සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ  රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා..වින්ඩි සහ අගස්ති ඔවුන්ගේ වැඩක් සඳහා යමින් සිටියදී එතැන සිටි සාස්තරකාරියක් වින්ඩිව නවත්වාගෙන ඇයට සස්තරයක් අහන්න කියා බලා කරමින් අගස්ති සහ වින්ඩි පසුපසින් දිගටම පැමිණෙනවා. නමුත් ඇයගෙන් ඇය කියන්නට යන්නේ මොනවාද කියා වින්ඩිට දැනගැනීමට අවශ්‍ය වුවත් අගස්ති එය ගනකට නොගෙන දිගටම යනවා. ඒ වේලාවේ වින්ඩි විසින් ඇය කියන්නට යන්නේ මොනවාද කියා දැනගමු කිවත් අගස්ති ඇයට එතැන නැවතෙන්නට ඉඩ නොදී එලෙස ඇය පැමිණෙන්නේ ඔවුන්ගෙන් මුදල් ගන්නට බව කියා සිටිනවා.

මේ වේලාවේ අගස්ති දිගින් දිගටම ඇයට යන්නට එපා කියද්දීත් වින්ඩි එම සාස්තරකාරිය ළඟට යනවා.එත් සමඟම ඇයව ගනන් නොගෙන ගිය අගස්තිට ඇසෙන්නට එම සාස්තරකිරිය විසින් අගස්තිගේ දරුවා ළඟදීම ඔහු සොයා පැමිණෙන බව මහ හයියෙන් කෑගසා කියනවා. ඒ අවස්ථාවේ වින්ඩිට ඒ කිසිවක් සිතා ගත නොහැකිව අගස්ති දෙස බලා සිටිනවා.  මේ අතරේදී අගස්තිත් සමඟ යමින් සිටින අතරේ වින්ඩි විසින් එම සාස්තරකිරිය කිවේ කුමක්ද කියාත් ඇය එලෙසද කීවේ ඇයි දැයි කියාත් විමසද්දී ඇයට අවශ්‍ය වුයේ ඔවුන් දෙදෙනා අතර ප්‍රශ්නයක් ඇති කරන්නට බවත් එය තේරුම් ගන්නට ඇයට බැරිද කියාත් අසමින් ඔහු කරන්නට ආ කර්යයත් ඔහුට කරගන්නට බැරි වුන බව අගස්ති කේන්තියෙන් යුතුව පවසා සිටිනවා. එ කොහොම වුනත් වින්ඩිට මේ වෙද්දී එම සාස්තරකාරිය කියු දේ ගැන හිතේ සැකයක් මතුවෙලයි තිබෙන්නේ.

මේ අතරදී සමාධිගේ නිවසට පැමිණෙන නිලූ පැත්තකට වී කල්පනා කරමින් සිටියදී එතැනට පැමිණෙන සමාධි ඇයගෙන් ඇය මෙතරම් කල්පනා කරන්නේ මොනවා ගැනද කියා විමසා සිටිනවා. ඒ අවස්තාවේ ඇය කොළඹට ගිය අවස්ථාවේ අගස්තිව මුණ ගැසුණ බවත් ඔහු ඇයව මඟ හැර යන්නට හැදු බවත් නමුත් ඇය ඔහු ළඟටම ගොස් ඔහුව නවත්වා ගනිමින් කතා කල බවත් පවසනවා. ඒ වේලාවේ ඊෂා කියන්නේ ඔහුගේම දුව බව ඇය කියන්නට උත්සහා කලත් එතැනට වින්ඩි පැමිණ අගස්තිට කතා කල නිසා ඇයට ඒ ගැන අගස්ති සමඟින් කතා කිරීමට නොහැකි වුන බව නිලූ කණගාටුවෙන් සමාධිත් සදමඟින් කියා සිටිනවා. මේ විදියට අගස්ති ගැන ඔවුන් දෙදෙනා කතා කරමින් සිටියදීම එකපාරටම ඊෂා එතැනට පැමිණෙනවා. ඉතිං ඒ වේලාවේ ඊෂා විසින් අගස්ති ගැන ඇය තවත් නොදන්නා දේවල් මොනවද කියා නිලූගෙන් විමසද්දී ඇයට කියන්නට දෙයක් නොමැතිව නහඬ වෙනවා. මේ වේලාවේ ඊෂා වේදනාවෙන් යුතුව ඇය අගස්තිගේ දුව බව ඔහමු අනිවාර්යෙන්ම දැනගත යුතුව තිබෙන බව පවසමින් හඬගෙන එතැනින් පිටව යනවා. ඉතිං ඉන්පසු දුකෙන් සිටින ඊෂා ළඟට පැමිණෙන සමාධි ඇය තවමත් අගස්ති ගැන සිතමින්ද සිටින්නේ කියා විමසද්දී ඇයට අගස්ති ළඟට යන්නවත් ඔහුගේ ආදරය ලබා ලබන්නවත් අවශ්‍ය නැති බවත් නමුත් ඔහුගේ දුව ඇය බව පිළිගත යුතු බවත් කියා සිටිනවා.

පසුදින උඳුල් සහ අලීව හමුවන්නට පැමිණෙන ඊෂා ප්‍රශ්නයක සිටින බව දැනුන උඳුල් ඇය එලෙස අවුලෙන් වාගේ කල්පනා කරමින් සිටින්නේ මොනවා ගැනද කියා විමසනවා.මේ වේලාවේ අසපුව වෙන කෙනෙකු බලෙන් අරගන්න හදන හෙයින් එලෙස සිදුවුවහොත් සිදුවන්නේ ලොකු අපරාධයක් බව ඊෂා පවසනවා. ඒ වේලාවේ ඔවුන්ගේ කතාවට එකතු වන අලී කෙසේ හෝ එය සිදු වන්නට ඉඩ නොදී සියළුදෙනා එකතු වී අසපුව බේරා ගන්නට උත්සහ කරමු කියා පවසනවා. ඉතිං ඉන්පසු ඊෂා ඔවුන් සමගින් කතා කර යන්නට සූදානම් වෙද්දී උඳුල් ඇය ළඟට පැමිණ හෙට දින පැවැත්වීමට තිබෙන තරඟයෙන් ඇයට ජයග්‍රාහණය කරන්නට ලැබෙන්න කියා සුභ පතමින් ඇය එලෙස ජයග්‍රාහණය කර එනතුරු ඔවුන් බලා සිටින බව පවසා සිටිනවා.

පසුදා උදෑසනින්ම ඊෂා සහ සමාධි කොළඹ බලා යන්නට සූදානම් වෙමින් සිටියදී සීයා තාත්තා ඊෂා ළඟට පැමිණ වේදනාවෙන් යුතුව ඇයට පරිසමින් ගිහින් එන්න කියා පවසා සිටිනවා. ඉතිං ඉන්පසු ඊෂා සීයා තාත්තිාග් අශිර්වාදයත් සමඟ නිවසින් කොළඹ බලා පිටත් වෙනවා. ඉන්පසු ඊෂා සමාධි සමඟින් තරඟ පැවැත්වෙන ස්ථානයට පැමිණෙන අවස්ථාවේ අගස්තිත් වින්ඩි සමගින් ඔවුන් ඉදිරියට පැමිණෙනවා. ඔය අවස්ථාවේ සමීර එදින තරඟවැදීම සඳහා සිටින්නේ ඉතාම දක්ෂ අය බව අගස්තිත් සමඟින් කියද්දී ඇය ඊෂාට දැනෙන්නට තරඟය තුළ හොඳයි කියා සිතාගෙන සිටින අය  එදින තරඟයෙන් ඉවත් වන්නට ඉඩ තිබෙන බව පවසමින් වින්ඩිත් සමගින් අගස්ති එතැනින් පිට වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *