සතියේ දින පහේම රාත්‍රී 8.30ට හිරු ටීවි නාළිකාව ඔස්සේ විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.. මේ වේලාවේ එදින කව්‍යා පැමිණ ඔවුන් සමඟින් රණ්ඩුවට පැටලුනේ ඇයි දැයි රේහානා ඊෂා සමඟින් කතා කරමින් සිටිනවා. ඔය අතරේ එැතනට පැමිණෙන සමාධිගෙන් ඊෂා ඔවුන් විනෝද චාරිකාවක් යන්නද කියා අසනවා. මේ වේලවේ ඇය වැඩි කැමැත්තක් නැතිව වාගේ ඔවුන් සමඟින් යන්නේ කවුරුන්ද කියා විමසනවා. ඒ වේලාවේ සීයාගෙන් එයට කැමත්ත ලබා ගතහොත් ඇය ඊට අකමැති වන්නේ නැතිද කියා ඊෂා සමාධිගෙන් විමසනවා. මේ වේලාවේ රේහානාත් එක එක දේවල් කියමින් ඊෂාව ඇය හොඳින් පරිස්සමට බලා ගන්නම් කියමින් සමාධිව ඊට කැමති කරවා ගන්නට උත්සහා කරනවා.

ඉතිං ඉන්පසු රෑ කෑම සියළුදෙනා මේසයට වී ගනිමින් සිටින අතරේ ඔවුන් බමෙලෙස විනෝද ගමනක් යෑමට අවශ්‍ය බව සීයා සමඟින් පැවසු පසු සීයා විසින් එම ගමනට ඔවුන් සමඟින් යන්නේ කවුරුන්ද කියා විමසනවා. මේ වේලාවේ සීයාත් ඔවුන්ගේ එම ගමනට වැඩි කැමැත්තක් නොදැක්වු නිසා රේහානාත් ඔවුන්ගේ එම කතාවට මැදිහත් වෙමින් ඇයගේ අම්මාගේ හිතුවතකුත් ඔවුන් නවාතැන් ගන්නා තැන සිටින බව කියමින් ඔහුව කැමති කරවාගන්නට උත්සහා කරනවා. ඒ වේලාවේ සීයා එයට අකමැති වු නිසා ඊෂා හිත රිද්දගෙන ඇය නැතිව ඔවුන් පමණක් එම ගමන් ගිහින් එනන් කියා පවසද්දී ඊෂා සිටින්නේ සතුටින් නොවන බව දැනගත් සීයා ඔවුන්ට යාමට ඉඩ දෙන්නම් නමුත් ඔවුන් සමඟින් යාමට වෙළුත් එක්කගෙන යායුතු බව පවසා සිටිනවා.  පසුදා උදෑසනින්ම උඳුල් අලී සමඟින් තරුපතිගේ ජීප් එකත් රැගෙන ඊෂාව සහ රේහානාව රැගෙන යන්නට ඊෂාගේ නිවසට පැමිණෙනවා. ඉතිං ඉන්පසු සියළුදෙනා ගමන යාමට සමාධිගෙන් සහ සීයාගෙන් අශිර්වාද අරන් නිවසින් පිටත් වෙනවා.. ඉතිං මේ වේලාවේ සීයා සහ සමාධි ඇය එලෙස යනවාට කැමත්ත දුන්නාට හිතින් ඇය එලෙස යැවු එක ගැන දුකින් සිටින්නේ. හේතුව ඊෂාට මොනම හෝ කරදරයක් වෙතැයි ඔවුන් හැම අවස්ථාවෙකම බියෙනුයි සිටින්නේ..

ඔය අතරේදී කොළඹට පැමිණෙන නිලු ඔහුගේ සැමියා සමඟින් දුරකථනයෙන් කතා කරමින් සිටියදී ඇය දකිනවා ඇය සිටින දෙසට අගස්ති සහ වින්ඩි පැමිණෙනවා. ඒ වේලාවේ ඔහුව දකින නිලූ දුරකථනය විසන්ධි කරමින් අගස්තිට කතා කර ඇයව අඳුරගන්නට බැරිද කියා විමසමින් ඇය නිලූ බව පවසනවා. ඒ වේලාවේ මඳ සිනහාවක් පාන අගස්ති ඇයගෙන් සැප දුක් විමසමින් කතා කරමින් සිටිනවා. ඒ වෙලාවේ පහුගිය දිනක තිබු ප්‍රසංගයට ඇය ඊෂා සහ සමාධි සමඟින් පැමිණි බවත් එදින ඇයට ඔහු සමඟින් කතා කරන්නට බැරි වුන බවත් පවසනවා. එය කියනවාත් සමඟම අගස්තිගේ මුණ ටිකක් වෙනස් වුවා. එත් එක්කම නිලූ විසින් ඇය ඔහුව හමුවන්නට සිටියේ කියාත් ඔහුට කියන්නට වැදගත් දෙයක් ඇති බව කියනවාත් සමඟම එතැනට වින්ඩි පැමිණ අගස්තිට යමු කියද්දී අගස්තිත් නිලුව මග හරිමින් වෙන දවසක මුණ ගැසෙමු කියා ඇයත් සමඟින් කතා නොකරම වින්ඩි සමඟින් එතැනින් යනවා.  වත්තේ වැඩ කරමින් සිටින සමාධි ළගට පැමිණෙන ඇගේ තාත්තා ඊෂා ඇයට කතා කරාද අසමින් ඇය පරිස්සමින් සිටිනවාද කියා විමසනවා. ඒ වේලාවේ ඇය කතා කර බවත් ඇය ඉතා සතුටින් සිටින බවත් පවසනවා. ඔය අතරේ සීයාතාත්තා විසින් නිලූ කිසිමදිනෙක අගස්ති කියන්නේ ඊෂාගේ තාත්තා බව ඊෂාට කියනකක් නැ නේද කියා විමසනකොට ඊෂා කවදා හෝ දවසක ඇගේ තාත්තා අගස්ති බව දැනගනි කියද්දී එය ඊෂා කිසිදිනක දැනගත යුතු දෙයක් නොවන බවත් ඊෂාගේ තාත්තා මැරුණ බවත් කියමින් ඔහු එතැනින් පිට වෙනවා.

‍මේ වේලාවේ නවාතැන් ගන්නා තැනට පැමිණ සිටින උඳුල් සහ අලී ගිනිමැලයක් පත්තු කරමින් කතාබහ කරමින් ඉන්න අතරතුරේ උඳුල් ළඟට පැමිණෙන අලී ඊෂාට ඔහුගේ හිතේ තිබෙන්නාවු දේ ගැන ඇයට කියමු කියා පවසද්දී ඒ ගැන කල්පනවා කරන උඳුල් එය එදින අහන එක සුදුසුද කියා අලිගෙන් විමසනවා. ඒ අවස්ථාවේ රයිසින් ස්ටාර්ස් තරඟය ඉවරවෙන තෙක් බලා නොසිටින එදින අසන්න කියා අලී උඳුල්ට බල කරනවාතක් සමඟම එතැනට ඊෂා සහ රේහානා පැමිණෙනවා. එලෙස පැමිණ මොනවාද අසන්නද උඳුල්ට බල කරේ කියා ඊෂා විමසද්දී උඳුල් බොරුවක් ගොතමින් එය මඟ හරිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *