව කර ගැනීමට නොහැකි වුන බව කියනා. ඉන්පසු පූජා විසින් ඔවුන් අතරේ තිබු සියළු ගණුදෙනු අවසාන බවත් ඔවුන් සමඟින් තවදුරටත් වැඩ කලහොත් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්නට සිදුවන බවත් කියමින් පූජා එතැනින් පිටව යනන්ට ගොස් යළි වතාවක් හැරී පැමිණ ඔහු ඇයගේ රහස් කිසිසෙත් රකින්නේ නැති බවත් එම නිසා ඇයට එලෙස ඔහුව දමා යන්නට බැරි බවත් පවසනවාත් සමඟම යළිත් අලෙකස් තුවක්කුව ගෙන පූජාට වෙඩි තියන්නට හදනවාත් සමගම ඔහුට එකපාරටම වෙඩි පහරක් වැදෙමින් එැතනම ඔහු බිම ඇඳ වැටෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *