සතියේ දින පහේම සිරස ටීවී නාලිකාව ඔස්සේ රාත්‍රී හතයි තිහට විකාශනය කෙරෙන කිසා ටෙලි නාට්‍යය කාගේත් ආදරයක් සමඟින් හොඳ ප්‍රතිචාර ලබමින් ඉදිරියට ගලාගෙන යනවා..ඒම්රේ ළඟට පැමිණෙන ඉට්ල් ඔහුට යමක් කියන්නට ඇති බව පවසමින් ඇයට තවදුරටත් එන්වර්ගේ නිවසේ නැවතී සිටිය නොහැකි බව පවසා සිටිනවා.  මේ වේලාවේ එන්වර් සහ ආනිස් රහසින් කතා කල දෙයක් ගැන ඇයට ඇසුන බවත් එම කතාව එම්රේට ඔහුගේ ජිවිතයට වඩාත් වැදගත් එකක් වන බවත් පවසා සිටිනවා. ඒ අවස්ථාවේ ඔවුන් ඔහු සහ සෙයිඩා ගැන කතා කල බව පවසනවාත් එක්කම කලබල වුන එම්රේ ඇය කියන කිසිදෙයක් නොඅසාම වාහනය රැගෙන නිවසින් පිට වෙනවා. ඉට්ල් ඔහුව නවතාගෙන ඇය දැනගත් දේ කුමක්ද කියා කියන්නට උත්සහා කලත් එය අසන්නට එම්රේ කැමති වුයේ නැහැ.ඉතිං මේ වේලාවේ එම්රේට මතක් වනවා ඔහු ඉට්ල් සමඟින් සෙයිඩාගේ අම්මා හමුවීමට ගිය අවස්ථාවේ එතැන සිටි වෙනත් අයෙකු විසින් අර්ඩා යනු සෙයිඩාගේම පුතා බව කියනවා.

ඉතිං ඉන්පසු මේ විදියට එම්රේ කලබලයෙන් දිව ආවේ ආනිස්ව හමුවීමටයි. ඉතිං ඉන්පසු ආනිස්ව හමුවන්නට යන ඒමරේ ඔහු මෙලෙස ඇයව සොයා පැමිණියේ ඇයගෙන් යමක් ගැන දැනගන්නට බව පවසමින් සෙයිඩාගේ දරුවා වන ආර්ඩාගේ තාත්තා ඔහුද කියා විමසද්දී ආනිස් කිසිවක් නොකියා මඳ වේලාවක් ඔහු දෙස බලා සිටිනවා. ඉන්පසු නැවත වතාවක් ආනිස්ගෙන් එම්රේ එම ප්‍රශ්නයම යොමු කල අවස්ථාවේ ඒ ගැන ඔහුට ගොස් සෙයිඩාගෙන්ම විමසන්න කියා ආනිස් ඔහුට පිළිතුරු ලබා දෙනවා. ඒ වේලාවේ ඒ ගැන ඇය කලින් නිවස තුළදී කතා කල නිසා ඉට්ල් එ ගැන දැනගත් බවත් ඒසේ නම් දැන් එ ගැන ඔහුත් සමඟින් ඇයට කියන්නට බැරි ඇයිද කියාත් එම්රේ විමසා සිටිනවා. මේ වේලාවේ ආනිස් විසින් ඔවුනුත් ඒ ගැන දැනගත්තේ ළඟකදී බවත් මීට පෙර ඒ ගැන දැනගෙන නොසිටිය බවත් සෙයිඩා ඔවුන්ටවත් එ පිළිබඳ කිසිවක් නොකියප බවත් පවසනවා. ඉන්පසු කෝපයට පත් වුන එම්රේ සෙයිඩා ආර්ඩා ගැන ඔහුට මෙතරම් කාලයක් නොකියා සිටියේ ඔහුව විවාහ කරගන්නටද කියාත් නැතහොත් ඔහුගෙන් මුදල් ගැනීමටද කියාත් අසමින් සෙයිඩා ගැන වැරදි ආනිස් සමඟින් පවසනවා.

අලි සහ ඔමර්ගේ උපන්දින සාදයට ගොස් යළිත් නිවස කරා පැමිණිනු බහාර්ට සාප් විසින් ඇයත් සමඟින් තනිව කතා කිරීමට යමක් තිබෙන බවත් එ ගැන එළියට ගොස් කතා කිරීමට හැකිද කියාත් අසා සිටියදී බහාර් විසින් ඇඳුම් මාරු කරගෙන ඇය ඔහුත් සමඟින් කතා තරන්නට යන්න එන්නම් කියා පවසා සිටිනවා. ඉතිං ඉන්පසු බහාර් සාප් සමඟින් යාමට සූදානම් වෙන අවස්ථාවේ බහාර් විසින් අයගේ දුරකථනය නිවසේ නැති බවත් ඇය එය තිබු තැන ගැන මතකයක් නැති බවත් පවසා සිටිනවා. ඉන්පසු පිරල්ට දුරකථන ඇමතුමක් ලබා ගන්නා සාප්, බහාර්ගේ දුරකථනය නැති වී ඇති බවත් එය පිරල්ගේ නිවසේ තිබෙනවාද කියාත් විමසද්දී දුරකථනය ඇගේ නිවසේ නැති බව පවසනවා.නමුත් ඇය එලෙස දුරකථනය නැති බව කීවත් ඇය ඒය ළග තබාගෙන තමයි එලෙස ඔවුන්ට බොරු කියන්නේ. ඉතිං දුරකථනය සොයා ගත නොහැකි වුන බහාර් සාප් සමගින් ඔහුට කියන්නට ඇති දේ ගැන දැන ගැනීම සඳහා ඔහුත් සමඟින් එළියට යමින් සිටි අවස්ථාවේ සාප් විසින් රැකියාවක් සොයා ගත් බවත් ඔහුට තිබුන සියළු මුදල් සහ ඔහුගේ සියළු දෑ ස්වාඩ්ස්ගේ නමට ලියු බවත් පවසනවා.

ඉතිං ආනිස්ගෙන් සියළු ඇත්ත ගැන දැනගෙන සෙයිඩාව සොයා පැමිණෙන එම්රේ, ආර්ඩා කියන්නේ ඔහුගේ දරුවාද කියා සෙයිඩාගෙන් විමසනවා. ඒ අවස්ථාවේ කිසිවක් සිතාගත නොහැකි වුන සෙයිඩා අර්ඩා ඔහුගේ පුතා නොවන බවත් අර්ඩාගේ තාත්තා කවුද කියා ඇයවත් නොදන්නා බව කියමින් ඇය එය එම්රෙගෙන් හංඟන්නට උත්සහා කරනවා. ඒ අවස්ථාවේ එ දරුවා ඔහුගේ කියා ඔහු දන්නා බව පවසනවාත් එකක්ම අර්ඩා ඔහුගේ දරුවා නම් ඔහුව ඔහු බාර ගන්නවාද කියාත් සෙයිඩා විමසද්දී මේ සිදුවන සියළු දේ ඇගේ සැලසුමකට සිදුවන දේවල් බවත් ඔහුගෙන් ඇයට මොනවද අවශ්‍ය කියාත් අසනවාත් සමඟම එය දරා ගත නොහැකිව කෝපයට පත් වුන සෙයිඩා ඔහුව නිවසින් ඇඳ දමමින් ඇයට ඔහුගෙනි කිසිදු දෙයක් අවශ්‍ය නැති බව පවසා ඇය ඔහුව නිවසින් එලවා ගන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *