සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා..රදීෂ් පාරේ සිටිනවා දැක ඔහු ළඟට පැමිණෙන ලිහිණි ඔහු ගෙදර ගියේ නැතිද අසනවා.ඒ අවස්ථාවේ ඔහු ගෙදර නොව ඔහු රට යන බව පවසද්දී එවැනි මෝඩ තීරණයක් ඇය නිසා ගන්නට එපැ කියා ලිහිණි රදීෂ්ගෙන් ඉල්ලා සිටිනවා.ඒ වේලාවේ දිගින් දිගටම ඔහුගේ හිතේ ඇය ගැන තිබෙන්නා වු ආදරය ගැන රදීෂ් කිවත් එය ඔහුට රට යන්නට හේතුවක් වන බව පිළිගත්තේ නැහැ.ඉන්පසු ඇයට ඔහුත් සමඟින් කතා කරන්නට දෙයක් ඇති බව කියමින් නිදහස් තැනකට ගොස් ඒ ගැන කතා කරමු කියා පැවසු පසු රදීෂ් එයට කැමති වී ඇයත් සමඟින් යනවා.මේ වේලාවේ ලිහිණි රදීෂ්ගෙන් ඇයට එතරම් කරන්න හේතුව කුමක්ද කියා විමසමින් ඇය ඔහුට කැමති නැ කියු සැණින් ඔහු මෙලෙස සියළු දේ අත්හැර රට යන්නට හිතුවේ ඇයි කියා විමසනවා.

ඒ අවස්ථාවේ ඔහුත් එලෙස රට යන්නට තීරණය ගත්තේ අපහසුවෙන් බවත් නමුත් ඔහුට ඇයව ලැබෙන්නේ නැතිනම් ඔහු කෙසේ හෝ හිද හදගෙන මෙලෙස යාමට වන බව පවසනවා. ඒ වේලාවේ ඔහු එලෙස ඇය දමා ගියහොත් ඇය සතුටින් හිඳි කියා ඔහු සිතනවාද කියා ලිහිණි විමසද්දී ඔහු මෙලෙස ඇයගේ පස්සෙන් එන එක ඇයට කරදරයක් බවත් එම නිසා ඔහු ගිය පසු ඇයට සතුටින් පාඩුවේ ජිවත් වන්නට ඉඩ ලැබෙයි කියා රදීෂ් වේදනාවෙන් පවසා සිටිනවා. ඔහු ඇය ගැන කෙසේ සිතුවත් ඇයට ඔහු හොඳ යළුවකු වු බවත් ඇයට ඔහු ආදරය කරයි කියා සිතුවේ නැති බවත් රදීෂ් ගැන දුකින් ලිහිණි පවසනවා. එත් එකක්ම ඔහුට රට යන්න එපා කියාත් ඔහු ගැන ඇයටත් ආදරයක් ඇතිවෙයිද කියා බලන් ඉමු කියා ලිහිණි සිනාසෙමින් රදිෂ්ට පවසනවා.ඉතිං ඉන්පසු ලිහිණි ඒ කියු දෙයින් ඇයටත් ඔහු ගැන ආදරයක් ඇති වී තිබෙන බව දැනුන රදීෂ් සතුටින් ඇය දෙස බලමින් ඇගේ අතින් අල්ලාගෙන සිටිනවා. ඉතිං ඉන්පසු බෝඩිමට පැමිණෙන ලිහිණි දේව්මිගේ පාටියට යන්න සූදානම් වෙමින් සිටියදී ඇය ඉක්මනින් ලෑස්ති නොවි පරක්කු වෙමින් සිටි නිසා පවනි ඇගේ යහළුවත් සමඟින් ඇයට විහිළු කරමින් සිටියදී රදීෂ් එදින ලංකාවෙන් යනවාද කියා ලිහිණිගෙන් විමසද්දී ඔහු ඇයව දමා කොහේ යන්නද කියා ලිහිණි සිනාසෙමින් ඔවුන් ඉදිරියේ පවසද්දී ඔවුන් විස්මයට පත් වෙමින් එය අදහාගත නොහැකි වුන පවනි ඇය ඔහුට කැමත්ත දුන්නාද කියා ලිහිණිගෙන් විමසනවා. ඉතිං ඉන්පසු ලිහිණි එය ඇත්තක් බව පවසනවාත් එක්කම පවනි සතුටින් ඇයව වැළඳගෙන ඇයට සුභ පතමින් ඇය ඒ ගත් තීරණය ගැන ඇය ගොඩක් සතුටු වන බව පවසා සිටිනවා.

ඉතිං පසුදා නින්දෙන් ඇහැරී සාලයට පැමිණෙන අනුහස්ගෙන් පෙරදින රාත්‍රියේ කොහේද ගියේ කියා උදේනි විමසනවා. ඉතිං මේ වේලාවේ රදීෂ් පෙර දින රාත්‍රියේ ඔවුනට පාටියක් දුන් බවත් එම නිසා ගෙදර එන්න පරක්කු වු බවත් අනුහස් පවසමින් සිටයදී එතැනට රදීෂ් පැමිණෙනවාත් සමඟම අනුහස් කෑසමින් ලිහිණි රදීෂ්ට කැමැත්ත ලබා දී තිබෙන බව උදේනි සමඟින් පවසනවා. ඉතිං මේ වේලාවේ ලිහිණි කියන්නේ හොඳ දරුවෙක් බවත් එහෙයින් හෝඳ දේවල් ලෙසියෙන් ලබා ගන්න බැරි බවත් ඒවා පරක්කු වී ලැබෙන්නේ කියාත් උදේනි සිනාසෙමින් පවසනවා. මේ වේලවේ අනුහස් නම් අක්ෂා සමඟින් යාළු වුන බව ඇයට නොකියපු බවත් එය අක්ෂාගේ අම්මා පැමිණ කියනතෙක් ඒ ගැන අනුහස් කිසිවක් නොකියපු බවත් උදේනි අවුලින් වාගේ පවසනවා. ඔය අතරේ අමීෂා ඇගේ තාත්තා සමඟින් කතාබහ කරමින් සිටින තැන පැමිණෙන නිලු ඇගේ සැපදුක් අසමින් ඇයව මතක් වු නිසා මෙලෙස බලා යන්න ආ බව පවසනවා. මෙ වේලාවේ ඇය පසුගිය දවස් ටිකේ ටිකක් අසනීප වුන බවත් එම නිසා අමීෂා සමඟින් කතා කරන්නට ඒමටත් බැරි වුන බව පවසා සිටිනවා.ඉතිං ඒ වේලාවේ කපටිකමින් අමීෂා සමඟින් කතා කරන නිලු ආ ගිය තොරතුරු ගැන කපටිකමින් දැනගනිමින් ඉන්පසු ඒ සියළු දේ ගැන මේනක සමඟින් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *