සතියේ දින පහේම සිරස ටීවී නාලිකාව ඔස්සේ රාත්‍රී හතයි තිහට විකාශනය කෙරෙන කිසා ටෙලි නාට්‍යය කාගේත් ආදරයක් සමඟින් හොඳ ප්‍රතිචාර ලබමින් ඉදිරියට ගලාගෙන යනවා..මේ වේලාවේ එම්රේ සමඟින් රන්ඩු වී සෙයිඩා ඔහු නිවසින් ඇඳ දැමු පසු ඔහු ඇයට කරපු චෝදනා ගැන මතක් කරමින් හඬා වැලපෙනවා. ඉන්පසු ඇය එලෙස හඬමින් පුටුව උඩම උදෑසන වනතරු නින්ද යනවා. පසුදා උදෑසන සෙයිඩාගේ නිවසට පැමිණෙන අරිෆ් දොරට තට්ටු කරමින් ඇයට කතා කල ඇය වෙනදාට උදේම නැගිට වැඩට යන බවත් එදින ඇය වැඩට යන්නේ නැද්ද කියාත් අරිෆ් විමසනවා. ඒ වේලාවේ එම්රේ සමගින් තරහින් සිටින සෙයිඩා ඇය යළිත් එම්රේ සමඟින් එකට වැඩ කරන්නේ නැති බවත් ඇය එයට අකමැති බවත් කියමින් දොර වසාගන්නවා.

ඔය අතරේ මුනීර්ව හමුවන්නට යන සාප් , ඔහු ඉතාම සැහැල්ලුවෙන් දැන් ජිවත්වන බවත් එය ඔහුට ලොකු සතුටක් බවත් මුනීර් සමඟින් පවසා සිටිනවා.එ වේලාවේ ඔහුට තිබෙන එකම වටිනා දේ බහාර් බවත් ඇය ඔහු සමඟින් තරහින් සිටියත් ඇය ළඟන් ඔහුට හිඳිමට හැකිවන නිසා එය ඔහුට ඉතා වටිනා දෙයක් බවත් කියා සිටිනවා. මේ විදියට සාප් ඔහු සමඟින් කතා කරමින් සිටින අතරේ මුනීර් විසින් පිරල්ගේ නිවසේ තිබු බහාර්ගේ දුරකථනය සාප්ගේ අතට ලබා දී එම දුරකථනයේ පිරල් විසිනු යවනු ලැබුවා කියු කිසිදු ඡායාරූපයක් නොතිබුණ බව ඔහු පවසනවා. ඉතිං මෙලෙස දුරකථනය ලබා දී මුනීර් යන්නට හදනවාත් සමඟම සාප් ඔහුගේ අවසාන වතාවට ඔහුට උදව්වක් කල හැකි ද කියා මුනිර්ගෙන් විමසමින් ඔහුට ඉක්මනින්ම නිවසක් සොයා දෙන්න කියා ඉල්ලා සිටිනවා.

ඉන්පසු නිවසක් සොයමින් පැමි‍ණෙන මුනීර් අරිෆ්ගේ කඩය ළඟ ඔහුගේ තාත්තා සිටනවා දැක ඔහු ළඟට පැමිණ ඒ අවටින් නිදහසේ සිටිමට නිවසක් සොයනා බවත් ඔහු එම ප්‍රදේශයේ දැන්වීමක් දැක මෙලෙස එම නිවස කොහේද තිබෙන්නේ කියා සොයා ආ බව පවසනවා. ඒ වේලාවේ අරිෆ්වට අඩගසන යුසුෆ් මුනීර් විසින් එ අවටින් නිවක් සෙයානා බව පවසනවා. ඒ වේලවේ කාමර දෙකක් තිබෙන නිවසක් ඇතිවෙයිද අසමින් ඔහු එම නිවස පෙන්වන්නට යනවා. ඉන්පසු එම නිවස පෙන්වු පසු මුනීර් ඔහුගේ ජංගම දුරකථනයෙන් එම නිවසේ ඡයාරූප කිහිපයක් ගෙන එය ඔහුගේ යහළුවාට පෙන්වීමට අවශ්‍ය බව කියා ඔහු කැමති වුවහොත් ඉක්මනින්ම එම නිවස ගන්නා බවට පොරොන්දු වී යනවා.

මේ වේලාවේ  සාප් බහාර් සමඟින් එකට ජිවත් වන නිසා ඒ ගැන තරහින් සිටින සෙයිඩා හමුවන්නට ඇගේ නිවසට බහාර් පැමිණ ඇය බයෙන් වාගේ සෙයිඩාගේ සැප දුක විමසනවා. මේ වේලාවේ ඇය තවමත් බහාර් සමඟින් තරහින් සිටිනවා වාගේ රඟපාමින් ඇයව වැඩි ගානකට නොගෙන ඇය හොඳින් සිටිනා බව පවසනවා. ඉන්පසු බහාර් දෙස බලමින් සිටින සෙයිඩා ඇය විහිළුවක් කල බව කියමින් සිනාසී ඇයව වැළඳගෙන නිවස ඇතුළට ගොස් ඇයත් සමඟින් පහුගිය දේවල් ගැන කතා කරමින් සිටිනවා. ඔය අතරේ අරිෆ්ගේ උඩ තිබෙන නිවසට අලුත් කට්ටියක් එන බව සෙයිඩා පවසනවා. ඉතිං තවමත් මේ කිසිවකුත් දන්නෙැහැ හම නිවසට පැමිණෙන්නේ සාප් බව. ඔය වේලාවේ බහාර් හෙට දිනයේ ඔවුනුත් ඔවුන්ගේ නිවසට යළි පැමිණෙන බව සෙයිඩාට කියනවාත් සමඟම සෙයිඩා ඒ ගැන ඉතා සතුටට පත් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *