සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ  රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා. මේ වේලාවේ රයිසින් ස්ටාර්ස් ඊළඟ තරඟ වටයට සූදානම් වීම සඳහා වින්ඩි කාමරටවී ලෑස්ති වෙමින් සිටියදී එතැනට වජිරාත් පැමිණෙනවා. මේ වේලාවේ කලබලයෙන් වාගේ කල්පනා කරමින් සිටින වින්ඩිව දකින වජිරා ඇය ප්‍රශ්නයකද සිටින්නේ කියා විමසද්දී එලෙස කිසි ප්‍රශ්නයක් නැති බව කියමින් එම ප්‍රශ්නය වින්ඩි මඟ හරිනවා. ඉතිං මේ වෙද්දීත් වින්ඩි සිතමින් ඉන්නේ අගස්ති සහ ඇය එළියට ගිය අවස්ථාවේ එතැන සිටි සාස්තරකාරිය අගස්ති ගැන කියු දේ ගැනයි. නමුත් මේ කිසිවක් වින්ඩි වජිරා සමඟින් පැවසුවේ නැහැ. එත් එක්කටම වජිරා, ඊෂා එදින ගයනා කල පසු ඇයටමේ තරඟයෙන් ඉවත් වන්නට සිදු වන බවත් ඇගෙ අනාගතය එතැනින්ම ඉවර වෙන බව කනගාටුවෙන් වාගේ වජිරා පවසනවා.  මේ අවස්ථාවේ වජිරාට පිළිතුරු ලබා දෙන වින්ඩි ඇය තවමත් ගායනා කලේ නැති බවත් ඇය එදින හොඳින් ඇගේ ගායනය ඉදිරිපත් කලහොත් ඇය ගැන සිතා බලන බවත් වින්ඩි පවසනවා.

ඉතිං මේ වේලාවේ තරුපති,උඳුල් , අලී සහ ඊෂාගේ පවුලේ අය සියළුදෙනාම රූපවාහිනිය ඉදිරියට ගොස් ඊෂා වේදිකාවේ ගීත ගායනා කරනකන් ඉවසිල්ලක් නැතුවයි බලා සිටින්නේ..ඉතිං එදා දවසේ පළමුවෙන්ම වේදිකාවේ සිය ගායනාව ඉදිරිපත් කරනු ලැබුවේ විශාල්. ඉතිං ඔහුගේ ඒ ගායනවාට සියළුදෙනා වශි වී ඉතාමත් අසාවෙන් ඔහුගේ ඒ ඉදිරිපත් කිරීම දෙස විනිශ්ච මණ්ඩලයත් බලාගෙන සිටියා.මේ වේලාවේ අගස්තිගෙන් විශාල්ගේ ගායනය ගැන අදහස් විමසමින් නිවේදකයා විසින් අගස්තිට මෙලෙස ප්‍රශ්නයක් යොමු කරනවා. ඒ ඔහුත් නුවරඑළියේ සිට පැමිණ මෙසේ ගීත ගායනා කරද්දී තරුණයින්ගේ සිහින කුමාරයා බවට පත් වෙලා ඉන්නට ඇති නේද කියායි. එ වේලාවේ එය ගානකට නොගෙන අගස්ති එලෙස විය හැකි බව පවසමින් විශාල්ව ඉදිරියට ගෙන යෑමට කැමැත්ත ප්‍රකාශ කරනවා.

ඉතිං මෙලෙස විශාල් තරඟයෙන් ඉදිරියට යද්දී දෙවනුව වේදිකාවට පැමිණෙන්නේ ඊෂායි.. මේ වේලාවේ අගස්තිත් වින්ඩිත් නිවේදකයා ඇයව හඳුන්වා දෙන අවස්ථාවේ අගස්තිත් නොඉවසිල්ලෙන් ඇය වේදිකාවට පැමිණෙනවා බලා සිටිනවා. ඉතිං එලෙස වේදිකාවට පැමිණෙන ඊෂා වේදිකාවේ ගීතය ගායනා කරද්දී වජිරා ඉතාමත් අසාවෙන් සතුටින් ඇගේ ගායනාව දෙස බලා සිටිනවා. ඉතිං පසුගිය වටයේදී ඊෂාට තරඟයෙන් ඉදිරියට යාමට හැකිවුයේ වජිරාගේ ගෝලඩන් බසර් එක නිසා වුවත් මේ වටයේදී වජිරාගේ මනාපය මත පමණක් ඊෂාට ඉදිරියට යාමට හැකිවන්නේ නැහැ. මේ වේලාවේ ඊෂා ඇගේ ගායනවා ඉදිරිපත් කර අවසන් වෙනවාත් සමඟම ඇගේ ගායනය ගැන අදහස් පළමුවෙන්ම විමසන්නේ වජිරාගෙනුයි. මේ වේලාවේ ඇගේ ගායනවා ගැන ඉතාමත් හොඳ ප්‍රතිචාර ලබාදෙන වජිරා ඇයට තවත් ගෝලඩන් බසර් එකක් ලබා දෙන්න කියා ඉල්ලීම් කරනවා.

ඉතිං ඇගේ මතය වුයේ ඊෂා අනිවාර්යෙන්ම ඉදිරියට යායුතු බවයි. ඉතිං ඉන්පසු අගස්තිගෙන් ඇගේ ගායනාව ගැන අසද්දී ඔහු කෙලින්ම පැවසුවේ ඇයව තරඟයෙන් ඉදිරියට යැවීමට අකමැති බවයි. ඉන්පසු අවසාන වශයෙන් වින්ඩිගේ තීරනය ගැන අසන අවස්ථාවේ ඇයට සිතාගත නොහැකි වුවා ඇය කුමක්ද කරන්නට ඕනෑ කියා. ඒ වේලාවේ ඇගේ මතකයට ආවේ ගිය වතාවේ ඇය ඊෂාට අකමැති කියු නිසා ඇයට සමාජයෙන් වැදුණ ප්‍රහාර ගැනයි. ඉතිං එලෙස වින්ඩි ඒ ගැන සිතා ඉතාමත් අමාරුවෙන් අකමැත්තෙන් වුවත් ඊෂාව ඉදිරි වටය සඳහා යැවීමට කැමත්ත පල කරනවා. මේ වේලාවේ ඊෂාටත් සමාධිටත් එය සිතා ගත නොහැකි වුවා. මේ වේලාවේ උදුල් සහ අලීත් , සීයා තාත්තාත් නිලුත් ඇය ඉදිරියට යාමට හැකි වු නිසා එ  ගැන ඉතා සතුටු වුවා.

ඉතිං මේ අවස්ථාවේත් එක්වතාවක සිදු වුවා වාගේම ඊෂාව ඉදිරි වටය සඳහා යැවීමට වින්ඩි කැමති වු නිසා ඒ ගැන කෝපයට පත් වුන අගස්ති කේන්තියෙන් එතැනින් පිටවෙනවාත් සමඟම වින්ඩි ඔහු පසු පස පැමිණ හඬමින් සිදු වු දේ තේරුම් කරදීමට උත්සහා කරනවා..ඒ වේලාවේ ඇය වෙනුවෙන් හැමදේම කරද්දීත් ඇය ඊෂාට කැමැත්ත පළ කල බව කියමින් ඔහුව සියළුදෙනා ඉිදිරියේ ලැජ්ජාවට පත් කල බවත් තේමීයගේ කීමට ඇය එලෙස ඊෂාට කැමැත්ත ප්‍රකාශ කල බවත් කියා සිටිනවා. ඒ වේලාවේ වින්ඩි විසින් තේමීය ඇයට කිසි බලපෑමක් කලේ නැති බවත් ඇයට වෙන කරන්නට දෙයක් තිබුනේ නැති බවත් පැවසුවත් අගස්ති ඒ කිසිවක් පිළිගන්නට කැමති වුයේ නැහැ. මෙලෙස වින්ඩිට චෝදනා කරන අගස්ති ඇයව මඟ දමා වාහනයට නැග වින්ඩි ඔහුගේ පසුපස පැමිණෙද්දීත් ඇය දමා යනවා. ඉතිං ඉන්පසු උදෑසනින්ම අගස්තිගේ නිවසය පැමිණෙන වින්ඩි දොරට තට්ටු කරනවා. මේ වේලාවේ දොර විවෘත කරන අගස්ති වින්ඩි දැක කිසිවක් නොකියාම යළිත් දොර වසා දමනවා. ඉතිං ඉන්පසු යළිත් වින්ඩි එතැනටම වී සිටි නිසා අගස්ති දොර විවෘත කර ඇයට ඇතුළට එනන්ට ඉඩ දෙනවා.ඉන්පසු වින්ඩි ඇයට එදින වෙන කරන්නට දෙයක් තිබුනේ නැති බවත්, පසුගිය වටයේ ඊෂාට අකමැත්ත ප්‍රකාශ කල නිසා ඇයට ගොඩක්දෙනාගෙන් බැනුම් අසන්නට සිදු වු නිසා ඇය ඒ ගැන සිතා මෙලෙස ඊෂාට කැමැත්ත ප්‍රකාශ කල බව පැහැදිලි කර දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *